පුරවැසි කොලම

පාස්කු ප්‍රහාරයෙන් පසු කාදිනල්තුමා ඉදිරියට පැමිණියා. එය එක්තරා
ආකාරයකට මළවුන්ගෙන් නැගිටීමක් බඳුයි. ඒ වගේ ම සිංහල බෞද්ධ
විරෝධී පඬියන් කුරුසියේ ඇන ගසනු ලැබුවා. භික්‍ෂූන් වහන්සේත් සිංහල
බෞද්ධයනුත් අතරමං වෙලා. භික්‍ෂූන් වහන්සේ තරමක් පස්සට ගිහින්.
දේශපාලනඥයන් නම් කිසි දිනෙක අතරමං වන්නේ නැහැ. ඔවුන් ජනතාව
අතරමං කරනවා පමණයි.

මා උගතකුවත් පඬියකුවත් නො වෙයි. මා කතන්දර කියන්නෙක් පමණයි.
බටහිර විද්‍යාඥයන් කරන්නෙත් කතන්දර කීම පමණයි. මා බටහිර
විද්‍යාඥයන්ගෙන් ඉගෙන ගත් එක ම දේත් කතන්දර කීම පමණයි. එහෙත් මට
ඔවුන්ට තරම් හොඳට ඔවුන්ගේ කතන්දර කියන්න බැහැ. ඒ මා ඔවුන්ගේ
සංස්කෘතියේ නොවන නිසයි. ඔවුන්ගේ චින්තනය මට ආගන්තුක වන බැවිනුයි.
මා කතන්දර කියන්නේ සිංහල බෞද්ධ සංස්කෘතියේ සිංහල බෞද්ධ චින්තනය
මත පදනම් වෙමින්.

සිංහල බෞද්ධයන්ගේ ප්‍රශ්නය ඔවුන් ඉතිහාසයේ වියුක්ත ප්‍රවාද ගොඩනගා
නොතිබීමයි. ඔවුන් වියුක්ත කතන්දර ගොතා නොතිබීමයි. අද සිංහල
බෞද්ධයන් වැඩ කරන්නේ පාස්කු ප්‍රහාරය ගැන කිසිම කතන්දරයක පදනම්
නොවෙමින්. එය ඊනියා උගතුන්ටත් පොදුයි. අද බෞද්ධ අබෞද්ධ සිංහලයන්
කරන්නේ සංයුක්ත කතන්දර ඇහීමයි. අතන ආයුධ අහුවෙලා මෙතන ආයුධ
අහුවෙලා. අහවල් අන්තවාදියා අහුවෙලා. එයාගෙ බිරිඳ පියා අක්කා අහුවෙලා
ආදී සංයුක්ත කතන්දර අහන එක පමණයි. කොතරම් කීවත් වියුක්ත
කතන්දරයක් ගොතා ගන්නෙත් නැහැ. ගොතපු එහෙකට ඇහුම්කන් දෙන්නෙත්
නැහැ.

අද පඬියන්ට කිසිම හව්හරණක් නැහැ. ඔවුන්ගේ අවාසනාවකට මෙන් ඔවුන්
කෙතරම් හීනමානයකින් වෛර කළත් ඔවුන්ට වැඩ කරන්න වෙන්නෙ ඔවුන්
තම මව්පියන්ගෙන් හා අනෙක් අයගෙන් උරුම කර ගත් සිංහල බෞද්ධ
සංස්කෘතියෙහි. ඔවුන්ට කිසි දිනෙක ඩ්‍රීම් ස්ටාර් තරගකරුවන්ගෙන් එහාට
යන්න බැහැ. ඔවුන් අනුන්ගෙ බයිලා කියනවා විතරයි. එහෙත් අඩු කරමෙන්
බයිලා රිද්මයටවත් කියන්න බැහැ. කොහොමටත් ඔවුන් කිව්වෙ බයිලා
පමණයි. අද බයිලාවත් කියැවෙන්නේ නැහැ.
පාස්කු ප්‍රහාරය සිංහලයන්, විශේෂයෙන් ම සිංහල බෞද්ධයන් උසිගැන්වීම
මූලික කරගත් දෙයක්. එහි තවත් අරමුණු තිබුණා. ඊයේ ලිපියේ ඒ සඳහන්
කර ඇති. මුස්ලිම් අන්තවාදය පටන් ගත්තේ වහාබ්වාදයෙන්. වහාබ්තුමා
ක්‍රිස්තියානි ආගමේ ලූතර පූජකතුමා වැනි අයෙක්. එතුමාටත් වුවමනා කර
තිබුණේ මුල් ඉස්ලාම් ආගම වෙතට යෑමට. දොළොස් වැනි සියවස පමණ වන
විට ඉස්ලාම් ආගම පිරිහිලා තිබුණා. ඔවුන්ගේ ඒකදේවත්වය දියවෙලා
ගිහිල්ලා. තව්හීඩ් කියන වචනය මේ ඒකදේවත්වය වෙනුවෙන් යොදා
ගැනෙන්නක්. අල්ලාහ් දෙවියන් ගැනයි කියැවුණෙ. වහාබ්තුමාට අවශ්‍ය වුණෙ

මේ ඒකදේවත්වය වැනි ඉස්ලාම් ආගමේ මූලික කරුණුවලට ආපහු යන්න.
වහාබ්වාදය කියන එක වහාබ්තුමා නිසා ඇති වූවක්. දැන් මගෙන් අහන්න
එපා මූලාශ්‍ර කෝ කියා. අවශ්‍ය අයකුට අන්තර්ජාලයෙන් ඕනවටත් වැඩිය දත්ත
හොයා ගන්න පුළුවන්. මා කරන්නේ මා කියවා ඇති අසා ඇති දත්ත අනුව
කතන්දරයක් ගෙතීමයි. කතන්දරේ පොතක පතක නැති වෙන්න පුළුවන්.
වහාබ්වාදයට ලූතර්වාදයට මෙන් චින්තන විප්ලවයක් පදනම් වුණේ නැහැ.
ලූතර්වාදය පහළොස්වැනි සියවසේ ඇති වූ චින්තන විප්ලවයක ප්‍රතිඵලයක්.
ලූතර්වාදයට සාමූහිකත්වයෙන් පෞද්ගලිකත්වයට මාරු වුණු චින්තනයක්
තිබුණා. මා කියන්නේ මේ චින්තනය ඉතාලියේ පිරෙන්ට්සි නගරය ආශ්‍රිත ව
සිදු වුණා කියලා. එහි ඇති ඩේවිඩ් ප්‍රතිමාව ඒ චින්තන විප්ලවයේ
සංකේතයක් බව මා ලියා තියෙනවා. දැන් මගෙන් අහන්න එපා ඒ ලිපි
කොහෙද කියා. මා ඒ කරුණවත් දනනේ නැහැ. මා දත්ත එකතු කරන්නෙක්
අඩු තරමෙන් මගේ ලිපි එකතු කරන්නෙක්වත් නො වෙයි. මේ චින්තන විප්ලව
කතාව නම් වෙනත් අයකුගේ පොතක පතක නැහැ. ඒ නිසා කොහොමටත්
මුලාශ්‍ර දෙන්න බැහැ.

ලූතර්වාදය පදනම් කරගෙන බටහිර විද්‍යාව ඒ හා බැඳි තාක්‍ෂණය ආදිය ඇති
වුණා. අද ලෝකය පාලනය වන්නේ ලූතර්වාදයට ද පදනම් වූ චින්තනයෙන්.
එය කතෝලික චින්තනයට වෙනස්. කතෝලික චින්තනයෙන්වත් මුස්ලිම්
චින්තනයෙන්වත් එහි ම ඵලයක් වූ වහාබ්වාදයන්වත් බටහිර විද්‍යාව වැන්නක්
ඇති වුණේ නැහැ. එහෙත් ඔටොමාන් අධිරාජ්‍යය ගොඩ නැගීමේ දී එය
බලපෑවේ ද යන්න විමසා බැලිය යුතුයි. ඒ අධිරාජ්‍යය ලෝකයේ වැඩිම
කාලයත් තිබූ අධිරාජ්‍යයි. එය 1301 සිට 1922 දක්වා පැවතුණූ බවයි
කියැවෙන්නෙ. සමහරවිට ඉන්දියාවේ පිිටුවනු ලැබූ මූගල් අධිරාජ්‍යයටත් එය
බලපාන්න ඇති. බෞද්ධයන් අධිරාජ්‍ය ගොඩනැගුවේ නැහැ. චීනුන් නම් කප්පන්
අධිරාජ්‍යයක් (එයත් පොත්පත්වල නැහැ) නැගෙනහිර අසියාවේ ගොඩනැගුවා.
අයිසිස් (ISIS) ආදී සංවිධාන පදනම් වන්නේ වහාබ්වාදයෙහි. අයිසිස් කියන්නෙ
ඉරානයේ හා සිරියාවේ ඉස්ලාම් රාජ්‍යය (Islam State of Iran and Syria)
යන්නයි. ඉස්ලාම් රාජ්‍යයක් නැති වුණාට ඒ නමින් සංවිධානය ක්‍රියාත්මක
වෙනවා. එයට අමතර ව අයිඑස්අයිඑල් (ISIL) කියාත් කියන සංවිධානයක්
තියෙනවා. මෙහි එල් තියෙන්නෙ ලෙවෙන්ට් (Levent) යන්නට. අයිසිස් අයිසිල්
දෙක ම එකක් ද යන ප්‍රශ්නයකුත් තියෙනවා.

අයිසිස් සංවිධානය පමණක් නොව අල් ක්වේඩා සංවිධානයත් බටහිරයන්ගේ
නිර්මාණ. බටහිරයන් සුන්නි ෂියා වෙනස්කම් එහි දී යොදා ගන්නවා. එයින්
කියැවෙන්නෙ බටහිරයන් සුන්නි හරි ෂියා හරි පැත්තක් ගන්න එකක් නො
වෙයි. බටහිර නූතනත්ව සංස්ථාපනය (ඊයේ ලිපියෙහි සම්පූර්ණ හැඳින්වීම
ඇති) තමන්ට අවශ්‍ය නැති පාලකයන් ඉවත් කිරීම සඳහා මේ සංවිධාන ද
වෙනත් සංවිධාන ද යොදා ගන්නවා. ඒ බවත් අන්තර්ජාලයේ ඇතැම් ලිපිවලින්
දැනගන්න පුළුවන්. එහි බටහිරයන් වෙනුවෙන් ලියම ලිපිවලින් නම් නො

වෙයි. අරාබි වසන්තය දැන් පඬියන්ටත් අමතකයි. ලංකාවෙ ජාතික තව්හිඩ්
ජමාත් සංවිධානය අයිසිස් සමග සම්බන්ධ බව හෙළිදරවු වෙලා.
පාස්කු ප්‍රහාරයෙහි ප්‍රධාන අරමුණු ඉටු කර ගන්න බැරි වෙලා. සිංහලයන්
ප්‍රචණ්ඩ ක්‍රියාවලට පෙළඹුනේ නැහැ. අළුත්ගම හා දිගන සිද්ධිවල දී මෙන්
ක්‍රියා කරන්න බටහිර නූතනත්වයේ නියෝජිතයන් අසමත් වෙලා. ඒ නිසා
දේශපාලන කැළඹීමක් ඇති කර රනිල් බලයට පත් කර ගන්න බැරි වුණා.
එහෙත් භික්‍ෂූන් වහන්සේ තරමක් පස්සට ගිහින්. භික්‍ෂූන් වහන්සේ පස්සට
යෑම සිංහල බෞද්ධ සංස්කෘතිය දුර්වල කිරීමක් වෙනවා. රනිල් බලයෙන් පහ
කරන්න ඕන. එහි ප්‍රධාන උපදේශකත්වය භික්‍ෂූන් වහන්සේ ගන්න
ඕන.
nalinda silva



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More