අන්තවාදී මුස්ලිම් කොටස් විසින් සිදු කරනු ලබන පහරදීම් අවසන් වන තුරු උතුරේ හමුදා කඳවුරු ඉවත් කිරීම, ආරක්ෂාව අඩු කිරීම හා සෙසු ආරක්ෂක කටයුතු වෙනස් කිරීමක් සිදු නොකොට සියලූම ස්ථාන හා පුද්ගලයින්ගේ ආරක්ෂාව තර කරන මෙන් උතුරු පළාත් සභාවේ හිටපු ඇමතිනී ආනන්දි සශිදරන් ඉල්ලීමක් කොට තිබේ.
පොලිස්පතිවරයාටත් යාපනයේ ආරක්ෂක සේනාංක මුලස්ථානයත් වෙත 29 දා ලිපියක් යවා ඇති හිටපු අමාත්‍යවරිය සඳහන් කොට අත්තේ මේ අන්තවාදීන්ගේ ප‍්‍රහාරය ආගම මුල් කරගෙන සිදුවන ප‍්‍රහාරයක් බැවින් ඊට මුහුණ දීමට සිදුව ඇත්තේ සාමාන්‍ය වැසියන්ට බවයි.
අන්තවාදීන් විසින් ආගමක් මුල් කරගෙන එල්ල කරගෙන යන මේ ප‍්‍රහාර මාලාවේ අවසානයක් පෙනෙන්නට නොමැති බවත් උතුරේ සෑම ප‍්‍රදේශයකින්ම ඊට සම්බන්ධ සැකකටයුතු පුද්ගලයින් හා පුපුරණ ද්‍රව්‍ය හමුවීමත් නිසා ජනතාවගේ ආරක්ෂාව මේ අවස්ථාවේදී ඉතා වැදගත් බැවින් කිසි විටකත් උතුරේ ආරක්ෂාව අඩු නොකළ යුතු බව හිටපු අමාත්‍යවරිය සිය ලිපියේ සඳහන් කොට තිබේ.
පළාත් සභාවේදී උතුරෙන් ආරක්ෂක අංශ ඉවත්ව යන ලෙස ඉල්ලමින් යෝජනා සම්මත කොට මේ අවස්ථාවේදී ආරක්ෂාව ඉල්ලීම එකිනෙකට පරස්පර නේදැයි මාධ්‍යවේදීන් ඇයගෙන් ප‍්‍රශ්න කර තිබිණි.
එවිට ඇය පවසා ඇත්තේ කුමක් කිරීමටත් පෙර මිනිසුන් සැකයෙන් බියෙන් තොරව සිටිය යුතු බවයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...