දේශීය පුවත්

නෝර්වේ රාජ්‍යයේේ අධිකරණ අමාත්‍ය ‌ජොරාන් කාල්මියර් මහතා මාධ්‍යයට අදහස් දක්වමින් සඳහන්හන් කරන්නේ සිරියාවේ අයි.එස්. අයි.ඒස් ත්‍රස්තවාදීන් සමඟ එක්ව සටන් කොට පරාජයෙන් පසුව ආපසු ‌නෝර්වේ වෙත එන මුස්ලිම් මූලධර්මවාදී අන්තවාදීන්ට කිසිදු සමාවක් නැති බව ය.

ඔවුන්ගේ භාර්යාවන්ට සහ දරුවන්ට ද නැවත නෝර්වේ රාජ්‍යයට ඇතුළුවීම තහනම් කොට ඇත. තහනම කඩ කරන වැඩිහිටියන්ට සිරගත වීමට සිදු වන අතර දරුවන්ට ළමා රැඳවුම් මධ්‍යස්ථාන වල ජීවත් වීමට සිදුවේ.

ත්‍රස්තවාදීන්ගේ මානව හිමිකම් වලට වඩා ‌පොදු ජනතාවගේ මානව හිමිකම් වලට ප්‍රමුඛස්ථානයක් ලබා දීම ඊට හේතුව බව සඳහන් වේ.

ත්‍රස්තවාදයෙන් සැබෑ ලෙසම බැට කන ශ්‍රී ලංකාව වැනි රටවල් වලට එම නීතිරීති ආදර්ශයක් බව ද තතු දත් ආරංචි මාර්ග පවසයි.

නමුත් ත්‍රස්තවාදීන්ට සෘජුව සහ වක්‍රව උදව්කල බවට බරපතළ ලෙස චෝදනාවට ලක්වන අමාත්‍යවරුන් ගෙන් ප්‍රශ්න නොකර ඔවුන්ට විදේශ රටකට පලා යාමට ඉඩ දුන් රාජ්‍යයක පාලකයන්ට එවැනි නීති පැනවීම්ට ධෛර්යයත් තිබිය නොහැකි බව ඉතා පැහැදිලිය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More