දේශීය පුවත්

සියලු සමාජ ජාල මාධ්‍ය තාවකාලිකව අවහිර කිරීම මේ වන විට ඉවත් කර ඇති බව රජය තීරණය කර ඇත.

ඊයේ (05) රාත්‍රීයේ රජය විසින් සියලු සමාජ ජාල මාධ්‍ය තාවකාලිකව අවහිර කළේය.

ඊයේ පස්වරුවේ මීගමුව, කොච්චිකඩේ පෝරුතොට ප්‍රදේශයේ දෙපිරිසක් අතර ඇති වු නොසන්සුන් තත්ත්වයක් හේතුවෙන් ඇඳිරි නීතිය පැනවනු ලැබුවේය.

ඒ අනුව මීගමුව, කොච්චිකඩේ, කටුනායක, දිවුලපිටිය, කොටදෙණියාව, පමුණුගම, රද්දොළුගම, සීදුව, දුංගල්පිටිය හා කටාන යන පොලිස් වසම්වලට මෙම ඇඳිරි නීතිය අද(06) උදෑසන 7 දක්වා බලපැවැත් විය.

කෙසේ වෙතත් මේ වන විට පොලීසිය හා ආරක්ෂක අංශ මැදිහත්ව ප්‍රදේශයේ තත්ත්වය පාලනය කර තිබේ.

මෙම නොසන්සුන්කාරී තත්ත්වය පාලනය කිරීමට හා වැරදි පුවත් සමාජ ගත වීම වැළැක්වීම සඳහා රජය විසින් සියලු සමාජ ජාලා තාවකාලිකව අවහිර කළේය.


ශ‍්‍රි ලංකාව තුල Facebook, Whatsapp, Viber, Youtube අවහිර කෙරේ..

Facebook, Whatsapp, Viber, Youtube ජාලයන් ශ‍්‍රී ලංකාව තුල ක‍්‍රියාත්මක වීම අත්හිටුවා තිබේ.

මීගමුව ප‍්‍රදේශයේ ඇතිව තිබෙන තත්වය සම්බන්දයෙන් අසත්‍ය තොරුතුරු බෙදා වැලැක්වීම සදහා මෙම පියවර ගෙන ඇත.

පාස්කු ඉරිදා දින ප‍්‍රහාරයෙන් පසුවද මෙම සමාජ ජාලයන් සතියක කාලයක් වාරණය කර තිබින.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More