දේශීය පුවත්

ඇතිවූ නොසන්සුන්කාරී තත්වයක් හේතුවෙන් එම තත්වය පාලනය කර ගැනීම සදහා වහාම ක්‍රියාත්මක වන පරිදි මීගමුව පොලිස් කොට්ටඨාශයට බලපැවැත්වෙන පරිදි හෙට(06) උදෑසන 7.00දක්වා පොලිස් ඇදිරිනීතිය පනවා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසයි.

මෙම ගැටුම මීගමුව කොච්චිකඩේ පොරුතොට ප්‍රදේශයේ අද සවස සිදුව ඇත්තේ එක් පාර්ශවයක තරුණයින් දෙදෙනෙකුට, අනෙක් පාර්ශවයේ පිරිසක් පහරදී කැපුම් තුවාල සිදු කිරීමත් සමග බව කියයි.

පසුව පහර කෑමට ලක්වු පිරිසේ විශාල පිරිසක් පොරුතොට ප්‍රදේශයට කඩා වැදී ප්‍රකෝපකාරි අයුරින් හැසිරී ඇති බවත් එහිදි වාහන කීපයකට හා වෙළඳසැල් ගණනාවකටත් හානි සිදුව ඇති බවත් ඒ සමගම ආගමික ස්ථානයකටත් හානි සිදුව ඇති බවද කියයි.

පසුව පොලිසිය හා යුද හමුදාව එක්ව තත්වය පාලනය කරමින් පවතින බවද වාර්තා වෙයි. මෙම තත්වය පාලනය කිරීමට වහාම අදාල ගැටුම ඇතිවු ප්‍රදේශය ඇතුළු මිගමුව පොලිස් කොට්ඨාශයටම ඇඳිරි නීතිය හෙට උදෑසන 7 දක්වා ක්‍රියාත්මක කිරීමට පොලිස් මුලස්ථානය නිවේදනයක් නිකුත් කර තිබේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More