පාස්කු ඉරිදා ප්‍රහාරයට සම්බන්ධ මරාගෙන මැරෙන අන්තවාදීන්ගේ කණ්ඩායමට අයත් කොළඹට මත්පෙති බෙදාහරින කල්ලියක ප්‍රධාන ගබඩාව කොළඹ ආදුරුප්පු වීදියේ පොලිස් විශේෂ කාර්ය බළකාය අත්අඩංගුවට ගෙන ඇත.
මෙහිදී රුපියල් ලක්ෂ 40ක් පමණ වටිනා මත්පෙති හැට තුන්දහස්, ලිංගික උත්තේජන පෙති හා ගබ්සා පෙති තොගයක්ද සොයාගෙන ඇත.
අත්අඩංගුවට ගත් මත්පෙති අතරේ තිබූ ගබ්සා පෙති පහක් අඩංගු කාඩ්පතක් රුපියල් පන්දහසකට විකුණූ බවත්, එම පෙති පානය කරන කතුන්ට ජීවිත කාලයටම දරුඵල අහිමි වන බවත් සැකකරුවන්ගෙන් ප්‍රශ්න කිරීමේදී හෙළිවී ඇත.
මෙම ගබඩාව වටලා ඇත්තේ පසුගියදා මරාගෙන මැරුණු ඊබ්‍රාහිම් පවුලේ නිවසක තිබී සොයාගත් මත්කුඩු ගැන විමර්ශන සිදුකළ අවස්ථාවේදී ලද තොරතුරක් මතය.
මෙහිදී මොහොමඩ් එලුව්දින්, මොහොමඩ් පනාවික් යන දෙදෙනකු අත් අඩංගුවට ගෙන ඇති අතර, මොවුන් කොළම හා පිටපළාත් වලට බෙදාහැරීම කර ඇත.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...