ත්රස්ත ප්‍රහාරයත් සමග දිවයින පුරා සෝදිසි මෙහෙයුම් දියත් වුවද ඒවා පිලිබද සෑහීමට පත්විය නොහැකි බව ත්‍රස්ත විරෝධි ජාතික එකමුතුව පවසයි.
එහි මහලේකම් පූජ්‍ය මැඩිල්ලේ පඤ්ඤාලෝක හිමියන් කියා සිටියේ, බොහෝ දේශපාලකයන්ගේ බලපෑම් නිසා බොහෝ ප්‍රදේශවල මුස්ලිම් පල්ලි පරික්ෂා කිරීම සිදුව නොමැති බවයි.
අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ලගේ සහ අමාත්‍ය අබ්දුල් හලීම්ගේ බලපෑම මත අකුරණ, මැණික්හින්න, මඩවල, දිගන ප්‍රදේශවල මුස්ලිම් දේවස්ථාන හා මුස්ලිම් ගම්මාන පරික්ෂා කිරීමට ආරක්ෂක අංශවලට ඉඩ ලබා දී නැති බවට ඉතා විශ්වාස කටයුතු තොරතුරු ලැබී ඇති බවද එහිමියන් සදහන් කර සිටියේ ය.
මේ අතර දිවයින පුරා හසු වූ කඩු කිණිසි ආදී ආයුද සම්බන්ධයෙන් ‘තහනම් පිහි ආඥා පනත‘ යටතේ සැකකරුවන් උසාවියට ඉදිරිපත් කිරීමට පොලිසිය කටයුතු කරන බවත්, ඒ අනුව එම සැකකරුව් සුළු දඩයක් ගෙවා නිදහස් වීමේ හැකියාවක් පවතින බවද උන්වහන්සේ කියා සිටියේ ය.
උතුරු- නැගෙනහිර දෙපාළාතේ විහාරස්ථානවල හා භික්‍ෂුන් වහන්සේලාගේ ආරක්‍ෂාවට වැඩ පිළිවෙලක් සකසන ලෙස ඉල්ලා ත‍්‍රස්ත විරෝධී ජාතික එකමුතුවෙන් පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක්
Gepostet von Medille Pagngnaloka Thera am Mittwoch, 1. Mai 2019
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...