2019 ලෝක කුසලානයට ක්‍රිඩකයෙකු ලෙස එක්විය නොහැකි නම් පුහුණුකාරිත්ව මණ්ඩලයට හෝ එක්වීමට තමන් සූදානම් බව ශ්‍රී ලංකා වේගපන්දු යවන ක්‍රිඩක ලසිත් මාලිංග පවසයි.එමෙන්ම ක්‍රිඩකයෙකු ලෙස තවදුරටත් තමන්ව කණ්ඩායමට අවශ්‍ය නොවේ නම් සමුගැනීමට කාලය පැමිණ ඇති බවත් හෙතෙම සඳහන් කළේය.
මෙවර අයි. පී. එල් ක්‍රිඩක වෙන්දේසිය ඉන්දියාවේ බැංගලෝර්හිදි 28 දා නිමාවූ අතර එහිදී ලසිත් මාලිංග මිලදී ගැනීමට කිසිදු කණ්ඩායමක් ඉදිරිපත් නොවුණි.
මේ වන විට ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගීවන එක්දින හා විසයි විස්ස තරඟවලටද මාලිංග ඇතුළත් කර නොගෙන තිබේ. මාලිංග මීට ඉහතදී සඳහන් කර තිබුණේ තමන් 2019 ලෝක කුසලානය දක්වා ක්‍රිඩා කිරීමට කැමැත්තෙන් සිටින බවයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...