දේශීය පුවත්

ජාතියේ ආරක්ෂාව තහවුරු කිරීමේ සිය පරම වගකීම රජය විසින් බරපතල අයුරින් සැලකුවේ නම්,පසුගියදා සිදුවූ අන්තවාදී ත්‍රස්ත ප්‍රහාරයෙන් සිදුවූ ජීවිත හානි සියල්ලම වලක්වාගත හැකිව තිබුණුු බව ජාතික ඒ්කාබද්ධතා කමිටුව පවසයි.

හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එච්. එම්. ජී. බී. කොටකදෙනිය (විශ්‍රාමික). මහතාගේ අත්සනින් යුතු ලිපියක් මාධ්‍ය ‌වෙත ‌යොමු කරමින් ‌මේ බව අවධාරණය කර ඇත.

වසර 30 ක යුද්ධය අවසානයේදී ශ්‍රී ලංකාව යථා තත්වයට පැමිනෙමින් සිටි බවත් රජය වෙත කලින් කලට ලැබී තිබුන රහස් තොරතුරු වාර්තා විසින් සම්පූර්ණයෙන්ම නොසලකා හැර තිබීම පිළිකුලෙන් යුතුව ‌හෙළා දකින බව ද එම ලිපිය මගින් ‌අවධාරණය කර ඇත.

ඉස්ලාම් අන්තවාදය ‌මෙරටින් තුරන් කළ යුතු බවත් ඒ්සදහා වන ‌යෝජනා ‌මෙම ලිපිය මගින් රජයට ඉදිරිපත් කරන බවද අවධාරණය කර තිබේ.

සම්පූර්ණ ලිපිය පහතින්

2019 අප්‍රේල් මස 29 දින

ප්‍රවෘත්ති නිවේදනය

ඉස්ලාමීය ත්‍රස්තවාදීන් විසින් දියත් කරන ලද සමූහ ඝාතන පිළිබඳව ජාතික ඒකාබද්ධ කොමිටියේ ප්‍රකාශය

ප්‍රධාන පෙල දේවස්ථාන හා කොළඹ ප්‍රමුඛ හෝටල් කීපයකදී ශුද්ධවූ පාස්කු දිනයේදී, නොමග ගිය ඉස්ලාම් භක්තික ත්‍රස්තවාදී කණ්ඩායමක් විසින් ක්‍රියාත්මක කරන ලද කුරිරු සමූහ ඝාතනය ශ්‍රී ලංකාවේ ජාතික ඒකාබද්ධ කොමිටිය විසින් නොපැකිල ලෙස හෙලා දකී. විදේශිකයන් 40 ක් පමණ ඇතුලු 350 කට අධික සංඛ්‍යාවකට මරණය ලඟාකල හා පුද්ගලයින් 500 කට අධික සංඛ්‍යාවක් තුවාල සිදු කරන ලද පාස්කු දින මෙම ශෝකාන්තය, එල්ටීටීඊ භීෂණය සාර්ථක අයුරින් වසර දසකට පෙර මුලිනුපුටා දැමූ ශ්‍රී ලංකිකයින්ට අනපේක්ෂිත ව්‍යසනයක් විය.

වේදනාවලට ලක්වූ එම පවුල්වල අයට ජාතික ඒකාබද්ධ කොමිටිය විසින් සිය හෘදයංගම ශෝකය පලකරනු ලබයි.

ජාතිය මෙම ශෝකාන්ත ප්‍රහාරයට ලක්වන අවස්ථාවේදී වසර 30 ක යුද්ධය අවසානයේදී ශ්‍රී ලංකාව යථා තත්වයට පැමිනෙමින් සිටියාය. රජය වෙත කලින් කලට ලැබී තිබුන රහස් තොරතුරු වාර්තා එය විසින් සම්පූර්ණයෙන්ම නොසලකා හැර ඇති බව අපි පිළිකුලෙන් සටහන් කරන්නෙමු. ජාතියේ ආරක්ෂාව තහවුරු කිරීමේ සිය පරම වගකීම රජය විසින් බරපතල අයුරින් සැලකුවේ නම්, මෙම මරණ සියල්ලම වලක්වාගත හැකිව තිබුණි.

අපගේ රහස් ඔත්තු සේවා නිලධාරීන්ට එරෙහිව ප්‍රමාණවත් සාක්ෂි නොමැතිව ඔවුන්ව බන්ධනාගාර ගත කිරීමේ මුග්ධ බව අප විසින් අවස්ථා කීපයකදී පෙන්වාදී තිබේ. මේ දක්වා මෙම නිලධාරීන්ට එරෙහිව කිසිම පැමිණිල්ලක් ගොනුකර නොමැත. මෙම නිලධාරීන්ගෙන් අවම වශයෙන් හෝ ස්වල්ප දෙනෙකුට නඩු විභාගය තෙක් ඇප ලැබී ඇත්තේ අධිකරණයේ මැදිහත් වීමෙනි.

අපගේ ආරක්ෂක හමුදාවන්ට දඩුවම් දීමට කැස කවන ශ්‍රී ලංකා විරෝධී කණ්ඩායම් වල ඉල්ලීම මත අපගේ වීරෝධාර රණවිරුවන්ට එරෙහිව දණ්ඩනීය ක්‍රියාමාර්ග ගැනීමේ රජයේ ප්‍රතිපත්තිය අප තරයේ හෙලා දකිමු.

වසර 30 ක යුද්ධය අවසන් කිරීමට බෙහෙවින් උපකාරීවූ ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත අවලංගු කිරීමට හා අපගේ ජාතික ආරක්ෂාව අනතුරේ හෙලමින් ඒ වෙනුවට දුර්වල නීතියක් ප්‍රතිස්ථාපනය කිරීමට අප විසින් එකඟත්වය පලකරමින් ශ්‍රී ලංකාවට එරෙහිව අංක 30/1 දරණ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ යෝජනාවට සමදායකත්වය දැක්වීමේ රජයේ අදූර දර්ශී තීරණය ගැන අපගේ බලවත් කණගාටුව ප්‍රකාශ කරමු.

දැනට විදේශ ගතව ශ්‍රී ලංකාවට එරෙහිව ත්‍රස්තවාදී ක්‍රියාවල නියැලී සිටින “හිටපු පුරවැසියන්ට“ එරෙහිව මෙම නීතිය යටතේ ඔවුන් විසින් පුරවැසි භාවය ලබා ඇති රටවල අවසරය නොමැතිව නඩු පැවරීම වැලැක්වෙන වගන්ති, දැනට පාර්ලිමේන්තුව අභිමුඛයේ තිබෙන ප්‍රතිත්‍රස්තවාදී නීතියේ ඇතුලත්වේ. ඒ අනුව, ශ්‍රී ලංකාවේ පුරවැසි භාවය අත්හැර සිටින හා එල්ටීටීඊ දෙමල ඩයස්පෝරාවේ හා වෙනත් අන්තවාදීන්ගේ සංයුතියට අයත් හිටපු ත්‍රස්තවාදීන්ට යෝජිත ප්‍රතිත්‍රස්තවාදී නීතියේ හස්තය දිගුකල නොහැක.

මෑත ප්‍රචණ්ඩත්වයට වගකිව යුතු කොටස් විසින්ම මෙම නීතිය සකස් කර තිබෙන බව දැන් පැහැදිලිය. නොඑසේ නම්, යෝජිත අපගේ නීතියට එවන් බැහැර කිරීමේ වගන්ති රිංගවන්නට නොහැක.

මෙම දුෂ්ඨ ක්‍රියාවට ශ්‍රී ලංකා රජය කොටස් කරුවෙකුව සිටීම ශෝචනියවේ.

ඒ අනුව. අප විසින් රජයෙන් ඉල්ලා සිටින්නේ:

(1) වහාම ක්‍රියාත්මක වන පරිදි වහාබි අන්තවාදී ප්‍රචණ්ඩත්වය හා වහාබි අන්තවාදී මතවාදය ප්‍රචාරය කරනු ලබන පහත සංවිධානද ඇතුලුව සියලුම අන්තවාදී සංවිධාන නිත්‍ය වශයෙන් තහනම් කිරීම:

(අ) ශ්‍රී ලංකා තවුහීඩ් ජමාත්
(ආ) ජාතික තවාහීඩ් ජමාත්
(ඇ) ජාතිය තවාහීඩ් ජමාත්
(ඈ) තමිල්නාඩු තවාහීඩ් ජමාත්
(ඉ) Tharnl Athar Athavia
(ඊ) අයිඑස්අයිඑල්
මෙය කල යුත්තේ එල්ටීටීඊ සංවිධානය තහනම් කිරීම පිණිස 1978 වසරේදී නීතිගත කරන ලද පරිදි අවශ්‍ය නීති සම්පාදනය කිරීමෙනි.

(2) ජාතිවාදී හා ආගම්වාදී වෛරය හා අන්මත නොඉවසීම වපුරන ශ්‍රී ලංකාවේ සියලුම නීති විරෝධී මඩරාසා පාසැල් වහාම වසා දැමීම

(3) ප්‍රචණ්ඩත්ව නැඹුරුවකින් යුත් කිසියම් අන්තවාදී මතවාදයක් රට තුල ප්‍රචලික වීම වැලැක්වීම පිණිස, රජයේ අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක රාජ්‍ය විශ්වවිද්‍යාල පීඨයක මණ්ඩපයක් වශයෙන්

මිස ඉස්ලාමීය දේවධර්මය ඉගැන්වීම පිණිස, මඩකලපුව පෞද්ගලික සරසවි මණ්ඩපය වැනි කිසිම පෞද්ගලික විශ්වවිද්‍යාලයක් අනුමත කිරීමෙන් වැලකීම.

(4) අත්අඩංගුවේ සිටින සියලුම රහස් ඔත්තු සේවා නිලධාරීන් මුදවා හැර, අපගේ ආරක්ෂක සේනාවලට එරෙහිව අරඹා ඇති නඩු පැවරීම් සියල්ලම සමාප්ත කිරීම

(5) 2009 මැයි මස 09 දින ක්‍රියාත්මව තිබුන යුද හමුදා කඳවුරුවලින් කිසිවක් හෝ දැනටමත් වසා දමා ඇත්නම්, ඒවා නැවත ස්ථාපිත වන බවට වගබලා ගැනීම

(6) අයිඑස් ත්‍රස්තවාදය තුරන් කිරීමට ශ්‍රී ලංකාවට උදව් කිරීමේ පිටතට පෙනෙන මුවාවෙන්, ශ්‍රී ලංකාව තුල කිසිම විදේශීය සන්නද්ධ පුද්ගලයින්, විදේශීය හමුදා සේවා හා රහස් ඔත්තුකරුවන්ට
ක්‍රියාත්මක වීමට ඉඩ නොදීම. ශ්‍රී ලංකාවේ පිහිටි කිසියම් විදේශීය තානාපති කාර්යාලයකට යා කිරීමක් වශයෙන් ක්‍රියාත්මක වන්නේ නම්, ඔවුන්ගේ මෙහෙයුම් ගැන රජයට විපරමක යෙදිය හැකිවන
පරිදි, එවැනි රාජ්‍යයක ආරක්ෂක ඒජන්සියක් විසින් ශ්‍රී ලංකා රජයේ ලියාපදිංචිවීම අවශ්‍යතාවයක් කෙරෙන නීති රජය විසින් වහාම පැනවිය යුතුයි.

(7) යම් පුද්ගලයෙකුගේ අනන්‍යතාවය හඳුනා ගැනීමට නොහැකිවන පරිදි, නිකාබ්, බුර්ඛා හෝ සමාන ඇඳුම් ඇතුලු ඕනෑම ඇඳුමක් හෝ මුහුණු ආවරණයක් කිසිම ප්‍රසිද්ධ ස්ථානයක පැලඳ සිටීම
පුද්ගලයින්ට තහනම් කිරීම.

(8) ශ්‍රී ලංකාවේ පුරවැසියෙකු නොවන කිසිම සරණාගතයෙකුව පිළිගැනීමෙන් හෝ ශ්‍රී ලංකාවේ රැඳී සිටීමට ඉඩදීමෙන් වැලකීම හා ශ්‍රී ලංකාවේ රැඳී සිටීමට අවසර ලබාදී ඇති සියලුම සරණාගතයන් වහාම
පිටුවහල් කිරීම. අපගේ ජාතික ආරක්ෂාවට බලපාන කරුණුවලට අදාලව දෙමල ජාතික සංධානය හා වෙනත් ජාතිවාදී දේශපාලන පක්ෂ විසින් හැසුරුණ ආකාරය ගැන අපගේ දැඩි පිළිකුල අවසාන
වශයෙන් සටහන් කිරීමට කැමැත්තෙමු. හිටපු විපක්ෂ නායක ආර් සම්පන්දන් මහතා ඇතුලු දෙමල ජාතික සංධානය මෙරට තුලදී හා විදෙස්වලදී නිරන්තරයෙන්ම කියා සිටියේ උතුරු හා නැගෙනහිර
පලාත්වලින් යුද හමුදාව ඉවත් කරන ලෙසයි.

මේ සඳහා ඔවුන්ට සමහර මුස්ලිම් දේශපාලනඥයන්ගෙන් හා විදේශීය මුදල් මත රැඳෙන රාජ්‍ය නොවන සංවිධානවලින් මහඟු සහයක් ලැබුණි.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ හිටපු මහ කොමසාරිස් සිය වාර්තා හා ප්‍රකාශ මගින් අප රටේ හමුදා කඳවුරු අඩුකිරීමේ ඉල්ලීම නිරන්තරයෙන් ඉදිරිපත් කරන ලදී.

හිටපු විදේශ ඇමති මංගල සමරවීර මහතාගේ හැසිරීමද එපරිදිම දුගඳ හමන හා ද්‍රෝහිවේ.

ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර කටයුතුවලට ඇඟිලි නොගසා, දැන්වත් අපට සමාදානයෙන් ජීවත්වීමට ඉඩදෙන මෙන් ඊනියා ජාත්‍යන්තර ප්‍රජාවට අප බලකර සිටින්නෙමු.

මෙයට – හිතෛෂී

එච්. එම්. ජී. බී. කොටකදෙනිය (විශ්‍රාමික). හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති
සහ
ලුතිනන් කර්නල් අනිල් අමරසේකර (විශ්‍රාමික)
සම සභාපතිවරුන්
ජාතික ඒකාබ්ද්ධ කොමිටිය



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More