පාර්ලිමේනතු මන්ත්‍රි රවී කරුණානායක මහතා එක්සත් ජාතික පක්ෂයේ උපනායක ධුරයෙන් තාවකාලිකව ඉවත් කිරීමට තීරණය කර ඇති බව දේශපාලන ආරංචි මාර්ග වලින් වාර්තාවේ .
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (30) දින අරලියගහ මන්දිරයේදී පැවති රැස්වීමකදී මෙම තීරණය ගෙන ඇත.
ශ්‍රී ලංකා මහබැංකුවේ බැඳුම්කර නිකුත් කිරීම පිළිබඳව පරීක්ෂණ කළ ජනාධිපති කොම්ෂන් සභා වර්තාව අධ්‍යයනය කිරීමට එක්සත් ජාතික පක්ෂය විසින් පත්කරන ලද ත්‍රිපුද්ගල කමිටු වාර්තාවේ නිර්දේශ අනුව මෙම තීරණය ගෙන තිබෙන බව වාර්තාවේ.
බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ කටයුතු අවසන්වනතුරු හිටපු මුදල් අමාත්‍ය රවී කරණානායක මහතා එක්සත් ජාතික පක්ෂයේ උපනායක ධූරයෙන් තාවකාලිකව ඉවත් කිරීමට සහ රවී කරුණානායක මහතාට එක්සත් ජාතික පක්ෂයේ ජාතික මට්ටමේ වැඩසටහන්වලට තාවකාලිකව සම්බන්ධ නොවන ලෙසටද මෙම කමිටුව මඟන් නිර්දේශකොට ඇති බව වාර්තා වේ.
මෙම කමිටුවේ සභාපති විදේශකටයුතු අමාත්‍ය තිලක් මාරපන මහතා විසින් කමිටු වාර්තාව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට බාරදෙන ලදී.
පාස්කු ප්‍රහාරය එල්ල කළ මරාගෙන මැරෙන බෝම්බකරුවන් දෙදෙනෙකුගේ පියාවන, ජවිපෙ ජාතික ලැයිස්තුවේ සාමාජික, දෙමටගොඩ මහවිල උද්‍යානයේ...
ආණ්ඩුවේ ස්වාධින වූ පක්ෂ නායකයින්ගේ සාකච්ඡාවකින් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් ආණ්ඩුවෙන් ස්වාධීන වූ පක්ෂ එක්ව සන්ධානයක් ගොඩනැගීමට ත...
යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන වන 21 වන ව්‍යවස්ථා සංශෝධනය සහ 22 වන ව්‍යවස්ථා සංශෝධනය ශ්‍රේෂ්ඨාධිකරණ...