දේශීය පුවත්

ජාතික තව්හිද් ජමාත් සංවිධානයේ මුල්‍ය පරිපාලක ලෙස කටයුතු කළ බවට සැකකෙරෙන අබ්දුල් සක්තාර් මොහොමඩ් නැමැත්තා අත්අඩංගුවට ගෙන තිබේ.

ආරක්ෂක අංශ විසින් සිදුකළ සෝදිසි මෙහෙයුමකදී සැකකරු සතුව තිබී එම සංවිධානයේ සාමාජිකයින් සමඟ හුවමාරු කළ රුපියල් කෝටියකට අධික මුදල් ගණුදෙනු සම්බන්ධයෙන් වන රිසිට් පත් 200ක් සහ තවත් රිසිට් පත් 25ක් සිය භාරයට ගෙන ඇති බව සඳහන්ය.

එමෙන්ම අයි.එස් ත්‍රස්ත සංවිධානය සම්බන්ධයෙන් වන විඩියෝ පට, යුධ හමුදා ඇඳුමට සමාන ඇඳුමකින් සැරසී සිටින ඡායරූප, ජාතික හැඳුනුම්පත් 2ක් සහ පසුගියදා තෙල්දෙණිය ප්‍රදේශයේ දී සිදු වු ගැටුම පිළිබඳ වන වීඩියෝ පටද ආරක්ෂක අංශ භාරයට ගෙන තිබේ.

ජාතික තවුහිද් ජමාත් සංවිධානයේ මූල්‍ය පාලක ලෙස සැකකෙරෙන අබ්දුල් සක්තාර් අත්අඩංගුවට ගනු ලැබුවේ, ගම්පොලදීය.

ඒ, මරාගෙන මැරෙන සහෝදරයින් දෙදෙනා සැගව සිටි ගම්පොල පාවහන් වෙළඳසැල හිමි පුද්ගලයාගේ නිවස අසල කුලි නිවසක සිටියදීය.

ඔහු සන්තකයේ තිබී හමුදා කැළෑ ඇඳුමකට සමාන ඇඳුමකින් සැරසී සිටින ඡයාරූපය දෙකක් සහ ජාතික හැදුනුම්පත් 2 ක් තිබී සොයාගෙන තිබේ.

පොලීසිය පැවසුවේ, රුපියල් කෝටියකට අධික මුදල් ගනුදෙනු සටහන් මෙහිදී සොයාගත් බවයි.

ජාතික තවුහිද් ජමාත් සංවිධානයට මුදල් ලැබුණු බවට රිසිට් පත් 200ක් හා ගෙවිම් සිදුකරනු ලැබු බැංකු රිසිට් පත් 25 ක් මෙහිදී හමුවුණි.

ලැප්ටොප් යන්ත්‍රයක් සහ ජංගම දුරකථන ඇතුලු උපකරණ රැසක් ද මෙහිදී පොලිස් භාරයට ගැණුනි.

ප්‍රහාරයෙන් පසුව මාධ්‍ය හරහා විකාශය වූ පුවත් මෙන්ම දිගන සිද්ධියේ දර්ශන ද ලැප්ටොප් යන්ත්‍රය තිබි සොයාගත් අතර එම දත්ත සගවා තිබී ඇත්තේ, අසභ්‍ය දර්ශන තුළයි.

පාස්කු ඉරුදා දින ප්‍රහාරයෙන් පසුව සිය සංවිධානයේ සාමාජිකයින්ට ආරක්ෂිතව සිටින ලෙස කාන්තාවක් විසින් උපදෙස් දෙන හඩපටයක්ද ගම්පොල පොලීසිය මෙහිදී සොයාගත්තේය.

සැකකරු අද ගම්පොල මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කළේය.

අද දෙරණ



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More