දේශීය පුවත්

අධිකරණයේ විනිසුරුවන් පිළිබඳව මාධ්‍යයට ප‍්‍රකාශයක් කිරීමට පෙර ජනාධිපතිවරයා අගමැතිවරයා හෝ අධිකරණ අමාත්‍යවරිය ලෙස තමන් දැනුවත් කිරීමේ යුතුකමක් බස්නාහිර පළාත් ආණ්ඩුකාර අසාත් සාලි මහතාට තිබුණේ යැයි අධිකරණ සහ බන්ධනාගාර ප‍්‍රතිසංස්කරණ අමාත්‍ය තලතා අතුකෝරල මහත්මිය පැවසුවාය.

ඔහු නගන අන්දමේ චෝදනාවක් ගැන කිසිදු විනිසුරුවෙකු සම්බන්ධව මෙතෙක් තමන් වෙත කරුණු අනාවරණය වී නැතැයි පවසන ඇමැතිවරිය මේ ප‍්‍රකාශය හේතුවෙන් විනිසුරුවරයකුට සිත් රිදීමක් වූයේ නම් තමන් කනගාටුව පළ කරන බව ද කියා සිටියාය.

කෙසේ වෙතත් ත‍්‍රස්තවාදයට සහය දෙන බවට කවර හෝ නිලධාරියකු පිළිබඳව ඔප්පු වුවහොත් තරාතිරම නොබලා නීතිය ක‍්‍රියාත්මක කිරීමට තමන් සූදානම් බවද අමාත්‍යවරිය පවසන්නීය.

අතුකෝරළ මහත්මිය මේ බව සඳහන් කරන්නේ සමහර විනිසුරුවන් ත‍්‍රස්තවාදින්ට සහය දෙන්නේ යැයි බස්නාහිර පළාත් ආණ්ඩුකාර අසාත් සාලි මහතා විසින් පසුගියදා කර ඇති ප‍්‍රකාශයක් සම්බන්ධව නිවේදනයක් නිකුත් කරමිනි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More