දේශීය පුවත්

නුවරඑලිය බ්ලැක්ෆුල් රදේශයේ තව්හිත් ජමාත් සංවිධානය (අයි.එස්.අයි) විසින් බ්ලැක්ෆුල් ප්‍රදේශයේ පවත්වාගෙන ගිය පුහුණුවිම් කදවුරක් නුවරඑලිය පොලිසිය සහ යුධ හමුදාව නිලධාරින් විසින් අද (06) වටලනු ලැබීය.

අම්පාර කල්මුණේ සහින්දමාර්දු ප්‍රදේශයේ ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගත් අයි.එස්.අයි ත්‍රස්තවාදියෙකුගෙන් ප්‍රශ්න කිරිමේදි ඔහුනේ ලද තොරතුරක් මත දෙමහල් නිවසක පවත්වාගෙන ගිය මෙම කදවුර සොයා ගැනිමට ආරක්ෂක අංශ සමත්වි ඇත.

මෙම පුහුණු කදවුර තුල 38 දෙනෙකු පුහුණුව ලැබු බවත්, මෙම පුහුණු කදවුරට සහරාන්ද සහභාගි වි ඇති බවත්, දිවයිනේ ස්ථාන කිහිපයකම සිදු කල මරාගෙන මැරෙන බොම්බ ප්‍රහාරයේ අවසන් පුරුදු පුහුණු විම් අප්‍රේල් 17 වෙනි දින සහරාන්ගේද සහභාගිත්වයෙන් සිදු කල ඇති බවයි දැනට සිදු කර ඇති මුලික පරික්ෂණ වලදි අනාවරණය වි ඇත්තේ.

නුවරඑලිය බ්ලැක්ෆුල් ප්‍රදේශයේ ප්‍රධාන පාසලක් ඉදිරිපිට කෙටිකාලින කුලි පදනම මත ලබාගත් දෙමහල් නිවසකයි මෙම පුහුණු කදවුර පවත්වාගෙන ගොස් ඇත්තේ.

එම නිවසේ අයිතිකරු සහ එම නිවසට පහසුකම් සැපයු නුවරඑලිය බ්ලැක්ෆුල් ප්‍රදේශයේම පදිංචිකරුවන් දෙදෙනෙක් නුවරඑලිය පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් නුවරඑලිය පොලිසිය සහ යුධ හමුදාව එකාබද්ධව අංශ කිහිපයක් ඔස්සේ පරික්ෂණ පවත්වයි.

 



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More