බස්නාහිර පළාතේ සියළු කතෝලික පෞද්ගලික පාසල් දෙවන පාසල් වාරය සඳහා යළි දැනුම්දෙන තුරු විවෘත නොකරන ලෙස අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ඉල්ලීමක් කර ඇත.
දෙවන පාසල් වාරය ලබන 6 වනදා ආරම්භ වීමට නියමිතව තිබුණ ද රට තුළ පවතින තත්ත්වය සැලකිල්ලට ගනිමින් බස්නාහිර පළාතේ සියළු කතෝලික පෞද්ගලික පාසල් දෙවන පාසල් වාරය එදින ආරම්භ නොකරන ලෙස කාදිනල් හිමිපාණන් දැනුම් දී ඇත.
මේ අතර ආරක්ෂක හේතූන් මත බස්නාහිර පළාතේ සියළු කතෝලික දේවස්ථානවල ඉරුදින දේව මෙහෙයන් එළඹෙන ඉරිදා දිනයේද නොපවත්වන ලෙස ද කාදිනල් හිමිපාණන් ඉල්ලීමක් කර ඇත.
පාස්කු ඉරුදින සිදුවූ ත්‍රස්ත ප්‍රහාර මාලාවෙන් අනතුරුව කතෝලික දේවස්ථානවල දේව මෙහෙයන් පැවැත්වීම කාදිනල් හිමිපාණන්ගේ උපදෙස් මත නතර කිරීමට පියවර ගෙන තිබුණි.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...