පුරවැසි කොලම

ඉරාකයේ සදාම් හුසේන්ගේ රජය සෘජු යුධමය මැදිහත්වීමකින් ආරම්භ කළ ඇමරිකානු සෘජු නව යටත් විජිත යාන්ත්‍රණය ලිබියාව හරහා සිරියාවටද ඉන් ඔබ්බට ඉරානය දක්වා යාමට සැලසුම් කලද රුසියානු මැදිහත්වීම මත යලි නැගිටින ලද සිරියානු රාජ්‍ය ඇමරිකාව හා ඔවුන්ගේ කුලී හමුදාවන් වූ ISIS ඇතුළු මුස්ලිම් අන්තවාදීන් පරාජය කීරිමේ මුවවිටට පැමිණ තිබෙන වෙලාවක ඇමරිකාව ලෝකයේ මෙතෙක් කල් කරගෙනආ ලෝක බලශක්ති හා සම්පත් මංකොල්ලය ඒ ආකාරයෙන්ම කරගෙන යා නොහැකි තත්ත්වයට අදවන විට පත් වී ඇත. ලොව පුරා එම තත්ත්වයට ඇමරිකාව මුහුණ දීම තුළින් ලෝකය තුළ ඇමරිකාව හෑල්ලුවට ලක්වීම සමනය කරගැනීමට අදවන විට ඇමරිකාව වෙනිසියුලාව වෙත අත ගැසීමට ඉක්මන් කර ඇත.

ලොව පුරා සෝවියට් දේශය බිද වැටීමෙන් පසු අත් වු රික්තය තුළ ලොව එකම බලවතා තමන් යැයි ද ලොවම තමන්ගේ සිතුම් පැතුම් හා අභිප්‍රායන් සඳහා යටහත් පහත්ව සිටිය යුතු බවද, ලෝකය අර්ථකථනය ඇමරිකාවේ පාලකයන්ගේ සිතුම් පැතුම් අනුව විය යුතු බවද, එයට එරෙහි වන්නාවු හෝ සැකයෙන් බලන්නාවු තැනත්තෙක් හෝ රටක් වේද එම රට මෙම මිහිතලයෙන් අතුගා දැමීමේ ශුද්ධ වු අයිතිය ඔවුන් සතු බවද සිතමින් ලොව පුරා දශක තුනක්, තුනහාමරක් එකදිගට පවත්වාගෙනආ ඒකාධිපති ආක්‍රමණිකයාව ගණන් නොගෙන සීටිමට හා අභියෝග කිරීමට තරම් ශක්තිමත් රාජ්‍යන් ප්‍රමාණයක් මේ වන විට ලොවපුරා වර්ධනය වී ඇත.

සෘජු ආක්‍රමණයන් මඟින් ඇතිවන ජීවිත හානි හා ඩොලර් ට්‍රිලියන ගණන් වැය කළ යුතු යුධමය මැදිහත් වීම් වෙනුවට නව ලිබරල් ආර්ථිකයෙන් ඔද්දල්වූ, එහෙත් ඇමරිකානු පදයට නටන්නට අකමැති වු රටවල්වල ඔවුන් විසින් උත්තරාරෝපනය කරන පුද්ගල හා රාජ්‍ය නොවන සංවිධාන තුළින් රටවල් තුළ අභ්‍යන්තර ආරවුල් ඇතිකර ජනතාව පත්කරගත් රාජ්‍යන් හා රාජ්‍ය නායකයන් කුමන්ත්‍රණ මඟින් පලවාහැර තම හෙන්චයියන් මගින් එම රටවල තම ආධිපත්‍ය හා අවශ්‍යතාවය පරිදි ක්‍රියා කරන ඇමරිකානු දෙකඩ රාජ්‍යයන් බවට පත් කර ඇත. එම රටවල සියළු සම්පත් කොල්ලකෑමෙන් තුච්ඡ ක්‍රියාවලිය අද වන විට සෘජු ජාත්‍යන්තර නීතිය, එකඟතාවයක් හා එක්සත් ජාතීන්ගේ ප්‍රඥාප්තීන්ද නොසලකා තම අභිමතය මත පමණක් ක්‍රියාකරමින් සිටී. ජාත්‍යාන්තර ආයතන තුලද තමන්ගෙ සුවච කීකරු සේවයකයන් බවට පත්කරගත් පුද්ගලයන් හිදුවා ඔවුන් මඟින්ද මෙම ඇමරිකානු බලහත්කාරය සාධාරණය කරමින් සිටී. එමෙන්ම ඇමරිකානු අවශ්‍යතාවය සමග සිටගන්නා එක්සත් ජාතීන්ගේන් නිලධාරීන් මෙන්ම කලක් ලෝක බලවතුන් වු රාජ්‍යන් වන එංගලන්තය, ප්‍රංශය, ජර්මනිය වැනි රටවල නායකයන් ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ කලාපීය සහකාර ලේකම්ලා බවට පත් වී ඇති අතර, ඇමරිකාව විසින් කවරක් පැවැසුවද, එය එක ලෙසින් අනුමත කරණ රූකඩ ඇමරිකානු ගැත්තන් බවට පත් වී ඇත.

වෙනිසියුලාව යනු දකුණු ඇමරිකාව තුල භූ සම්පත් අතින් අංක එකේ රටකි. එය තෙල් නිපදවන ඔපෙක් සමාජික රටක් වන අතර 1920 සිට තෙල් නිපදවන රටකි. තෙල්වලට අමතරව රත්තරන්ද නිපදවන රටක් වන වෙනිසියුලාව විවිධ ඇමරිකානු සම්භාධක සමග තරඟ වැදී හෙට්ටු වී සිටින රටක් වේ.ලෝකයේ තෙල් නිපදවීමෙන් හයවන ස්ථානයේ පසුවුවද විවිධ සම්භාදක හේතුවෙන් හා අභ්‍යන්තර ආර්ථික දේශපාලන වර්ධනයේ අසමමිතික බව හා බහුජාතික සමාගම් විරෝධී ජනසතු කරණ ලද තෙල් ආර්ථිකයකට හිමිකම් කියුවද, නව ලිබරල්වාදී ආර්ථික ක්‍රමවේදය තුල පැලපදියම් වී ඇති අවරගන සංස්කෘතිය හා එහි කොටසක් වු ආකාර්යක්ෂම හා යම්තාක් දුරට දූෂීතවූ ආර්ථිකය, ලෝකයේ අංක හයේ තෙල් නිපදවන්නා දුප්පත් රාජ්‍යක් බවට පත්කර ඇත.වෙනිසියුලානු රාජ්‍යයේ රාජ්‍ය ආදායමෙන් 90% කට වඩා වැඩි ප්‍රමාණයක් තෙල් අපනයනය මත රදා පවති. නිවර්ථන රාජ්‍යක් වුවද කෘෂී ආර්ථිකයක් නැති කාර්මික නිෂ්පාදනයද සාපේක්ෂව පහල මට්ටමක පවතී. සියළු පාරිභෝගික භාණ්ඩ ආනයනය කර ජනතාවට ලබාදීමට රජය කටයුතු කරන අතර, ජනතා නිෂ්පාදන යන්ත්‍රාණයක් තුලින් ආර්ථිකයට සම්බන්ධ කරනවා වෙනුවට තෙල් ආර්ථිකයේ යැපුම්කරුවන් බවට පත්කර ඇත.

සංස්කෘතියද බටහිර හා ඇමරිකානු ආර්ථීකයේ උප සංස්කෘතියක් බවට පත්කර ඇති අතර, සියල්ල වෙළදපොල මත යැපෙන ජනතාවක් වෙනිසියුලාව මත බිහි කර ඇත.රාජ්‍ය අනුග්‍රහය හා සහනාධාර මත භාණ්ඩ බෙදාහැරීමේ යාන්ත්‍රණය දූෂිත වී ඇති අතර එය වෙනිසියුලාවේ තෙල් ආර්ථිකයට මෙන්ම ජනතාවට ද දරා ගැනීමට නොහැකි තත්ත්වයක් ඇති වී ඇත.ආර්ථික සම්බාධක හා තෙල් බැරලයක මිල පහත වැටීම හා ජාත්‍යන්තර මූල්‍ය ඒකකයක් වශයෙන් ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව දුර්වලවීම, ආදායම් අත්‍යවශ්‍ය ආනයනය සඳහා පමණක් වන තත්ත්වයට පත් වීම, සෘජු ඇමරිකානු කුමන්ත්‍රණයක හා මැදිහත් වීමක ප්‍රතිඵලයන් වේ.රටතුල උද්ධමනය 100000% කින් ඉහළගොස් ඇති අතර තෙල් අපනයනයෙන් 60% කට වඩා මිලදී ගැනීමට ඇමරිකාව විසින් පාලනය කරන තත්ත්වයක් තුළ එය පාලනය කිරීමට මධුරෝගේ රජය අසමත් වී ඇත. මෙය මධුරෝගේ රජයේ අසමත් බවට වඩා එහි ආර්ථික සැකැස්ම හා ඇමරිකානු අත පෙවීම සෘජුව හේතු භූත වී ඇත.කෙසේ වුවද පසුගිය මැතිවරණයෙන්ද කුමන්ත්‍රණ කිහිපයකට ද මුහුණ දී වුවද මධුරෝ ජයග්‍රහණය කලේය. එය ඇමරිකාව බලාපොරොත්තු නොවූ තත්ත්වයක් වූ අතර අදවන විට ජනතාව පත්කල රජය නීත්‍යානුකූල නොවන බවට ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රසිද්ධියේ ප්‍රකාශකර සිටී. විපක්ෂයේ නායකයකු වු සෘජු ඇමරිකානු රූකඩයක් වු ගුඅයිඩෝ (Guaido) රටේ ජනාධිපති ලෙස පිළිගන්නා ලෙස ප්‍රකාශ කලේය. එය අනුමත කරමින් සියළු ලෝක ජනතාවගේ සම්මත නීතීන් හා සබඳතා නොසලකමින් ඇමරිකානු ස්ථාවරය අනුමත කරමින් ඇමරිකානු රූකඩ රාජ්‍යයන් වූ මහා බ්‍රිතාන්‍ය, ප්‍රංශය හා ජර්මනිය එය ස්ථිරකර ලෝක පොලිස්කාරයගේ සපත්තු ලෙවකන්නන් බවට පත් වී ඇත.

එහෙත් ලෝකයට ලැදි හා ජාත්‍යන්තර නීතීන් හා සම්මූතීන්ට වෙන්ව එක්සත් ජාතීන්ගේ ප්‍රඥාප්තීන්වලට ගරුකරන රටවල් වශයෙන් ඇමරිකාවට අභියෝගයක් කල හැකි නැගී එන රාජ්‍යයන් වනරුසියාව,චීනය,මෙක්සිකොව,ඉරාණය, කියුබාව හා තුර්කිය මෙය හෙලා දැක ඇත. මධුරේගේ රජය නීත්‍යානුකූල රජය ලෙස පිළිගන්නා බවටත් තවදුරටත් ඔවුන් මධුරෝගේ රජය සමග ගනුදෙනු කරන බවටත් ප්‍රකාශ කලේය.ට්‍රම්ප්ට අනුව මධුරෝ විසින් වෙනිසියුලානු ජනතාවට අයත් සම්පත් සූරාකන හෙයින් එම සම්පත් වෙනිසියුලානු ජනතාව වෙනුවෙන් ආරක්ෂා කිරීම සඳහා යැයි කියමින් ඇමරිකානු ඩොලර් බිලියන 12 ක තෙල් සහිත නැව් ඇමරිකාව රදවාගෙන ඇත. සති දෙකක් ඇතුළත (2019 පෙබරවාරි 23) වනදාට පෙර මධුරෝට අස්වන ලෙසත්, වෙනිසියුලානු හමුදාවට මධුරෝට එරෙහි වන ලෙසත්, එසේ නොවුවහොත් වෙනිසියුලානු හමුදා නායකයින්ගේ අනාගතයට ඇමරිකාව වග නොකියන බවට කරන සෘජු බියගැන්වීම් හා ආර්ථික ගෙල හිරකිරීම් දිගින් දිගටම කරමින් සිටී.වෙනිසියුලාව සතු රත්තරන් ප්‍රංශ, තුර්කි හා එංගලන්ත බැංකුවල තැන්පත් කර ඇති අතර, එය ප්‍රංශය හා එංගලන්තය තුල පමණක් ටොන් පනහක් වන අති විශාල ප්‍රමාණයක් වේ.

අද වන විට ඇමරිකාවේ ඉල්ලීම මත එම සංචිත ගනුදෙනු අත්හිටුවා ඇති අතර එම තැන්පතුවල පාලන අභිමතය වෙනිසියුලාවෙන් බැහැර කර ඇත. මෙය ජාත්‍යන්තර නීතීය පමණක් නොව රටක සමාන්‍ය නීතීයටද පටහැනි මුග්ධ ක්‍රියා මාර්ගයක් වේ.එය හරියට නීත්‍යානුකූලව ඉපයු මුදල් යම් පුද්ගලයෙකු ඔහුගේ නමින් බැංකු ගතකර තිබේනම් එම තැන්පත්කරු විසින් ඔහුගේ බිරිදට නොසලකනවා යයි යමෙක් බැංකුවට කිවු නිසා ඔහුගේ තැන්පතු බැංකුව සතුකරගන්නවා යන හාස්‍ය ප්‍රකාශනයට නොදෙවෙනි වන්නේය.ඇමරිකානු මැදිහත්වීම ලෝකය ඒ තරමටම දූෂිත කර මෙන්ම අසරණ කර ඇත.මෙම සියළු තත්ත්වයන් තුල මධුරෝගේ රජය කෙලින් සිටින අතර සියළු හමුදා මේ වන විට මධුරෝ රජය ආරක්ෂා කිරිමට දිවිහිමියෙන් සහ සෘජුව ඉදිරිපත් වීම ට්‍රම්ප්ගේ පුරසාරම් කොපමණ දුරට සත්‍ය පුරෝකථනයයිද ලෝකයට ඉදිරියේ දී බලාගැනීමට පුළුවන.මධුරෝ රජය නිසා වෙනිසියුලාව බඩගින්නේ බැවින් ඇමරිකානු ආධාර එවීමට ට්‍රම්ප්ගේ තීරණය මත යාබද කොලොම්බියාවේ හා බ්‍රසීලයේ ගබඩාවල ඇමරිකානු ආහාර හා අනෙකුත් ආධාර පාර්සල් දැනටමත් ගොඩගසා ඇත. එහෙත් එම ආධාර මධුරෝ රජය ප්‍රතික්ෂේප කර ඇති අතර කොලොම්බියාවට හා බ්‍රසීලයට යන මාර්ග සියල්ල වසාදමා හමුදා ආරක්ෂාව දමා ඇත. වෙනිසියුලාවට විරුද්ධව හමුදා මෙහෙයුමක් සඳහා තම භූමිය භාවිතා කිරීමට ඉඩ නොදෙන බවට බ්‍රසීල ජනපති මෑතදී ප්‍රකාශ කර ඇත. එම ආධාර බෙදාහැරීමට තමන් සහභාගී නොවන බව එක්සත් ජාතීන්ගේ සංවිධානය ද ප්‍රකාශකර ඇත.

දකුණු ඇමරකාව තුළ ඉතා ශක්තිමත් ලක්ෂ තුනක හමුදාවක් සමග ගැටෙන්නට සැලස්වීම ඇමරිකානු බදු ගෙවන්නන්ට දරාගත හැකිද? මධුරෝ පසු බසීද? වෙනිසියුලානු දේශප්‍රේම හමුදා කෙසේ ක්‍රියාකරයිද? ට්‍රම්ප්ට අකුලාගන්න වෙයිද? ඔහුට දෙවන සැලැසුමක් තිබේද? මේ සියල්ලට උත්තර ඉදිරි මාසය තුළ අපට දැකගත හැකිය.ඇමරිකානු රෙජීව් චේන්ජ් ව්‍යාපෘතීන් ලෝකයේ දස දෙසින් අසමත්වන තත්ත්වයකට පත් වී ඇති.
මහාබ්‍රිතාන්‍ය, ප්‍රංශය වැනි දත් හැලුණු ඇමරිකානු ගැති මහල් රාජ්‍යයන් ඇමරිකානු පදයට නැටුවද? චීනය, රුසියාව, තුර්කිය, මැක්සිකෝව, කියුබාව, ඉරානය සෘජුව විරෝධය පාමින් සිටී. එමෙන්ම මධුරෝ රජය ආරක්ෂා කිරීමට කටයුතු කරමින් සිටී.වෙනිසියුලානු තෙල් මිලදී නොගන්නා ලෙස ඇමරිකාව ලෝකයෙන් ඉල්ලු අතර එම ඉල්ලීමට පිටුපා ඇමරිකානු බලපෑම් හා බියවැද්දීම් කිසිසේත් ගනන් නොගන්නා තත්තවයට දැන් දැන් ලෝකය පත්වෙමින් ඇත. ඉන්දියාව විසින් වෙනිසියුලානු තෙල් ආනයනය දෙගුණ කරන බවට ප්‍රකාශ කරමින් කියා සිටියේ තමන්, තම රටේ අභිවෘද්ධිය පමණක් සිතන බවත් අන් අයගේ ඉල්ලීම් හා ක්‍රියාකාරකම් තවත් නොසලකන බවත්ය.මින් පෙරද, ඉරාණය සමග කරන ගනුදෙනු සඳහා ද ඇමරිකාව මෙවැනිම තර්ජනයක් කරන විට ඉන්දියාව ඉරාණය සමග සෘජු ගනුදෙනු හා ආනයන අපනයනයන් ඉන්දියානු රුපියල් හා ඉරාණ රියල් මත පවත්වාගෙන යාමට ගිවිසුම් අත්සන් කළ අතර අදවන විට ඔවුන් ඉතා සාර්ථකව එය ක්‍රියාවට නන්වමින් සිටී.

ඩොලරය සමග ගනුදෙනු කිරිමට විකල්ප සෙවු සදාම් හුසේන් හා මුවම්මර් ගඩාෆි ඝාතනය කර එම රටවල යටත් කලද ලෝකය පුරා ඇමරිකානු ඩොලරය තනිකර යන ආර්ථික ගමණක් ඉතා වේගයෙන් ලොවපුරා ප්‍රචලිත වෙමින් පවතී. මේ තත්ත්වය තුළ තවදුරටත් යුධමය වශයෙන් හෝ සම්භාධක මගින් ලෝකය තුල ඇමරිකානු ඩොලරයේ බලය පවත්වාගෙන යාමට නොහැකි තත්ත්වයන් උදාවෙමින් පවතින අතර එය ඇමරිකානු අධි තාක්ෂණික යුධමය මැදිහත්වීමකින් පාලනය කල නොහැකි, නොනවතින හා ක්‍රමයෙන් වර්ධනය වන ක්‍රියාවලියක් බවට පත් වී ඇත.රුසියාවේ හා චීනයේ බහුවිධ සංවර්ධනය අසලකටවත් ඒමට ඇමරිකාවට නොහැකි තරම් දුර එම රටවල් ශක්තිමත් වී ඇත.ඩොලරය හරහා ලෝකයේ සමස්ථ වෙළදාම හා ප්‍රාග්ධන හැසිරවීම තවදුරටත් ඇමරිකාවට කරගෙන යාමට නොහැකි තත්ත්වයක් උද්ගතවී ඇත.

ඉරානය සමග ගනුදෙනු කිරීම නතර කරණ මෙන් කරන ලද තර්ජනාත්මක ඉල්ලීම් රුසියාව, චීනය, ඉන්දියාව, ප්‍රංශය හා ජර්මනිය කිසිසේත්ම ගණන් නොගෙන ඔවුන් ඉරාන රියල් හා නව දේශීය මුදල් සමග ගනුදෙනු දැනටමත් ආරම්භකර ඇත. රුසියානු හා චීන ගනුදෙනු හා චීන යුවාන් සමග ගනුදෙනු කරන අතර 2015 සිට මේ සදහා වෙනමම බැංකුවක් චීනය ෂැංහායි නුවර පිහිටුවා ඇත. ලෝකයේ අංක 01 බලශක්ති පාරිභෝගිකයා වන චීනය ඇමරිකානු ඩොලර්වලින් ස්වායක්ත මුදල් ඒකක සමග ගනුදෙනු ලෝකයේ බොහෝ රටවල් දැනටමත් කටයුතු කරමින් සිටී.මේ සියළු තත්ත්වයන් තුල සාපේක්ෂ දුර්වල රාජ්‍යක් බවට පත්කරන ලද වෙනිසියුලානු ආක්‍රමණයක් ට්‍රම්ප්ලාට අස්වැසිල්ලක් යයි සිතනවා විය හැක. එහෙත් ආර්ථිකය දුර්වල වුවද, සම්බාධක මැද ක්‍රියාකර දේශප්‍රේම හමුදාවක් සහ රජය සමග සිටින බහුතර ජනතාවක් සමග එය එතරම් පහසු නොවනු ඇත. වෙනිසියුලාව තුල ඇමරිකානු ආධිපත්‍ය තාවකාලික ජයග්‍රණනයක් විය හැකි වුවද? ලෝකය තුල ඇමරිකාව දුර්වල වීම ට්‍රම්ප්ට නොව කිසිම ජගතෙකුට ගැටළුවක් වීම නැවැත්විය නොහැක.

වෛද්‍ය සුමිත් වන්නිආරච්චි



One thought on “ඇමරිකානු මිලේච්ඡ ආක්‍රමණය ඉරානයට පෙර වෙනුසියුලාවටද?”

  1. වෙබ් අඩවි වලට සිමා නොවි බහුතර ජනතාව අතරට යා යුතු ඉතාමත් කාලින ලිපියක්.

Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More