දේශීය පුවත්

ඇමෙරිකාව එක්සත් ජනපදය ඇතුළු රටවල් මුලින්ම ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉදිරිපත් කළ යෝජනාවට සමඅනුග්‍රහය දැක්වීම හරහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාත් එවකට විදේශ කටයුතු අමාත්‍ය වූ මංගල සමරවීර මහතාත් මහා පාවාදීමක් කළ බව හිටපු අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පැවැසීය.

හිරු ටී.වී. නාළිකාව හරහා විකාශය වූ සලකුණ සංවාද වැඩසටහනට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.

“ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ජීනීවා යෝජනාවට ශ්‍රී ලංකාවට සම අනුග්‍රහය දක්වන්න බෑ. ඔවුන්ට ලිඛිතව අවශ්‍ය වෙලා තිබුණා ඒ කාරණය. මම ලිඛිතව මේ ගැන සාක්ෂි දුන්නා. හිතුවක්කාර ලෙස ජනපතිතුමාගේ අවසරයක් අනුමැතියක් නොමැතිව ආණ්ඩුක්‍රම ව්‍යවවස්ථාවේ 33/2ඌ වගන්තිය අනුව ජාත්‍යන්තර එක්ක බැඳිච්ච ගිවිසුමක් ගැන තනි අනන්‍ය බලය තිබෙන්නේ ජනපතිට.

ඒ බලය පිළිබඳව නොතකා අගමැති හා මංගල සමරවිර මහතාගේ අවශ්‍යතාව මත මහ පාවාදීමක් එදා කළා සම අනුග්‍රහය දක්වලා. අද හරිනම් අපි නිදහස් වෙන්න ඕන. මොකද ඇමෙරිකාව මානව හිමිකම් කොමිසමෙන් ඉල්ලා අස්වුණා. නමුත් අපි අපිට විරුද්ධව දාගත්ත පැමිණිල්ල තිබෙනවා.

දෙවැනි වතාවටත් වෙන්න යන දේ ගැන මම දැනගත්තා. මම ජනපතිතුමාට කිව්වා. ජනතිතුම දන්නේ නෑ. කැබිනට් මණ්ඩලය දන්නේ නෑ ඒක ජීනීවා වලට යවලා ඉවරයි. ඒක විදේශ කටයුතු අමාත්‍ය තිලක් මාර්පන දන්නේ නෑ. මංගල සමරවීර එන්.ජී.ඕ. ටිකක් එක්ක සකස් කරලා ජීනීවා වලට යෝජනාවක් යවා තිබුණා. ඒක නොවන්නට ජනපතිතුමා පිරිසක් යැව්වා. අපි ඒක වළක්වා ගත්තා.”

සලකුණ සංවාදය මෙතැනින්



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More