දේශීය පුවත්

මෙතෙක් කටයුතු කළ අයුරින් ඉවසීමෙන් හා බුද්ධිමත් ලෙස කටයුතු කරන්නැයි සියලු ශ්‍රී ලාංකිකයන්ගෙන් ඉල්ලා සිටින බව මැල්කම් කාදිනල් රංජිත් කොළම අගරදගුරුතුමෝ ප්‍රකාශ කළහ.

මීගමුව ප්‍රදේශයේ ඇති වූ නොසන්සුන්තාවයෙන් පසුව විශේෂ ප්‍රකාශයක් කරමින් අගරදගුරුතුමෝ මෙසේ ද පැවැසූහ.

“මීගමුව පෝරුතොට ප්‍රදේශයේ ඇති වූ සුළු බහින් බස් වීමක් අළලා කණ්ඩායම් දෙකක් අතර මතභේදාත්මක තත්ත්වයක් හටගෙන එය අරගලයක තත්ත්වයට හැරුණා. එය පාලනය කිරීම සම්බන්ධයෙන් ප්‍රශ්නකාරී තත්ත්වයක් මතුවෙලා තිබෙනවා. ඒ සම්බන්ධයෙන් අපට තොරතුරු වාර්තා වුණා. මේ තත්ත්වය උග්‍ර වෙන්නට නොදී පාලනය කරන්නැයි රාජ්‍ය නිලධාරීන්ගෙන් සහ අදාළ අංශවලින් අපි ඉල්ලා සිටියා.

මෙතෙක් කටයුතු කළා මෙන් බුද්ධිමත්ව කටයුතු කරන්නැයි කතෝලික සැදැහැවතුන්ගෙන්, කතෝලික හා ක්‍රිස්තියානි සියලු පාර්ශවවලින්, ඒ වගේම මා ආදරණීය සහ හිතවත් බොදුණු, මුස්ලිම් සහ හින්දු ජනතාවගෙන් ඉතාම ආදරයෙන් ඉල්ලා සිටිනවා. අපි මෙච්චර දවසක් ඉවසීමෙන්, බුද්ධිමත්ව සහ ඥානාන්විතව කටයුතු කළා. ඒ තත්ත්වය දිගටම පවත්වාගෙන යන්නැයි කියා.

එක එක අයගේ ප්‍රකෝප කිරීම්වලට කලබල නොවී විශේෂයෙන්ම මුස්ලිම් සහෝදරයන් සමඟ ඉවසීමෙන් හා සමගියෙන් කටයුතු කරන්නැයි මා සියලු දෙනාගෙන් ඉල්ලා සිටිනවා.

පසුගිය සමයේදී එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් සිදු වූ විපත ආයුධයක් කරගන්න එපා. තව තවත් මේ රටේ ගිනි අවුළුවන්න එය ආයුධයක් කරගන්න එපා. ඉවසීමෙන්, සුහදව සහ එකිනෙකා ආරක්ෂා කරගැනීමේ පිළිවෙත අනුගමනය කරන්න. මියගිය සහ තුවාල ලැබූ අයට කරන ගෞරවයක් ලෙස ඉවසීමෙන් කටයුතු කරන්න.

ප්‍රකෝපකාරී අදහස් වපුරුවමින් බොරු ආරංචි පතුරුවමින් ජනතාව කුපිත කරන ඇතැම් ෆේස්බුක් පේජ්වලට ඉඩ දෙන්න එපා. සමාජ මාධ්‍යවල වගකීමෙන් හැසිරෙන්න. වගකීමෙන් යුතුව තමන්ගේ කොටස ඉටු කරන්න. තමන් නොදන්න දේවල් ලියන්න කියන්න යන්න එපා.‘ යැයි පැවසීය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More