ව්‍යාපාරික පුවත්

කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශයේ නියමය පරිදි අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය රැසක මිල ගණන් ඉහළ දැමීමට ලක් සතොස ආයතනය පියවර ගෙන තිබේ.

ඒ අනුව පසුගිය සතිය වනවිට කිලෝව රුපියල් 155ක්ව පැවැති අර්තාපල් මිල රුපියල් 220 දක්වා රුපියල් 65කින් වැඩිකර ඇත. මුලින් රුපියල් 75ක් වූ බොම්බයි ලූනු කිලෝවක නව මිල රුපියල් 85කි.

මේ වනවිට රටේ ඉහළම වී අස්වැන්න ලැබී සහල් මිල පහළ යාමේ ප්‍රවණතාවයක් පවතින බව බලධරයන් පැවසුවද කිලෝව රුපියල් 58ක්ම පැවැති රතු කැකුළු කිලෝව රුපියල් 64 දක්වා ද සුදු කැකුළු කිලෝව රුපියල් 72 දක්වාද මිල ඉහළ නංවා තිබේ. සුදු කැකුළු මෙයට පෙර අලෙවි කළේ කිලෝව රුපියල් 66 බැගිනි. මේ අනුව සහල් කිලෝව රුපියල් 6කින් වැඩි කර තිබේ.

ලක් සතොස මෙසේ මිල වැඩි කළද අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමයේ මාධ්‍ය ලේකම් හේමක ප්‍රනාන්දු දේශයට පැවසුවේ මේ වනවිට ලෝක වෙළෙඳ පොළේ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල ගණන් අඩුවෙමින් පවත්නා බවය.

ආනයනික අර්තපල් කිලෝවක තොග මිල රැපියල් 85-90 අතර පවතින අතර බොම්බයි ලූනු කිලෝවක තොග මිල රුපියල් 52-53 අතර පවතී. මේ මිල මෙයට පැවැති මිලට වඩා කිලෝවකට රුපියල් 6-8ක ප්‍රමාණයේ පහළ යාමකි. එසේම කිලෝව රුපියල් 240ක්ම තිබූ සුදු ලූනු කිලෝවක මිලද රුපියල් 207 දක්වා මේ වනවිට අඩුව තිබේ. ඉදිරියේදී අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල තවදුරටත් පහළ යනු ඇතැයි ඔහු අනාවැකි පළකරයි.

මෙලෙස ලක් සතොස අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල ඉහළ නැංවූයේ ඇයිද යන්න පාරිභෝගික සේවා අධිකාරියෙන් විමසූ විට එහි ප්‍රකාශිකාවක් පැවසූවේ කර්මාන්ත හා වාණිජ කටයුතු පිළිබඳ අමාත්‍යාංශ මගින් මෙම මිල තීරණය කර ඇති අතර ඒ අනුව මිල වැඩි කර ඇති බවය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More