දේශීය පුවත්

යාපනය චුණ්ඩික්කුලි බාලිකා විදුහලේ විදුහල් පතිනියගේ නිවසට එම විදුහලේ බෝම්බ තබන බව සඳහන් කරමින් අයි.එස්.අයි.එස්. සංවිධානයට අයත් ධජයද ඇතුලත් ජතික තවුහිද් ජමාද් සංවිධානය නමින් ලිපියක් එවා ඇති බවට යාපනය පොලීසිය පවසයි.

දුණ්ඩික්කුලි බාලිකා විදුහලේ විදුහල් පතිනි රුසිධරන් දුෂ්‍යන්ති මහත්මියගේ නිවසට මෙසේ මෙම තර්ජනාත්මක ලිපිය ලැබී ඇති අතර එම අවස්ථාවේම විදුහල් පතිනිය විසින් ඒ බව පොලීසියට දැනුම් දී ඇත.

මේ අනුව අදාල ලිපියේ අයි.එස්.අයි.එස්. ධජයට අමතරව  තරුණයෙකුගේ ඡායාරූපයක්ද දක්නට ලැබෙන අතර එම තරුණයා කව්රුන්දැයි යන්න මෙතෙක් හෙලි වී නොමැති බවත් එම ලිපිය දෙමළ බසින් ලියා ඇති බවද යාපනය පොලීසිය පවසයි.

අදාල ලිපය එවූ පුද්ගලයින් මෙතෙක් හෙලී වී නොමැති අතර එම පිරිස් සොයා පරික්ෂණයක් අරඹා ඇති බවටද යාපනය පොලීසිය පවසයි.

– වන්නි රොමේෂ් මධුෂංඛ



One thought on “බෝම්බ පුපුරවන බව පවසමින් යාපනය බාලිකා විදුහලක විදුහල්පතිනියට ISIS ධජය සමග තර්ජනාත්මක ලිපියක්…”

  1. ISISලා ඔහොම තැන කිය කියා ගහනවද?

    ඔය මේවට තියන කොටි සම්බන්දය වහන්න කරන ඒවා වෙන්න පුලවන්. කොටි සම්බන්දය හරියටම ස්ථිර වුනොත් ඒ අයට ජාත්‍යන්තරයෙන්, විශේෂයෙන් ඒ අය එකතු වි වැඩ කරන ජාත්‍යන්තරයෙ කිතුනු ප්‍රජාවගෙ අප්‍රසාදය, අනෙක් පැත්තෙන් කොටි ඩයස්පෝරාව පිටි පස්සෙ ඉන්නෙ මොන රටවල්ද කියල හැමෝම දන්නවා.
    පලාත් 9 ටම ගහන්න එකග නොවුනෙත් මේ කොටි සම්බන්දය නිසා වෙන්න ඇති.
    ඒ එක්කම උතුරට හමුදාව තව යවන්න වුනාම දකුනට ගහන්නත් ලේසියි.
    ඒ වගේම දෙහිවල පල්ලියට පමනක් ආරක්ෂාව පිලිබද දැනුවත්විම් උනේ කොහොමද? ඒ පල්ලියට උසස් තලයේ වැජබෙන දෙමල කිතුනු බැතිමතුන් එනවාද? නැගෙනහිර මඩකලපුවේ නම් ඇත්තෙ ගෙදරකින් වතුරවත් දෙන්නැති දෙමල අයනෙ.
    සෙන්ට්රල් බැංකුවට ගහන දවසෙ දමිල අය වැඩට නොආ බව මතක්වුන නිසයි මෙහෙම කියන්නෙ.
    කොහොම නමුත් මුස්ලිම් අන්තවාදය කියන සතා අතහැරියාට පස්සෙ පාලනය කරන්න නම් ඒකට පන දුන්න අයටත් අමාරු වේවි.

    ප්‍රතිත‍්‍රස්ත පනතත් චම්පිකට සිවිල් ආරක්ෂක බලතල දිමත් මේ ජාත්‍යන්තර කුමන්ත‍්‍රනයේ ඊලගට අදින උගුල් වෙන්න ඇති.

Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More