බෝම්බ ප්‍රහාර හේතුවෙන් ලෝකයේ කිසිම රටක රාජ්‍ය නායකයෙක් පදවියෙන් ඉල්ලා අස් වී නොමැති බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසයි.
ජනාධිපතිවරයා මේ බව පවසා ඇත්තේ පාස්කු ඉරිදා ප්‍රහාර සහ ඉන් අනතුරුව රටේ මතු වී තිබෙන තත්වය ගැන බීබීසීය සමඟ විශේෂ සාකච්ඡාවකට එක්වෙමිනි.
“ලෝකයේ කිසිම රටක බෝම්බ පිපිරුවයි කියල රාජ්‍ය නායකයෝ ඉල්ලා අස්වෙලාත් නෑ, ඒ වගකීම පැහැර හැරලත් නෑ. මම කරන්නෙත් මගේ වගකීම ඉෂ්ඨ කිරීම.” ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.
අයිඑස් ඉස්ලාමීය රාජ්‍ය සංවිධානය ප්‍රහාරය එල්ල කිරීම පිණිස ශ්‍රී ලංකාවම තෝරා ගත්තේ මන්දැයි යන්න තවමත් වටහාගත නොහැකි බව කියා සිටි ජනපතිවරයා, “බලවතුන් සමග ඔවුන්ට හැප්පෙන්න බැරි නිසා ලෝකේ බලවතුන්ට දැනෙන්න අපි වගේ අවිහිංසාවාදී රාජ්‍යයක් තොරගත්ත ද කියන එක ප්‍රශ්නයක්,” බවත් සඳහන් කළේය.
පාස්කු ඉරිදා ප්‍රහාර ගැන රාජ්‍ය ඔත්තු සේවා දිගින් දිගටම අනතුරු ඇඟවීම් කර තිබූ නමුත් ඒ සම්බන්ධයෙන් කටයුතු නොකිරීම “බරපතල පැහැර හැරීමක්” නොවේදැයි බීබීසී මාධ්‍යවේදියා ප්‍රශ්න කළ අවස්ථාවේ ජනාධිපතිවරයා කියා සිටියේ, “ආරක්ෂක ප්‍රධානීන් මේ පිළිබඳව කටයුතු නොකිරීමට” එරෙහිව දැනටමත් අවශ්‍ය පියවර ගෙන ඇති බවය.
“අවම වශයෙන් ඔවුන් මාව දැනුවත් කළේ වත් නෑ, මෙවැනි තොරතුරක් ලැබිල තියෙන බව,” ජනාධිපතිවරයා පවසා ඇත.
සම්පූර්ණ සංවාදයට මෙතැනින් පිවිසෙන්න
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...