දේශීය පුවත්

ඉස්ලාමීය ආගමික අන්තවාදය රට පුරාම ව්‍යාප්ත වන බවට විවිධ අනතුරු ඇගවීම් කළද රජය ප‍්‍රතිපත්තිමය වශයෙන් ඒ සම්බන්ධයෙන් දැඩි නිහඩතාවයකින් කටයුතු කළ බව හෙළ ජන බලය සංවිධානය පවසයි.

මාධ්‍ය නිවේදනයක් යෙමු කරමින් එම සංවිධානය පෙන්වාදෙන්නේ ඉස්ලාමීය අන්තවාදය මැඩපැවැත්වීම වෙනුවට එම අනතුර පෙන්වාදුන් භික්ෂූන් වහන්සේලා සහ පුද්ගලයන් අත්අඩංගුවට ගනිමින් ඔවුන් සිරගත කළ බවත් ඊනියා සංහිදියාවේ නාමයෙන් රජය ගෙනගිය පක්‍ෂපාතී නිවට ප‍්‍රතිපත්තිය ප්‍රතිඵල පසුගිය කාලයේ සිදුවූ අන්තවාදීන්ගේ ක්‍රියාවන්ගෙන් පෙන්නුම් කළ බවද අවධාරණය කර සිටියි.

මෙම අන්තවාදී කල්ලි කණ්ඩායම් හේතුවෙන් ඉදිරියේදී ඇතිවිය හැකි අහිතකර ප‍්‍රතිඵල වලක්වාලීම සදහා වන කරුණු 10කින් යුතු යෝජනාවලියක් ද හෙළ ජන බලය සංවිධානය විසින් ඉදිරිපත් කර තිබේ.

සම්පූර්ණ ලිපිය පහත්න්

ගෞරවණීය භික්ෂූන් වහන්ස,
පූජකතුමනි,
සියලූ මාධ්‍ය ආයතන ප‍්‍රධානීන්,
ආදරණීය රටවැසියනි,

පසුගිය පාස්කු ඉරිදා දින සාමාන්‍ය සිවිල් වැසියන් ඉලක්ක කර ගනිමින් අන්තවාදී ඉස්ලාමීය ජාතික තවුහිද් ජමාත් සංවිධානය විසින් එල්ලකරන ලද නිර්ලජ්ජිත ප‍්‍රහාරය අපි ඉතා පිළිකුලෙන් යුතුව හෙලා දකිමු. ඒ හා සමානවම සුලූ ජාතික ඡුන්ද මඩිය වෙනුවෙන් ඊනියා සංහි`දියාවේ නාමයෙන් මෙම ඉස්ලාම්ය අන්තවාදය පෝෂණය වීමට ඉඩ සලසමින් මෙම සමූල ඝාතනයට ඉඩ සැලසූ ජනාධිපතිවරයා, අගමැතිවරයා ප‍්‍රමුඛ වර්තමාන ආණ්ඩුව ද මේ සම්බන්ධයෙන් පිළිකුලෙන් හෙලා දකිමු.

ඉස්ලාමීය ආගමික අන්තවාදය රට පුරාම ව්‍යාප්ත වන බවට විවිධ අනතුරු ඇ`ගවීම් පැවතීයදී රජය ප‍්‍රතිපත්තිමය වශයෙන් ඒ සම්බන්ධයෙන් දැඩි නිහ`ඩ අනුකූලතාවක් පෙන්නුම්කරන ලදී. ඉස්ලාමීය අන්තවාදය මැඩපැවැත්වීම වෙනුවට එම අනතුර පෙන්වාදුන් භික්ෂූන් වහන්සේලා සහ පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම පමණක් මෙම රජයෙන් සිදුකරන ලදී. ඊනියා සංහි`දියාවේ නාමයෙන් මෙම රජය ගෙනගිය පක්‍ෂපාතී නිවට ප‍්‍රතිපත්තිය පසුගිය වසරේ්දී දිගන ප‍්‍රදේශයේදී ඇතිවූ සිද්යේදී ඉතා පැහැදිලි විය. එහිදී මෙම සිදුවීමට සම්බන්ධයැයි සැකකල සිංහල තරුණයන් සුවිශේෂී අවස්ථාවකදී මහාධිකරණයෙන් හැර ඇප ලබා දිය නොහැකි සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබද ජාතික සම්මුති පනත යටතේ අත්අඩංගුවට ගනු ලැබූ අතර මුස්ලිම් පිරිස සාමාන්‍ය අපරාධ දණ්ඩ නීති සංග‍්‍රහය යටතේ අත්අඩංගුවට ගෙන පහසුවෙන් ඇප මත නිදහස් කරන ලදී. දැනට ලැබී තිබෙන තොරතුරු අනුව ජනාධිපතිවරයා හා හිටපු ආරක්ෂක ලේකම්වරයා ඝාතනය කිරීමට කුමන්ත‍්‍රණය කරායැයි සැකපිට අත්අඩංගුවේ පසුවන නියෝජ්‍ය පොලිස්පති නාලක පෙරේරා මෙම ජාතිවාදී සිදුවීම පසුපස සිටිි බව වාර්තා වේ.
මෙම මනුෂ්‍ය ඝාතනයෙන් පසුව පැවති මාධ්‍ය සාකච්ඡුාවකදී ආණ්ඩුවේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයෙක් වන කබීර් හෂීම් ප‍්‍රකාශකරේ විශාල වශයෙන් පුපුරන ද‍්‍රව්‍ය සහ තවුහිත් ජමාද් සංවිධානයට සම්බන්ධ පුහුණු ක`දවුරක් පවත්වාගෙන ගිය වනාතවිල්ලුව ප‍්‍රදේශයේදී අත්අඩංගුවට ගත් සැකකරුවන් ඉහල දේශපාලන බලපෑමක් මත නිදහස් කල බවයි.

මෙම පාස්කු දින ඝාතනයෙන් පසුව කිසි`දු වග විභාගයකින් තොරව එක්සත් ජාතික පක්ෂයේ මුජිබර් රහුමාන් මන්ත‍්‍රීවරයා බුද්ධි අංශ වලට චෝදනාකිරීම සිදුකරන ලදී. ඔහු බුද්ධි අංශ සාමාජිකයන් අත්අඩංගුවට ගනිමින් ජාතික ආරක්ෂාව දුර්වල කල වර්තමාන රජයේ ප‍්‍රභල කොටස්කරුවෙකි. බුර්කාව පැල`දගෙන ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයට ඇතුල්වීම ආරක්ෂක හේතුන් මත තහනම් කල කොලොන්නාව ප‍්‍රාදේශීය ලේකම්තුමිය එක්සත් ජාතික පක්‍ෂයේ එස්.එම්.මරික්කාර මන්ත‍්‍රීවරයාගේ බලපෑම් මත වෙනත් ස්ථානයකට මාරුකර යවා ඇත. සියදිවි නසාගත් බෝම්බකරුවන් දෙදෙනා කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඞ් බජුර්දීන් මහතාගේ සමීපතම හිතවතුන් බවත් ඔහු විසින් ටෙන්ඩර් පටිපාටි කඩ කරමින් මෙම බෝම්බ නිෂ්පාදනය කලායැයි සැලකෙන ස්ථාන ස`දහා කිලෝ 25000 කට අධික තඹ නිකුත් කලායැයි චෝදනා පවතියි.
තවත් මාධ්‍ය සාකච්ඡුාවකදී දයාසිරි ජයසේකර මහතා ප‍්‍රකාශ කලේ ඉස්ලාමික කටයුතු අමාත්‍යංශය විසින් 2015 පසුව ඉස්ලාමීය අන්තවාදයට උඩගෙඩි දෙන වහාබ් පල්ලි නමින් තවුහිද් ජමාද් සංවිධානයේ කාර්යාල 400 ආරම්භ කිරීමට අවසර දී ඇති බවයි. මේ අනුව පෙනී යන්නේ ඉහත මුස්ලිම් අමාත්‍යවරු ඇතුලුව සමස්ථ අණ්ඩුවම ඉස්ලාමීය ත‍්‍රස්ථවාදය ප‍්‍රවර්ධනය කිරීමට ව්‍යාප්ත කිරීමට අනුබල දීමට හා එමගින් අන්වාදයට වඩා ඉඩක් ලැබෙන පරිසරයක් නිර්මාණය කිරීම වෙනුවෙන් සාමූහිකව වගකිව යුතු බවයි. මේ අතරතුර අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ ඊඊක්‍ ආයතනය සමග පැවැත්වූ සංවාදයකදී කියා සිටියේ මෙරටට සංචාරකයන් පැමිණේද නැද්ද යන්න සම්බන්ධයෙන් තීරණයක් ගත යුත්තේ එම සංචාරකයන් විසින්ම බවයි. ජාතික ආරක්ෂාව වෙනුවෙන් සහතිකයක් ලබාදීම කල යුත්තේ රජය වන අතර එසේ ජාතික ආරක්ෂාව පිළිබදව වගකීම භාරගත නොහැකි පුද්ගලයෙකු රටේ ඉහලම තනතුරක් දැරීමට නුසුදුසු හා දුබලතාවයන්ගෙන් පෙලෙන්නෙකු බව අපි මෙහිලා ස`දහන් කරමු.

තවුහිද් ජමාද් සංවිධානය සහ ෂීෂී සංවිධානය අතර ජාත්‍යන්තර ඉස්ලාමීය ත‍්‍රස්වාදය වෙනුවෙන් ගොඩනැගුනු සම්බන්ධතා පැවතිය හැකි වුවද මෙම ප‍්‍රහාර ස`දහා බුද්ධි අංශ දුර්වල කිරීමට ඉඩ සැලසූ වර්තමාන රජය සිදුවූ මනුෂ්‍ය ඝාතන සම්බන්ධයෙන් ඍජු වගකීමක් ගත යුතුය. ඉහල පෙලේ බුද්ධි අංශ විසුරුවා හැරීම ගුවන් හමුදා බුද්ධි අංශ විසිරුවා හැරීම එක්සත් ජාතීන්ගේ සැසිවාරයට අභිමුවදී ජාත්‍යන්තර ප‍්‍රජාව හා දෙමළ ඩයස්පෝරාව සතුටු කිරීම වෙනුවෙන් බුද්ධි අංශ නිලධාරීන් අත්අඩංගුවට ගැනීම මෙම රජය විසින් ජාතික ආරක්ෂාව අවතක්සේරු කල අවස්ථා කිහිපයකි. මෙම අවස්ථාවේදී ශ‍්‍රී ලංකාවේ ජනතාවගේ දුක සහ ක`දුලූ සිය ඇමරිකානු ස්වාමියාගේ දේශපාලන ආර්ථික වුවමනාවන් ඉටුකර ගැනීම වෙනුවෙන් අවභාවිතා කිරීම පිළිබ`දව අපි රනිල් වික‍්‍රමසිංහ මහතා ප‍්‍රමුඛ රජයට චෝදනා කරන්නෙමු. කැබිනට් මණ්ඩලයේ අනුමැතියකින් තොරව එක්සත් ජනපදයේ රාජ්‍ය ණය ආයතනය වන මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් සමාගම සමග අත්සන් කල ගිවිසුම අපි ප‍්‍රතික්ෂේප කරමු. කබිිනට් මණ්ඩලයට, පාර්ලිමේන්තුවට හා මහජනතාවට වසන් කරමින් එම ගිවිසුම මගින් ත‍්‍රිකුණාමල වරාය සිට කොළඹ වරාය දක්වාත් එතැන සිට හම්බන්තොට දක්වාත් අක්කර 12000 ක ප‍්‍රමාණයක් වසර 200 කට බදු දීමට මෙම ගිවිසුමෙන් කටයුතු යොදා ඇති බව වාර්තා වේ. මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ආයතනය එක්සත් ජනපදයේ නූතන ලිබරල් වාදී යටත් විජිත කරණයේ උපකරණය බව ප‍්‍රසිද්ධ කරුණකි.

එසේම හිල්ටන් හෝටලයේදී සොයාගනු ලැබූ බෝම්බ නිෂ්ක‍්‍රීය උපකරණ සහ මෙම පරීක්‍ෂණ සම්බන්ධයෙන් සහයවීමට ත්‍ඊෂ ආයතනයේ නියෝජිතයන්ගේ පැමිණීම ඉන්දියන් සාගරයේ ආරක්ෂක හා වෙළුද ආධිපත්‍ය වෙනුවෙන් ඇමරිකානු ව්‍යාප්තවාදය අපේක්ෂාවෙන් සිටි අවස්ථාව උදාකර දීමට කටයුතු කිරීමකි. රනිල් වික‍්‍රමසිංහ රජය 1/30 යෝජනාවලිය පාර්ලිමේන්තුවේ පනත් කැබිිනට් අනුමැතිය නොලැබූ ගවිසම් දෙමළ බෙදුම්වාදය ඉස්ලාමීීය ආගමික අන්තවාදය ඇතුලු එකී මෙකී සියලු දේ ඇමරිකානු ස්වාමියාගේ අවශ්‍යතාවය ඉටුකිරීම ස`දහා උපරිම වශයෙන් ප‍්‍රයෝජනයට ගනමිින් සිටියි. මෙම අවස්ථාවේදී ශ‍්‍රී ලංකාවට ජාතික ආරක්ෂාව ජාතික ආර්ථිකය හා අපේ හර පද්ධතියන් සම්බන්ධයෙන් අපේම වූ ක‍්‍රමවේදයන් මත ප‍්‍රශ්ණවලට මුහුණදිය හැකි නායකයෙකු අපට අවශ්‍ය කර තිබේ.මීට වසර කිහිපයකට පෙර සිය පූර්වගාමී අග‍්‍රාමාත්‍යවරයා අනුව යමින් ජුලියා ගිලාඞ් ඕස්ටේ‍්‍රලියානු අගමැතිවරිය ප‍්‍රකාශ කර සිටියේ ර්‍ණඅප ඉංග‍්‍රීසි කථාකරන ජාතියක් ඔබ ඕස්ටේ‍්‍රලියානු ජාතියේ කොටසක් වීමට අවශ්‍ය නම් ඔබ ඉංග‍්‍රීසි බස ඉගෙන ගත යුතුය. ඕස්ටේ‍්‍රලියානු බහුතරයක් දෙවියන් විශ්වාස කරන ක‍්‍රිස්තියානි භක්තිකයන්. ඕස්ටේ‍්‍රලියානු ජාතිය කි‍්‍රස්තියානු මිනිසුන් විසින් වසර 200 ක් පුරාවට ක‍්‍රිස්තියානි සාරධර්ම මත කරන ලද අරගලයක ප‍්‍රතිඵලයක් වශයෙන් ඕස්ටේ‍්‍රලියානු ජාතිය බිහිවී ඇත. එම නිසා අපේ පාසල් වල ක‍්‍රිස්තියානි සාරධර්ම වැකි ස`දහන් කිිරීම කිසි`දු වරදක් නොවේ. එකී සංස්කෘතිය සහ විශ්වාසයන් ඔබ මිත්‍යා දෘෂ්ඨිකත්වයක් ලෙස දකින්නේ නම් ඔස්ටේ‍්‍රලියාව හැර වෙන තැනක් ජීවත් වීම ස`දහා තෝරාගත යුතුයි.”
වසර 2500 ක් පුරාවට විදේශ ආක‍්‍රමණ වලට එරෙහිව සටන් වදිමින්් අනන්‍ය වූ වාරි කෘෂිකර්මාන්තයක් මත පිහිට වූ සිංහල බුදු දහමින් පෝෂණය වූ ජාතියක් වෙනුවෙන් ඍජුව පෙනීසිටිමට නායකත්වයක් නොමැති වීමේ පාපයෙන් අපි පීඩා විදමින් සිටිමු.

මෙම අවස්ථාවේදී ඉදිරියේදී ඇතිවිය හැකි අහිතකර ප‍්‍රතිඵල වලක්වාලීම සදහා ඉතා ඉක්මනින් පහත ස`දහන් යෝජනා ගත යුතු යැයි අපි ප‍්‍රකාශ කරමු.

1. ඉස්ලාමීය ආගමික අන්තවාදයට කවර ආකාරයකින් හෝ සහයෝගය පහසුකම් සැපයීම සහ අනුබල ලබාදුන් ඉහත නම් ස`දහන් කල සියලු මුස්ලිම් අමාත්‍යවරුන් හා මන්ත‍්‍රීවරුන් ඔවුන්ගේ තනතුරුවලින් පහ කර
සාධාරණ පරීක්‍ෂණයක් ස`දහා අවස්ථාව සැලසීම.
2. එක් ජාතියක් එක් රටක් වශයෙන් විවාහ දේපළ බැංකු ගණුදෙණු සම්බන්ධයෙන් ශරියා නීතිය ඇතුලු වාර්ගික නීති සියල්ල අහෝසි කොට එක් නීති පද්ධයක් යටතට පත්කල යුතුය.
3. ඉස්ලාමීය වහබ්වාදය හා අන්තවාදය පෝෂණය කරමින් කාන්තක්කුඩි ඉදිවන ශරියා විශ්ව විද්‍යාලය වහාම රජයට පවරාගත යුතුයි.
4. මුස්ලිම් පල්ලි සහ සංවිධාන වෙත ලැබෙන ආධාර සියල්ල රජයේ අධීක්‍ෂණය යටතේ විගණනයට ලක්කල යුතුය.
5. පොදු ස්ථානවලදී අනන්‍යතාවය හ`දුනාගැනීමට බාධාවන බුර්කාව වැනි ආවරණ පැල`දීම සපුරා තහනම් කල යුතුය.
6. අන්තවාදී ඉගැන්වීම් කෙරෙන මද්‍ර‍්‍රසා පාසැල් තහනම් කොට අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ ලියාපදිංචි කල යුතුය.
7. තම ආගම හැර අනෙකුත් සියලු ආගම අදහන භක්තිකයන් මිත්‍යා දෘෂ්ඨිකයන් ලෙස සලකා ඝාතනය කල යුතු යැයි උගන්වන මත දරන ශ‍්‍රී ලංකා තවුහිද් ජමාද් සංවිධානය ජාතික තවුහිද් ජමාද් සංවිධානය යන සියලු
සංවිධාන ත‍්‍රස්ථාවාදී ලෙස තහනම් කොට එම සංවිධානවල සියලු දෙනාගේ දේපල රජයට පවරාගත යුතුය.
8. මහා මාර්ග පොදු ස්ථාන නගර නම් කිරීමේදී අරාබි භාෂාව හෝ අරාබි වචන යොදාගැනීම තහනම් කල යුතුය.
9. ඇෆ්ගනිස්ථානය මියන්මාරය පකිස්ථානය සහ මාලදිවයින වැනි රටවලින් පැමිිණ සිටින සරනාගතයන් සහ නීති විරෝධී සංචාරකයන් වහාම එම රටවල් වලට පිටත් කල යුතුය.
10. පදනම විරහිතව අත්අඩංගුවේ තබාගෙන සිටිින සියලූ බුද්ධි අංශ නිළධාරීන් නිදහස් කර බුද්ධි අංශවල ස්වාධීනතාව හා ආරක්ෂාව තහවුරු කල යුතුය.
11. ශ‍්‍රී ලංකාවේ ජාතික ආරක්ෂාව සහ අර්ථිකය සම්බන්ධයෙන් බලපාන සියලු ගිවිසුම් පාර්ලිමේන්තුවේ විවාදයකින් තොරව අත්සන් කිරීම නොකල යුතුය.
12. ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් ඇමරිකානු හෝ වෙනත් රාජ්‍යයක බුද්ධි අංශ ඇතුල් වීම වහා නැවැත්විය යුතුය.

මෙයට
මධ්‍ය මණ්ඩලය
හෙළ ජන බලය



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More