දේශීය පුවත්

මෙවැනි ත‍්‍රස්ත ප‍්‍රහාර සිදුවන්නේ ශී‍්‍ර ලංකා රජය සුළු ජාතීන්ගේ අයිතිවාසිකම් පිළිබඳ සොයා නොබලන නිසා යැයි දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්තී‍්‍ර සුමන්තිරන් මහතා කර ඇති ප‍්‍රකාශය ඉතා බරපතළ හා තවත් ගැටුම් උග‍්‍ර කරවන ආකාරයේ ප‍්‍රකාශයක් බවත් එහෙයින් ඔහුට එරෙහිව නීති මගින් කටයුතු කිරීමට ඒකාබද්ධ විපක්‍ෂය තීරණය කළ බවත් මහජන එක්සත් පෙරමුණ නායක දිනේෂ් ගුණවර්ධන මහතා ඊයේ (2 වැනිදා) සඳහන් කළේය.

මේ වනවිට ඊට අදාළ කටයුතු සිදුකරන බව කී හෙතෙම මෙම දේශද්‍රෝහී ප‍්‍රකාශය තරයේ ප‍්‍රතික්‍ෂේප කරන බවද කීවේය.

ප‍්‍රහාරයන් එල්ල කළ ත‍්‍රස්තයන් හා ඔවුන්ගේ ස්වාමීන් එහි වගකීම සහ අරමුණු කියා තිබියදී සුමන්තිරන් මහතා එවැනි ප‍්‍රකාශයක් කිරීම තවත් භයානක ආරම්භයක පෙරනිමිති බව පැවසූ දිනේෂ් ගුණවර්ධන මහතා එවැනි පුද්ගලයකු මේ වනවිට විපක්‍ෂනායක කාර්යාලයේ නොසිටීම ජාතියේ වාසනාවක් බවත් කීවේය.

මහජන එක්සත් පෙරමුණේ නායක දිනේෂ් ගුණවර්ධන මහතා ඊයේ (2 වැනිදා) එම අදහස් පළ කළේ කොළඹ 07 පදනම් ආයතනයේ පැවැති මාධ්‍ය හමුවකදීය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More