දේශීය පුවත්

පාස්කු ඉරුදින ප්‍රහාර මාලාව සැලසුම් කළ බවට සැළකෙන සහරාන් හෂීම් විසින් කාත්තන්කුඩි ප්‍රදේශයේ පවත්වාගෙන ගිය පුහුණු කදවුරක් ආරක්ෂක අංශ විසින් සොයාගෙන ඇත.

අක්කර 10ක පමණ භූමි ප්‍රදේශයකින් සමන්විත ඉඩමක මෙම කඳවුර පවත්වාගෙන ගොස් තිබු අතර අදාළ ස්ථානය සහරාන් ඇතුළු කණ්ඩායම විසින් නිෂ්පාදනය කරන ලද පුපුරණ ද්‍රව්‍ය අත්හදා බැලීම සඳහා භාවිත කර ඇති බව අනාවරණය වී ඇත.

අදාළ ඉඩමේ හිමිකරු එහිදී අත්අඩංගුවට ගත් බව කාත්තන්කුඩි පොලීසිය සඳහන් කළේය.

එම ඉඩමට යාබද ඉඩම පසුගියදා සෞදි අරාබියානු ආරක්ෂක අංශ විසින් එරට දී අත්අඩංගුවට ගත් සහරාන් හෂීම්ගේ ඥාතී සහෝදරයාට අයත් බවට ද තොරතුරු අනාවරණය වී ඇත.

සයින්දමරුදු මරාගෙන මැරෙන ප්‍රහාරයක් සිදුකළ සහරාන් හෂීම්ගේ ඥාතී සහෝදර රිල්වාන් නැමැත්තා 2007 වසරේදී මෙම පුහුණු කඳවුරෙන් පුහුණුව ලබන අතරතුර සිදුවූ පිපිරීමකින් ඔහුගේ ඇඟිලි වලට හා ඇහැකට හානි සිදුව ඇති බවත් විමර්ශන වලදී අනාවරණය වී තිබේ.

මෙම කඳවුර තුලදී මරාගෙන මැරෙන පුහුණු කිරීම් හා බෝම්බ නිපදවීම ද සිදු කර ඇති බවත් අනාවරණය වි ඇත.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More