දේශීය පුවත්

ශ්‍රී ලංකා මහබැංකුවේ බැඳුම්කර සහ බරපතල වංචා පිළිබඳ ජනාධිපති කොමිසම් වාර්තා ගැන විවාදය පෙබරවාරි 06 වැනිදා පැවැත්වීමට තීරණය කළ බව පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් ප්‍රකාශ කළේය.

පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව (පාර්ලිමේන්තුවේ පක්ෂ නායක රැස්වීම) අද (2018.01.30) දහවල් 12ට ගරු කථානායක කරු ජයසුරිය මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්විය. මෙම අවස්ථාව සඳහා නියෝජ්‍ය කථානායක ගරු තිලංග සුමතිපාල, පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව නියෝජනය කරන ඒ ඒ පක්ෂ නියෝජිතයන් වන අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල. අමාත්‍ය මහින්ද සමරසිංහ, පාර්ලිමේන්තු මන්ත්‍රි දිනේෂ් ගුණවර්ධන, පාර්ලිමේන්තු මන්ත්‍රී රවි කරුණානායක , පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් සහ යන මහත්වරු සහභාගී වූහ.
ඊට අමතරව ද්‍රවිඩ ජාතික සන්ධානයේ නියෝජිතයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ. සුමන්තිරන් මහතා ද සහභාගී විය.

මෙම අවස්ථාවට ගරු කථානායකතුමාගේ විශේෂ ඇරයුම පරිදි මැතිවරණ කොමිසන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය එහි සෙසු සමාජිකයන් දෙදෙනා වන ජනාධිපති නීතිඥ නලින් ජයන්ත අබේසේකර, මහාචාර්ය සැමුවෙල් රත්නජීව සහ මහත්වරු සහ අතිරේක මැතිවරණ කොමසාරිස් එම්.එම්.මොහොමඩ් යන මහත්වරුද එක් වූහ.

එළඹෙන පෙබරවාරි 08 දින පාර්ලිමේන්තුව කැඳවීම පිළිබඳව ගරු අග්‍රාමාත්‍යතුමා විසින් පලකර ඇති අදහස් සහ එහිදී ඇති විය හැකි ප්‍රයෝගික තත්වයන් පිළිබඳව මැතිවරණ කොමිෂන් සභාව පෙන්වා දී ඇති කරුණු කෙරෙහි රැස්වීමේ මූලික අවධානය යොමු විය.

මෙහිදී මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති වරයා ඇතුළු කොමිෂන් සභාව විසින් සාධාරණ නීතිගරුක මැතිවරණයක් පැවැත්වීම සඳහා ගෙන ඇති පියවර අගය කල කථානායක කරු ජයසුරිය මහතා පෙන්වා දුන්නේ ඔවුන් විසින් සාර්ථක අන්දමින් ඉටුකරමින් පවතින මැතිවරණ පැවැත්වීමේ ක්‍රියාවලියට බාධා නොවන ලෙස තීරණ ගැනීම සුඳුසු වන බැවින්, හැකියාවක් තිබේ නම් පෙබරවාරී 08 වන දාට පෙර දිනයක පාර්ලිමේන්තුව කැදවීම සඳහා සලකා බැලීම සුදුසු බවයි.

පක්ෂ නායක රුස්වීමට එක් වූ බහුතර පිරිසද එය අනුමත කරමින් අදහස් දැක්වූහ.

අනතුරුව මෙම කරුණු පිළිබඳව ගරු අග්‍රාමාත්‍යතුමන්ගේ ද මතය විමසා සිටි අතර, එතුමන් දන්වා සිටියේ පෙබරවාරී 06 දින පාර්ලිමේන්තුව රැස්කිරිම යෝග්‍යවනු ඇති බවයි. ඒ අනුව ස්ථාවර නියෝග 14 යටතේ, එදින පාර්ලිමේන්තුව කැඳවන ලෙස ගරු අග්‍රාමාත්‍යතුමන් විසින් කථානායකතුමන්ගෙන් නිල වශයෙන් ඉල්ලා සිටින ලදී.

ඒ අනුව පෙබරවාරි මස 06 දින පෙ.ව. 10.30 ට පාර්ලිමේන්තුව රැස්වීමට නියමිත වන අතර, එහිදී බරපතල වංචා හා දූෂණ පිළිබඳ ජනාධිපති කොමිෂන් සභා වාර්තාව සහ

මහබැංකු බැඳුම්කර පිළිබඳ ජනාධිපති කොමිෂන් සභා වාර්තාව පාර්ලිමේන්තුවේ විවාදයට ගැනෙනු ඇත.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More