පසුගිය 29 වැනිදා විපක්ෂය නායක මහින්ද රාජපක්ෂන මහතා සමඟ සමස්ත ලංකා ඉස්ලාම් වියතුන්ගේ සංගමයේ නියෝජිත හමුවේදී මුස්ලිම් කාන්තාවන් මුහුණු වැසෙන සේ පලදින බුර්කාව තහනම් කිරීම පිළිබඳව කිසිදු සාකච්ඡාවක් සිදු නොවූ බව විපක්ෂ නායක කාර්යාලය විසින් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත.
සමාජ ජාලා වල ප්‍රචාරය වන අසත්‍ය ප්‍රචාර සම්බන්ධව
පසුගිය 29 වැනිදා විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ මහතා සමඟ සමස්ත ලංකා ඉස්ලාම් වියතුන්ගේ සංගමයේ නියෝජිත හමුවේදී මුස්ලිම් කාන්තාවන් මුහුණු වැසෙන සේ පලදින බුර්කාව තහනම් කිරීම පිළිබඳව කිසිදු සාකච්චාවක් සිදුනොවූ බව දන්වා සිටිමි.
පසුගියදා සිදු වූ බෝම්බ ප්‍රහාරයත් සමඟ රට තුළ ඇති වූ වත්මන් තත්වය පිළිබඳ මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා වූ අතර පාස්කු ඉරිදා සිදුවූ මිලේච්ච ත්‍රස්ත ප්‍රහාරයට ඉස්ලාම් ප්‍රජාවගේ කිසිදු සම්බන්ධතාවයක් නොමැති බව සමස්ථ ලංකා ඉස්ලාම් වියතුන්ගේ සංගමයේ නියෝජිතයින් පැවසීය.
එහිදී සාකච්ඡාවූයේ සමස්ථ මුස්ලිම් ජනතාව දෙස සැකයෙන් බැලීම වැරදි බවත් මුස්ලිම් ප්‍රජාව සහ ත්‍රස්තවාදීන් වෙන්කොට හඳුනාගත යුතු බවත් ඔවුන් පැවසීය.
මෙම හමුවේදී බුරුකාව තහනම් කිරීමට විපක්‍ෂ නායකතුමා විරුද්ධ බව සමාජ මාධ්‍ය ජාලා වල මේ දිනවල ප්‍රචාරය වන අතර එම පුවත සම්පූර්ණයෙන්ම අසත්‍ය බව ප්‍රකාශ කරමි.
රොහාන් වැලිවිට
මාධ්‍ය ලේකම්
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...