මන්නාරම ශාන්තිපුරම් ප්‍රදේශයේ කැලෑවක පාර්සලයක තිබී අධිබලැති පුපුරණ ද්‍රව්‍ය කිලෝ 12 ක් සහ විද්‍යුත් පරිපථ තොගයක් මන්නාරම පොලීස් විශේෂ කාර්ය බලකාය විසින් සොයාගෙන තිබේ.
ඒ ශාන්තිපුරම් ප්‍රදේශයේ පිහිටි කැලෑවකට ප්‍රදේශවාසියෙකු ගිය අවස්ථාවකදී අදාළ පාර්සලය දැක ඒ බව පොලීසියට දැනුම් දීමෙන් පසුව පොලීසිය හා පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් වන අතර එහිදී පොලිතීන් උරයක තිබී පුපුරණද්‍රව්‍ය කිලෝ 12 ක් හා කාල විරාම පරිපත 6 ක් හමු වී ඇත.
අදාළ කාල විරාම පරිපත එම ස්ථානයේදී නිශ්ක්‍රීය කිරීමට පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් පියවර ගෙන ඇත.
පොලීසිය සැක පල කර සිටින්නේ කිසියම් පුද්ගලයෙකු විසින් මෙම පුපුරණදුව්‍ය තොගය ගෙනවිත් දමන්නට ඇති බවටය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...