පුරවැසි කොලම

සමන් ගමගේ

රටටත් ජනතාවටත් කළ හැකි සියලූ විනාශයන් සිදු කිරීමෙන් අනතුරුව සාමයේ මාවතේ ගමන් ගනිමින් තිබූ මේ මව්බිම යළිත් මරණයේ මාවතට ඇද දැමූ අලජ්ජී දේශපාලනයක් හමුවේ අද මුළු රටම ඇත්තේ අ`දුරු අගාධයක පතුලටම ඇද වැටීය. ජනතාව තුළ තිබූ රැකවරණයේ විශ්වාසය නොපෙනෙන දුරකට පලාගොස් අවසන්ය. මහා අවිනිශ්චිත බවක් සියල්ලන් තුළ ශේෂ වී ඇත.

සියල්ලෝ වික්‍ෂිප්තව සිටින්නාහ. රටේ දරු පරපුර අකුරු කළ පාසල් වැසී ගොසිනි. හෙට දිනයේ ඒවා යළි විවෘත කෙරුණද දැන් මේ රටේ දෙමාපියන්ට සිදුව ඇත්තේ මතකයට නැගෙන අතීත ම්ලේච්ඡුත්වය වර්තමානයට ගලපමින් දරු සෙනෙහස සම`ග ගිනි උහුලන්නටය. ආර්ථිකය බිඳ වැටී ඇත. ජනතාව තුළ මතුවෙමින් එන භීෂණයේ අතීත මතකයන් සම`ග මංමාවත් පාළුවට ගොසිනි. රටම එක තැන නතර වූවාක් වැනිය.

එහෙත් මෙතරම් භයානක අර්බුදයක රට සහ ජනතාව සිරවී සිටියදීත් වත්මන් ආණ්ඩුවේ ඇතැම් මැති ඇමැතිවරුන් අද කියමින් සිටින්නේ කුමක්ද? කරන්නේ මොනවාද? සැලසුම් සහගත සහ විධිමත් නොවූ විමර්ශනයන් තුළදීත් ඉස්ලාම් ත‍්‍රස්තවාදයේ අ`දුරු සැලසුම් රටම කම්පනයට පත්කරමින් හෙළි වෙද්දී ඔවුහු අවස්ථාවාදී දේශපාලනයක යෙදෙමින් විලිලැජ්ජාවක් නොමැතිව කටමැත දොඩවන්නාහ. රටේ ජනතාව රැවටීමට වෙහෙසෙන්නාහ.

මෙසේ කරන්නවුන් සැබවින්ම රටකට සුදුසු දේශපාලනඥයෝද? ජනතාව දුකට පත්ව විඳවමින් සිටියදී ඒ තුළ හි`දිමින් බොරදියේ මාළු බාන්නට සැරසෙන්නා වූ මොවුහු සාතන්ගේ පුත‍්‍රයන් මිස වෙන කිසිවකුත් නොවෙති. එය කාලකණ්ණි වෙනසක් පැතූ සමස්තය මෙන්ම මේ රටේ සියලූ ජනතාව දැන්වත් වටහා ගතයුතුය. අප මේ කතාකරන්නේ දේශපාලනයක් පිළිබඳව නොව, ඇසට පෙනෙමින් තිබූ යථාර්ථය දැකිය නොහැකිව රැල්ලේ ගිය අප ඉ`ගුරු දී මිරිස් ගැනීම පිළිබඳවය. එක් අතකින් මේවා ගැන දැන් කතා කිරීමෙන් ඵලක් නැත. සියල්ල සිදුවී අවසන්ය. එහෙත් ගැටලූව වන්නේ ආණ්ඩුවේ නරුම පාවාදීම් හමුවේ ඉස්ලාම් ත‍්‍රස්තවාදයේ මාරාන්තික ප‍්‍රහාරයක් රටටත් ජනතාවටත් එල්ල වී තිබියදී මේ මොහොතේත් ඒ පිළිබඳ සියල්ලේ අක්මුල් වෙත විහිද යන අන්දමේ සැලසුම්සහගත විධිමත් කි‍්‍රයාන්විතයක් සිදු නොවන බව පෙනෙන්නට තිබීමය. අපි එල්ටීටීඊ ත‍්‍රස්තවාදය පරාජය කළෙමු. එහිදී සිදු කෙරුණු බොහෝ දේ විය.

ජිහාඩ් 2එල්ටීටීඊය පරාජය කිරීමේදී කි‍්‍රයාත්මක කෙරුණු බුද්ධි කි‍්‍රයාන්විතයන් විශේෂයෙන් ඉතාම වැදගත් විය. කොටින්ගේ බුද්ධි ප‍්‍රධානියා වූ පොට්ටු අම්මාන්ගේ ටොෂී බුද්ධි අංශය විනිවිද ගිය බුද්ධි ජාලයක් එදා අප සතුව තිබිණි. එකී බුද්ධි කි‍්‍රයාන්විතයන්හිදී වරෙක එල්ටීටීඊ කාඩරයන්ගේ මානසික ඒකාග‍්‍රතාව බිඳ දමන අතරේ උතුරේ ජනතාව එල්ටීටීඊයෙන් ඈතට ගෙන යෑමේ මානසික මෙහෙයුම් රැසක් දියත් විය. එසේම ඇතැම් අවස්ථාවල එල්ටීටීඊයේ ප‍්‍රබලයන්ගේ හැසිරීම් රහසේ නිරීෂණය කරමින් කොටි බලප‍්‍රදේශ තුළදීම ඔවුහු පරලොව යැවූහ.

ඒ අතරේ සටනේ පෙරට ගිය වීරෝදාර හමුදාවෝ නිවැරදි ඉලක්කයට එල්ල කළ ප‍්‍රහාර එල්ටීටීඊය පරාජයේ මාවතට ඇද දමන්නට හේතු විය. එල්ටීටීඊයට එරෙහි අවසන් සටනේදීත් කොළඹ ඇතුළු දකුණේ බෝම්බ පිපිරවීම් සිදුවිය. එහෙත් එසේ පිපිරී ගිය බෝම්බවලට වඩා එවැනි පිපිරීම් විශාල ප‍්‍රමාණයක් වළක්වා ගන්නට බුද්ධි මෙහෙයුම් නිසා අපට හැකිවිය. මේ එල්ටීටීඊය පිළිබඳ කතාවය. එහෙත් අද සිදුවෙමින් තිබෙන්නේ කුමක්ද? මේ අප ඉදිරියට පැමිණ තිබෙන්නේ එල්ටීටීය වැනි ත‍්‍රස්තවාදයක්ද? නැත. එය ජාත්‍යන්තරය දක්වා විහිද ගිය එකකි. අලූයට තිබූ ගින්නක් ලෙසින් ක‍්‍රමයෙන් ඇවිලෙමින් තිබුණකි.

යහපාලනයට මෙන්ම වත්මන් ආණ්ඩුවටද නොතිබුණේ එයට මුහුණ දීමේ වැඩපිළිවෙළක් සහ දුර දක්නා දැක්මක් මෙන්ම වුවමනාවකි. පසුගිය කාලයේ එක්සත් ජාතික පක්‍ෂය ප‍්‍රධාන ආණ්ඩුව සිටියේ රට තුළ පොලිස් රාජ්‍යයක් නිර්මාණය ටයුතු කරමින්ය. එහිදී සංහි`දියාව සහ සහජීවනය යැයි කී ආණ්ඩුව ආරක්‍ෂක හමුදාවන් දෙස බැලූවේ ජාත්‍යන්තරයට වුවමනා අන්දමටය. සිදු වූයේ ආරක්‍ෂක හමුදාවන්ගේ කාර්යභාරය තේරුම් නොගෙන සියල්ල අච්චාරු කරන අතරේ හමුදාවන් අඩපණ කිරීමය. අත්දැකීම් සහිත දක්ෂයෝ හමුදාවන්ගෙන් ඉවත් කෙරුණාහ. හමුදා සාමාජිකයන්ට හමුදාව එපා කරවන තැනට වැඩ සිදුවිය. බෙදුම්වාදයට ම`ග පෙන්වමින් සහජීවනය සහ සංහි`දියාව කබල්ගෑ පාලකයන් කල්පනා කළේ යළි කිසිවිටෙක මෙවන් සිදුවීම් නොවනු ඇතැයි කියාය. එසේ අත්දැකීම් සහිත පිරිස් හමුදාවන්ගෙන් ඉවත්ව ඇති බව පෙන්වා දීමට හැකි පැහැදිලි සිදුවීම් ගණනාවක් ඉකුත් පාස්කු ඉරිදා බෝම්බ ප‍්‍රහාරවලින් පසුව සිදුවිය. ඉස්ලාම් ත‍්‍රස්ත ප‍්‍රහාරය එල්ල වූයේ අපේ‍්‍රල් 21 වැනිදා උදෑසනය. ඊට පසු දින සවස කොළඹ කොච්චිකඬේ දේවස්ථානයට මීටර් සියයක් පමණ දුරින් තිබූ බෝම්බ ඇටවූ වෑන් රථයක් ආරක්‍ෂක අංශවලට හමුවිය.

එය හමුවූයේද ප‍්‍රදේශවාසියකු දැනුම් දීමක් අනුව කළ සාද්සියකදීය. සිද්ධියෙන් දින එකහමාරකට පසු මෙම වෑන් රථය සොයා ගැනීත් සමඟ එහි ගිය පොලිසිය සහ ගුවන් හමුදාව සිදු කළේ කුමක්ද? අවට තිබූ නිවාස ඇතුළු දේපළ රැසකට හානිවන පරිදි එය පුපුරුවා හැරීය. කොතැනකදී හෝ බෝම්බයක් හසුවූ විට සිදුකිරීමට ඇති එකම විකල්පය පුපුරවා හැරීමද? නැත. ඒවා නිෂ්කී‍්‍රය කළ හැකිය. එසේ කිරීමට නම් පළපුරුද්ද ඇති දක්ෂයන් සිටිය යුතුය. පාස්කු ඉරිදා ප‍්‍රහාරයෙන් පසු තැන තැන හමුවූ යතුරු පැදි, පාර්සල් ආදිය ඉවක් බවක් නොමැතිව පුපුරවා හැරීමට ආරක්‍ෂක අංශ කටයුතු කරනු මාධ්‍ය මගින් කාටත් දැකගත හැකිවිය. එය ලෝකයාද දුටුවේය. එමගින් අපි ජාත්‍යන්තරයට දුන් පණිවිඩය වූයේ ශී‍්‍ර ලංකාවේ හතර අතේ බෝම්බ පුපුරන රාජ්‍යයක් යැයි යන්න නොවේද? ආණ්ඩුවට දැනුදු ඉස්ලාම් ත‍්‍රස්තවාදීන්ගෙන් එල්ල වූ බිහිසුණු ප‍්‍රහාරයට අනුව සැලසුම් සහගත විධමත් කි‍්‍රයාන්විතයක් ඇරඹිය නොහැකිව සරණව සිටින්නේ මසේ කටයුතු සිදුවීම නිසා නොවේද? ඉස්ලාම් ත‍්‍රස්තවාදයෙන් එල්ල වූ මේ බිහිසුණු ප‍්‍රහාරයේදී වගකීම පැහැර හැරියේ යැයි චෝදනා එල්ලවීම නිසා පොලිස්පති පූජිත් ජයසුන්දරට සහ හිටපු ආරක්‍ෂක ලේකම් හේමසිරි ප‍්‍රනාන්දු යන මහත්වරුන්ට ඉකුත් සතියේ රස්සාවෙන් ඉවත්ව ගෙදර යෑමට සිදුවිය.

ඔවුන් දෙදෙනා අතින් මෙහිදී වරදක් සිදුවූ බව ඇත්තකි. එහෙත් වගකීම පැහැර හැරියෝ ඔවුහු පමණක්මද? නැත. මාවනැල්ලේ බුදු පිළිම කැඞීමේ සිද්ධියෙන් පසු වනාතවිල්ලූව දක්වා එම විමර්ශනය ගෙනයමින් අධිබල පුපුරන ද්‍රව්‍ය කිලෝ ග‍්‍රෑම් සියයක් ඇතුළු බෝම්බ නිෂ්පාදනයට යොදා ගන්නා ද්‍රව්‍ය රාශියක් තිබූ ඉස්ලාම් ත‍්‍රස්වාදීන්ගේ පුහුණු මධ්‍යස්ථානයක් සොයාගත් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ද පාස්කු ඉරිදා ප‍්‍රහාරයෙන් මියගිය මිනිසුන්ගේ ජීවිතවලට වගකිව යුතුය. මාවැනැල්ලේ බුදුපිළිම කැඩූ සිද්ධියේ අයියා මලෝ දෙනොගේ ඡුායාරූප මෙම බෝම්බ ප‍්‍රහාරයෙන් පසුව සීඅයිඞීය මාධ්‍යයෙහි පළ කළේය. ඒ ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා ජනතා සහාය ඉල්ලමිනි. එහෙත් ඊට පෙර එසේ කිරීමට සීඅයිඞීය කටයුතු කළේ නැත. එසේ කළේ නම් ඇතැම්විට මේ ප‍්‍රහාරය වැළකී යෑමටද ඉඩ තිබිණි. එසේම වනාතවිල්ලූවෙන් ඇල්ලූ සැකකරුවන්ට සිදුවූයේ කුමක්දැයි අදටත් රටටම අබිරහසක් වී ඇත. සියල්ල එළියට එන්නට වූයේ එල්ලවූ ම්ලේච්ඡු ප‍්‍රහාරයෙන් පසුවය. එසේ නම් මේ සිද්ධියට එකී සීඅයිඞීයේ නිලධාරීන් වගකිවයුතු නැතිද? අප මේ සටහන තබන්නේ ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතාගේ අවධානය යොමුවනු පිණිසය. තව්හිද් ජමාත් නායක සහරාන් හෂිම් ඇතුළු ත‍්‍රස්තවාදීන් පාස්කු ඉරිදා ප‍්‍රහාරය එල්ල කරනුයේ මෙවන් වූ ම්ලේච්ඡු අතපසු කිරීම් නිසාය.

ජිහාඩ් 3මේ සහරාන් හෂීම් යනු කවුද? ඔහු නායකත්වය දුන් බව කියන තව්හිද් ජමාත් යනු කුමක්ද? ඒ පිළිබඳ විමසීමේදී මඳක් ඉතිහාසයට යා යුතුව ඇත. ශී‍්‍ර ලංකාවේ ඉස්ලාම් දහම අදහන ජනවර්ග කිහිපයක්ම ඇත. මැලේ, මුවර් හෙවත් යෝනක, දෙමළ මුස්ලිම්, බෝරා සහ මෙමොන් යනුවෙන් ගත හැකි ඔවුන් පොදුවේ හැ`දින්වෙන්නේ මුස්ලිම්වරුන් යනුවෙනි. දැනට මෙරට තුළ ජීවත් වන මුස්ලිම්වරුන්ගේ ප‍්‍රමාණය මුළු ජනගහනයෙන් සියයට 9.7 හෙවත් මිලියන දෙකක් පමණ වේ. ඉන් සියයට 95 ක් පමණ සුන්නි මුස්ලිම්වරුන් වන අතර අනෙක් පිරිස සියා මුස්ලිම්වරුන්ය. සංක‍්‍රමණිකයන් ලෙස සහ වෙළෙඳාම පිණිස අතීතයේ ශී‍්‍ර ලංකාවට පැමිණි මොවුහු මෙරට ජීවත් වූ සිංහල දෙමළ ජනසමාජයන් සමග සහයෝගයෙන් ඉස්ලාම් දහම අදහමින් සාමකාමීව ජීවත් වූහ. අප මෑත අතීතය වන තුරුත් සාරි පොටෙන් හිස වසාගත් සාම්ප‍්‍රදායික මුස්ලිම්වරුන් ලෙස හැ`දින සිටියේ ඔවුන්වය.

එහෙත් මීට දශක හතරකට පමණ ඉහතදී සාම්ප‍්‍රදායික ලෙස මෙරට පැවති සංස්කකෘතීන් හා බද්ධව ජීවත් වූ මේ මුස්ලිම්වරුන් අතරේ වෙනසක් නිර්මාණය වන්නට විය. එසේ වූයේ එතෙක් ශී‍්‍ර ලංකාවේ ජීවත් වූ මුස්ලිම්වරුන් අතරට අරාබියේ පවතින වහබ් ඉස්ලාම් ඇදැහිලි සම්ප‍්‍රදායට ළ`ගා වීමත් සමගිනි. මෙම වහබ් සම්ප‍්‍රදාය සම`ග මෙරට මුස්ලිම්වරුන් අතරින් මුලින්ම 1980 දී පමණ තබ්ලිග් ජමාත් නම් ආගමික නිකායක් මතුවිය. මේ තබ්ලික් ජමාත් යනු ඉස්ලාම් මූලධර්මවාදී නිකායකි. එහෙත් ප‍්‍රචණ්ඩත්වයක් ඒ තුළ නොවුනි. එසේ වුවද මෙරට ජීවත් වූ මුස්ලිම්වරුන් අතරේ පැහැදිලි සංස්කෘතික වෙනසක් ඇතිවෙමින් සාම්ප‍්‍රදායික මුස්ලිම්වරුන් වෙනම කොටසක් ලෙස සමාජයෙන් ඈත් වීම ඇරඹෙන්නේ මෙකී තබ්ලිග් ජමාත් නිකායේ ආරම්භයත් සමගිනි.

මේ තත්ත්වය එදා මුලින් ආරම්භ වන්නේ නැගෙනහිර පළාත කේන්ද්‍රකර ගනිමින්ය. විශේෂයෙන් කාන්තන්කුඩි ප‍්‍රදේශය කේන්ද්‍රීයවය. එනිසා ඒ ආරම්භයේදී එය දකුණට දැනුනේම නැති තරම් විය. එහෙත් ව්‍යාප්තිය ඉතා සීඝ‍්‍රයෙන් සිදුවෙමින් තිබිණි. මේ අතරේ තලේබාන් නැගී සිටීම් වැනි සිදුවීම් සම`ග තබ්ලින් ජමාත් ලෙස කි‍්‍රයාත්මක වෙමින් තිබූ මෙකී මුස්ලිම් නිකාය ැතැමුන් අතරට ජිහාඞ් වැනි සංකල්පයන්ද ළ`ගා වන්නට විය. ඇතැම්විට මේ කාලයේ මෙරට මුස්ලිම්වරුන්ට එල්ටීටීඊ ත‍්‍රස්තවාදීන්ගෙන් එල්ල වූ තර්ජනද එයට හේතු වන්නට ඇත. මෙරට තුළ මුස්ලිම් සන්නද්ධ ව්‍යාපාරයක් ආරම්භ වී තිබෙන බව මුලින්ම ආරක්‍ෂක අංශවලට හෙළි වන්නේ මෙම ජිහාඞ් සංකල්ප යමුස්ලිම් සමාජය .ුළින් මතුවීමත් සමගිනි.

ඒ අනුව කි‍්‍රයාත්මක වූ ආරක්‍ෂක බුද්ධි අංශ මෙකී ජිහාඞ් සංවිධාන තුළට රහසේ ඇතුළු වෙමින් ඒවා දියකර හැරීමට සූක්‍ෂමව කටයුතු කළේය. දකුණේ ජන සමාජය තුළ ජිහාඞ් ලෙසින් මතුවෙමින් තිබූ භීතිය ඉකුත් 2002 -2004 පමණ වෙද්දී නොදැනීම ඉවත්ව ගියේ ඒ නිසාය. මෙසේ සිදුවූ ජිහාඩය අවසන් වීමෙන් පසු යළිත් මුස්ලිම් අන්තවාදී නැගී සිටීමක් සිදු විය හැකි බවට සැක කළ ආරක්‍ෂක බුද්ධි අංශ එදා ඒ පිළිබඳ නිරන්තර නිරීෂණයක යෙදෙන්නට විය. ඉකුත් 2006 වසරේ එල්ටීටීඊයට එරෙහි යුද්ධය ආරම්භ වීමෙන් පසුවද ඒ කටයුතු අඛණ්ඩව සිදු කෙරිණි. මේ අතරේ එල්ටීටීඊයට එරෙහි යුද්ධය කි‍්‍රයාත්මක විය.

එහිදී සියල්ල තිබුණේ නිහ`ඩතාවක සිරවීය. එසේ වුවද තබ්ලික් ජමාත් නිකායේ ආරම්භය සම`ග ක‍්‍රමයෙන් ඇ`දුමින් පැළ`දුමින් පවා වෙනස් වූ මෙරට මුස්ලිම් සංස්කෘතික වෙනස සීග‍්‍රයෙන් රට පුරා පැතිරෙමින් තිබිණි. සියල්ල සිදුවූයේ ජමියතුල් උලමා නමැති ආගමික නායකත්ව මණ්ඩලයක් යටතේ විය. මේ අතරේ යුද්ධයේ අවසානයෙන් පසුව තබ්ලිග් ජමාත් මුස්ලිම් නිකායෙන් ඉවත් වූ පිරිසක් ජමාතෙයි මිල්ලතු ඊබ‍්‍රාහිම් සංවිධානය සහ ශී‍්‍ර ලංකා තව්හිද් ජමාත් බිහි කරනු ලැබිණි. මේ සංවිධාන දෙකම වූයේ ඉස්ලාම් අන්තවාදයේ ප‍්‍රචණ්ඩත්වයට බොහෝ සමීපවය. මේ අතරේ මුස්ලිම් සමාජය තුළින් මේ අන්දමට තවත් සුළු සුළු කණ්ඩාම්වල මතුවීමක්ද යුද්ධයෙන් පසුව සිදු වෙමින් තිබිණි. එම තත්ත්වයත් සම`ග කි‍්‍රයාත්මක වූ එවකට රජය යම් අවස්ථාවක මොවුන්ගේ නැගී සීටීමක් සිදුවනු ඇතැයි යන සැකය තුළ යුද හමුදා සන්නද්ධ බුද්ධි බළකායේ පිරිසක් යොදවා ඒ පිළිබඳ විශේෂ නිරීක්‍ෂණයක යෙදීමට වෙනම ඒකකයක් අරඹනු ලැබීය. එසේ කටයුතු සිදුවෙමි තිබියදී ශී‍්‍ර ලංකා තව්හිද් ජමාත් සංවිධානය තුළ ඇතිවූ පිපිරීමක් හේතුවෙන් ජාතික තව්හිද් ජමාත් සංවිධානය සහරාන් හෂීම් මව්ලවිගේ නායකත්වයෙන් යුතුව කාත්තන්කුඩි ප‍්‍රදේශය කේන්ද්‍රකරගනිමින් 2011 වසරේදී පමණ ආරම්භ විය. මෙසේ මතුවූ සියලූ සංවිධාන අන්තවාදී ප‍්‍රචණ්ඩත්වය තුළ තිබෙන බවට හෙළිවී තිබුණද 2011 සිදුවූ සහරාන් හෂීම් නායකත්වය දුන් ජාතික තව්හිද් ජමාත්හි මතුවීම අනතුරුදායක තත්ත්වයක් බවට බුද්ධි අංශ හ`දුනාගෙන තිබිණි.

එහෙයින් සහරාන් හෂීම් නායකත්වය දුන් ජාතික තව්හිද් ජමාත් පිළිබඳ දැඩි නිරීක්‍ෂණයක සිටීමට යුද හමුදා බුද්ධි අංශ කටයුතු කරනු ලැබීය. මුස්ලිම්වරුන් තබ්ලිග් ජමාත් නිකාය ඔස්සේ මෙරට අනෙකුත් ජනසමාජයන්ගෙන් වෙන්කර දැමෙද්දී සිදු වූ තවත් විශේෂ දෙයක්ද විය. එය වන්නේ ඒ. එච්. එම්. අශ්රොප්ගේ සිට මේ දක්වා මෙරට බිහි වූ මුස්ලිම් දේශපාලනඥයන් අතරින් අති බහුතරය තබ්ලිග් ජමාත් ආගමික නිකායට සේම ඒ තුළින් මතුවූ අනෙකුත් ප‍්‍රචණ්ඩ මතධාරී මුස්ලිම් කණ්ඩායම්වලටද පූර්ණ සහාය ලබාදීමට කටයුතු කිරීමය. එසේ වූයේ මෙරට සෙසු ජනතාව අතරින් විශේෂිත ලෙස ඈත්වන මුස්ලිම් ජනතාව දේශපාලනයේදී පහසුවෙන් වෙන්දේසි කිරීමට හැකියාව තිබෙන බව ඔවුන් වටහා ගැනීමය.

තබ්ලික් ජමාත් ව්‍යාප්තිය බහුල ලෙස සිදුවීමෙන් පසු ඔවුන් හැම විටම සෙසු ජාතීන්ට සහ ආගම්වලට අබියෝග එල්ලවන සේ විවිධ ප‍්‍රකාශ කරමින් මුස්ලිම් ජනතාව අතරේ වීරයන් වන්නට බොහෝ වෙහෙසුනහ. එහිදී ඔවුන්ගේ අරමුණ වූයේ මුස්ලිම් සමාජය අතරේ තමන්ගේ ඡුන්ද ප‍්‍රතිශතය රැකගැනීමය. අද සහරාන් හෂීම් එල්ල කළ පාස්කු ඉරිදා ප‍්‍රහාරය හමුවේ අසාද් සාලි, මුජිබර් රහුමාන්, ඇතුළු විවිධ මුස්ලිම් දේශපාලනඥයන්ට චෝදනා එල්ලවී තිබෙන්නේ මෙනේ මේ හැසිරීම නිසාය. ඉකුත් 2011 වසරේ සහරාන් හෂීම්ලා දැඩි ප‍්‍රචණ්ඩකාරීත්වයක් තුළින් මතුවෙද්දී දෙමළ ජාතික සන්ධාන මන්තී‍්‍ර සුරේෂ් පේ‍්‍රමචන්ද්‍රන්ගේ සොහොයුරා සම`ග 2013 වසරේ ඉන්දියාවේ පැවති ශී‍්‍ර ලංකාවට එරෙහි සමුළුවකට සහභාගි වීමට ගිය වත්මන් බස්නාහිර ආණ්ඩුකාර අසාද් සාලි ඉන්දීය මාධ්‍යයකට සාකච්ඡුාවක් දෙමින් ‘දැන් උදා වී තිබෙන්නේ ශී‍්‍ර ලංකාවේ මුස්ලිම් ප‍්‍රජාව සන්නද්ධ අරගලයකට සූදානම් විය යුතු මොහොත’ යැයි ලෙසින් ප‍්‍රචණ්ඩකාරී ප‍්‍රකාශයක් කරනු ලැබුවේ ඒ නිසා නොවේද? එහිදී එදා ලංකාවට පැමිණි වත්මන් බස්නාහිර ආණ්ඩුකාර අසාද් සාලිට පොලිස් අත්අඩංගුවට පත්ව ගැලවීම වෙනුවෙන් උපවාස කිරීමටද සිදුවිය.

අසාද් සාලි එදා එවන් ප‍්‍රකාශයක් කරනු ලැබුවේ සහරාන් හෂීම් මුළු පවුලපිටින්ම මෙදා මෙවන් බිහිසුණු ප‍්‍රහාරකින් ශී‍්‍ර ලංකාවට සංග‍්‍රහ කරන බව දැන දැනම විය නොහැකිද? එය කෙසේ වෙතත් මෙරට බුද්ධි අංශ තත්ත්වය ඉතාම දරුණු මානයකට ගමන් කර තිබෙන බව වටහා ගන්නේ ඉකුත් 2015 වසරේ ජනවාරි මාසයේදී මෙරට සිට සිය පවුලේ සාමාජිකයන්ද සමඟින් සිරියාවට ගොස් අයිඑස්අයිඑස් ත‍්‍රස්තවාදීන්ට එක්ව සිටියදී ගුවන් ප‍්‍රහාරයකින් මියගිය අබුෂුරාන් සිලාන් හෙවත් ගලේවෙල ප‍්‍රදේශයේ ජීවත් වූ මොහොමඞ් මුජාන්ගේ මරණයත් සම`ගය. මුජාන් අයිඑස්අයිඑස් ත‍්‍රස්තවාදීන්ට එල්ල වූ ගුවන් ප‍්‍රහාරයකින් මියගියේ 2015 වසරේ ජුලි මාසයේදී පමණය.

ඒ සම`ගම කි‍්‍රයාත්මක වූ බුද්ධි අංශ එසේ අයිඑස් පුහුණුව ලැබූ 41 දෙනකු සිටින බව අනාවරණය කරගනු ලැබීය. 2915 දීආරක්‍ෂ මණ්ඩලයට ඉදිරිපත් කළ වාර්තාවක් මගින් ඒ බව දුනුම් දෙන්නටඔවුහු කටයුතු කළහ එහෙත් ඒ වන විට රට තුළ නිර්මාණය වී තිබුණේ අමු අමුවේම හමුදා බුද්ධි අංශ දඩයම් කරන තත්ත්වයකි. ඒ තත්ත්වය තුළ සියල්ල වැනසී ගියේය. සහරාන් හෂීම් ඇතුළු ප‍්‍රචණ්ඩකාරී මුස්ලිම් අන්තවාදී සංවිධාන පිළිබඳ නිරීක්‍ෂණයේ යෙදී සිටි බුද්ධි ඒකකයේ කි‍්‍රයාකාරීත්වයද නිමාවට පත්විය. එසේ නම් දැන් විමසීමෙන් බලන කල හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර සහ ආරක්‍ෂක ලේකම් හේමසිරි ප‍්‍රනාන්දු යන මහත්වරුන් මෙන්ම මේ සිදුවූ විනාශයට පැහැදිලිවම ආණ්ඩුවත් වගකිවයුතු නැතිද? අපට නම් පෙනෙන්නේ ආණ්ඩුවට ඒ වගකීමෙන් මිදෙන්නට නොහැකි බවය. ඒ නිසා දැන් රටේ ජනතාව බලා සිටින්නේ ආණ්ඩුව අනිවාර්ය නිවාඩු යැවීමට අවස්ථාවක් එළැඹෙන තුරුය.

අද රාජිත වැනි ආණ්ඩුවේ ඇමැතිවරුන් විවිධ කතා කියමින් දේශපාලන වශයෙන් සුරක්‍ෂිත වන්නට හදන්නේ මේ යථාර්ථය දැන දැනමය. එහෙත් මෙහිදී එකී දේශපානලඥයන්ට නොවැටහෙන දෙයක්ද ඇත. එය වන්නේ ආණ්ඩුව අනිවාර්ය නිවාඩු යැවීමට බලා සිටින රටේ ජනතාව මෙවන් තුට්ටු දෙකේ කතා නිසා තමන්ව දේශපාලනයෙන් විශ‍්‍රාම ගන්වනු ඇතැයි යන්නය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More