දේශීය පුවත්

පාස්කු ඉරිදා ප්‍රහාරයත් සමග හිස එසවූ අන්තවාදී සහ ත්‍රස්තවාදී පිරිස් පාලනය කිරීම සදහා විදෙස් මැදිහත්වීමක් අවශ්‍ය නොවන බවත්, දේශීය යාන්ත්‍රණයක්  පිළිබද විශ්වාසය තබන ලෙසත් මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමියෝ පවසති.

පාස්කු ඉරුදින එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරයෙන්  ජීවිත අහිමිවූ සහ ආබාධිතවූ පවුල් වල සුවදුක් විමසීම සදහා සහ විනාශයට පත්වූ කටුවාපිටිය දේවස්ථානයට  අද(02) පස්වරුවේ වැඩම කළ අවස්ථාවේ මාධ්‍ය  වෙත අදහස් දක්වමින්  උන්වහන්සේ මෙි බව කියා සියේය.

අනතුරුව කොළඹ ජාතික රෝහලට වැඩම කළ අභයතිස්ස හිමිපාණන් ඇතුළු හිමිවරු නේවාසිකව ප්‍රතිකාර ලබන රෝගීන්ට ‍සෙත් පිරිත් සජ්ඡායනය කළහ.

විනාශයට පත්වූ මෙම කටුවාපිටිය දේවස්ථානය රජයේ පූර්ණ වියදමින් ශ්‍රී ලංකා යුදහමුදාවේ 6 වන ඉංජිනේරු සේවා රෙජිමේන්තුව දින 30ක් තුළ ඉදිකිරීම් කටයුතු නිම කිරීමට නියමිත බව ආරක්ෂක අංශ සහභාගී වූ පිරිස දැනුවත් කළහ.

මහාචාර්ය මොරගොල්ලෑගම උපරතන හිමි, දර්ශනපති පුස්සැල්ලෑයායේ චන්දිම හිමි, මහාචාර්ය  පූජ්‍ය මාගම්මන පඤ්ඤානන්ද හිමි, ශාස්ත්‍රපති මාවඩවිල ශාන්ත හිමි ඇතුළු ජාතික විද්වත් භික්ෂු සංසදයේ හිමිවරුන් මෙම අවස්ථාවට සහභාගි වූහ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More