දේශීය පුවත්

සාධරණ හේතුවක් ‌ෙනොදන්වා පොලිස්පති ධුරයෙන් ඉවත්කිරීමට විරුද්ධව අනිවර්ය නිවාඩු යවා ඇතිපොලිස්පති පූජිත් ජයසුන්දර මහතාජනාධිපතිවරයාගේ තීරණයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් නඩුවක් ගොනු කිරීමට තීරණය කර ඇති බව වාර්තාවේ .

පූජිත් ජයසුන්දර මහතා මේවනවිට ඒ සඳහා අවශ්‍ය නීතිඥ උපදෙස්ල බාගනිමින් සිටින බවත්, ඉදිරි සති දෙක ඇතුළත ශ්‍රේෂ්ඨාධිකරණයේනඩු පැවරීමට සුදානම්ව සිටින බවත් වාර්තා වේ.

අනිවාර්ය නිවාඩු යවා ඇති පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා මේවනවිටත් පොලිස්පති නිල නිවසේ රැඳී සිටින බවත්, ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව ලැබෙන තුරු ඔහු පොලිස්පති නිල නිවසේ රැඳී සිටීමට අදහස් කරගෙන සිටින බවත් අදාළ ආරංචිමාර්ග සඳහන් කරයි.

කිසිදු සාධාරණ හේතුවක් නොදන්වා අනිවාර්ය නිවාඩු යැවීමට ජනාධිපතිවරයා ගත් තීරණයට එරෙහිව පොලිස්පතිවරයා මෙලෙස නඩු පැවරීමට තීරණය කර ඇත්තේ එයින් තමාගේ මූලික අයිතිවාසිකම් කඩ වූ බව සඳහන් කරමිනි.

19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය යටතේ පොලිස්පතිවරයකු ඉවත් කිරීමට අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග කිසිවක් අනුගමනය නොකර,පොලිස්පතිවරයා ඉවත්කිරීමට කටයුතු කර ඇති බවද ශ්‍රේෂ්ඨාධිකරණයේ හමුවේ සඳහන් කිරීමට ජයසුන්දර මහතා අදහස් කර ඇති බවටද වාර්තාවේ.

එමෙන්ම, පාස්කු ඉරිදා ප්‍රහාරයට අදාළව පොලිස්පතිවරයා ලෙස සිදු කළ කාර්ය භාරය පිළිබඳව යමෙකුට ප්‍රශ්නයක් පවතිනවා නම් ඒ පිළිබඳව අදාළ නිල තොරතුරු ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ප්‍රකාශ කිරීමේ සූදානමකින්ද පූජිත් ජයසුන්දර මහතා පසුවන බවද දැනගන්නට තිබේ.

මේ අතර, අනිවාර්ය නිවාඩු යවා ඇති පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගේ ආරක්ෂාව අඩු කර ඇති බවට ද ‘අද’ පුවත්පතට වර්තා වාර්තාවෙයි.මේ වන විටත් ඔහු වෙනුවෙන් යොදවා තිබූ යතුරුපැදි ආරකෂකයන් ඉවත්කර ඇති බවද වාර්තා වේ.

එමෙන්ම පූජිත් ජයසුන්ද මහතාට ලබාදී තිබූ සහායක පොලිස් නිලධාරීන් කිහිපදෙනෙකුද ඉවත් කර ඇති බවද වැඩිදුරටත් වාර්තාවේ.

අද



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More