දේශීය පුවත්

හෙට (06) දින රජයේ පාසල්වලින් කොටසක් විවෘත කිරීමට ගෙන ඇති තීරණය මේ මොහොතේ යෝග්‍ය නොවන බව අස්ගිරි මහ නායක පූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන ස්වාමීන් වහන්සේ පැවසූහ.

දෙමව්පියන්,ගුරුවරු ඇතුළු බොහෝ දෙනා සඳහන් කරන පරිදි පාසල් විවෘත කිරීමට තරම් වාතාවරණයක් රට තුළ නොමැති හෙයින් රජය මේ පිළිබඳව අවධානය යොමුකළ යුතු බවයි උන්වහන්සේ සඳහන් කරන්නේ.

දරුවන්ගේ ආරක්ෂාව පතන දෙමව්පියන් හා ගුරුවරු යන දෙපක්ෂයම ආරක්ෂාව සම්බන්ධයෙන් සතුටුදායක තත්ත්වයක නොමැති බව උන්වහන්සේ ප්‍රකාශ කළහ.

ඒ අනුව ජනාධිපතිවරයා,අගමැතිවරයා සහ අධ්‍යාපන ඇමතිවරයා මේ සම්බන්ධයෙන් තවදුරටත් සිතා බලා තීරණයක් ගතයුතු බව පූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන ස්වාමීන් වහන්සේ අවධාරණය කළහ.

ආරක්ෂාව පිළිබඳ විශ්වසනීයත්වයකින් පසු සියලුම පාසල් එකම දිනක ආරම්භ කිරීමට කටයුතු කරන ලෙස උන්වහන්සේ බලධාරීන්ගෙන් වැඩිදුරටත් ඉල්ලාසිටියහ.

නදීක දයා බණ්ඩාර – මහනුවර



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More