විදේශ පුවත්

පාකිස්තානය කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක වන ඉස්ලාමීය සන්නද්ධ කණ්ඩායමක් වන ජායිෂ් ඊ මොහොම්මද් සංවිධානයේ නායක මසූද් අෂාර් ගෝලීය ත්‍රස්තවාදීන්ගේ ලැයිස්තුවට ඇතුළත් කිරීමට එක්සත් ජාතීන්ගේ සංවිධානය අද (1) පියවර ගත්තේය.

ජායිෂ් ඊ මොහොම්මද් සංවිධානයේ නායක මසූද් අෂාර් ගෝලීය ත්‍රස්තවාදීන්ගේ ලැයිස්තුවට ඇතුළත් කිරීම සඳහා ඇමෙරිකා එක්සත් ජනපදය, ප්‍රංශය සහ බ්‍රිතාන්‍යය මාර්තු මාසයේදී එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයට යෝජනාවක් ඉදිරිපත් කළේය.

එහෙත් චීනය තාක්ෂණික කරුණක් මතු කිරීම නිසා එම යෝජනාව කල් තැබිණි. චීනය තම විරෝධතා ඉවත් කරගැනීමත් සමඟ මසූද් අෂාර් ගෝලීය ත්‍රස්තවාදීන්ගේ ලැයිස්තුවට ඇතුළත් කිරීමට එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලය අද (1) පියවර ගත්තේය.

පෙබරවාරි 14 වැනිදා මතභේදාත්මක කාශ්මීර ප්‍රදේශයේදී ඉන්දීය හමුදා රථ පෙළකට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල වූ අතර එම ප්‍රහාරයෙන් ඉන්දීය සෙබළු 40ක් මරුමුවට පත්වූහ. ජායිෂ් ඊ මොහොම්මද් සංවිධානය එම ප්‍රහාරයේ වගකීම බාරගත්තේය. එම ප්‍රහාරය නිසා ඉන්දියාව සහ පාකිස්තානය අතර යුද්ධයක් ඇතිවීමේ අවදානමක් ද හටගත්තේය.

අල් කයිඩා සංවිධානය සමඟ සබඳකම් පැවැත්වීම මසූද් ගෝලීය ත්‍රස්තවාදියකු ලෙස නම් කිරීමට ප්‍රධාන වශයෙන් හේතු වී තිබේ.

මසූද් නායකත්වය දරන ජායිෂ් ඊ මොහොම්මද් සංවිධානය එක්සත් ජාතීන්ගේ ත්‍රස්තවාදී කණ්ඩායම් ලැයිස්තුවට ඇතුළත් කරන ලද්දේ 2001 වසරේදී ය.

මසූද් ගෝලීය ත්‍රස්තවාදියකු ලෙස නම් කිරීමත් සමඟ ඔහුගේ ජාත්‍යන්තර වත්කම් සියල්ල අත්හිටුවන අතර ගෝලීය සංචාරක තහනමක් සහ ආයුද තහනමක් ද පැනවේ.

ඒ.එෆ්.පී. ඇසුරිනි



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More