දේශීය පුවත්

පාස්කු ප්‍රහාරයට සම්බන්ධ ප්‍රධාන ත්‍රස්තවාදියා සහරාන් හෂීම්ගේ බිරිඳ සහ දරුවා මේ වන විට අම්පාර රෝහළේ ප්‍රථිකාර ලබමින් සිටියි. මෙරට හැඬවූ ප්‍රධාන ත්‍රස්තවාදියාගේ පවුලේ සමාජිකයන් රෝහල්ගත කර සිටිනුයේ විශේෂ ආරක්ෂාවක් මතය.

කෙසේ වෙතත් එවැනි ත්‍රස්ත ක්‍රියාවක් සිදු ව තිබෙනා මොහොතක මෙරට ජනතාවට වග කියන පාර්ලිමේන්‍තු මන්ත්‍රීවරයෙක් රෝහල් ගත කර සිටින සහරාන් හෂීම්ගේ බිරිඳ සහ දරුවාගේ සුව දුක් විමසීමට අම්පාර රෝහළ වෙත ගොස් තිබෙනා බව වාර්තා වේ.

ඒ දිගාමඩුලු දිස්ත්‍රීක් එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී මොහොමඩ් මන්සූර් ය. ඊයේ දින මන්ත්‍රීවරයා සිය ආරක්ෂක භටයන්ද සමග අම්පාර රෝහළට ගොස් ත්‍රස්තවාදී සහරාන් හෂීම්ගේ පවුලේ සාමාජිකයන් බැලීමට උත්සාහ කර ඇත. එහිදී අම්පාර රෝහලේ අධිකාරී වෛද්‍ය උපුල් විජේනායක මහතා මොහොමඩ් මන්සූර්ට ත්‍රස්ත නායකයාගේ පවුලේ සාමාජිකයන් බැලීමට ඉඩ දී නැත. ඒ එය පැහැදිලිව නීතින් උල්ලංඝණය කිරීමක් වන නිසාය.

කෙසේ වෙතත් මෙය ඉතාමත්ම කණගාටුදායක පුවතකි. අහිංසක සාමාන්‍ය ජනතාව, කුඩා දරුවන් සිය ගණනක් මරා දැමූ ත්‍රස්තවාදියාට, මෙම තිරිසන් ක්‍රියාවෙන් පසුද දේශපාලන ආරක්ෂාව සහ අනුග්‍රහය හිමි වීම ඉතා කණගාටුදායක කරුණකි.

මෙම සිදුවීම අදාල ත්‍රස්තවාදයට එරෙහිව සිදු කරනා පරීක්ෂණයන්හී විශ්වාසනීයභාවය පිළිබඳවද දරුණු සැකයක් ඇති කරවීමට සමත්ව තිබේ. මෙරට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු මහා ත්‍රස්තවාදියෙකුගේ පවුලේ සමාජිකයන් රහසේ හමුවීමට උත්සාහ කිරීමෙන් පෙන්වන්නේ මෙම ත්‍රස්තවාදයට එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී මොහොමඩ් මන්සූර්ගේ සහයෝගය සහ ආශිර්වාදය හිමිවන බවද ? එය ඉතාමත් බරපතල තත්වයකි.

මෙම සිදුවීමෙන් පසු එම මන්ත්‍රීවරයාට ත්‍රස්තයාගේ පවුලේ සමාජිකයන් මුන ගැසීමට ඉඩ නොදුන් අම්පාර වෛද්‍ය අධිකාරි උපුල් විජේනායක මහතාට එක්වරම ස්ථාන මාරුවක් ලබා දී අම්පාර රෝහළෙන් ඉවත් කිරීමද විශේෂත්වයකි.

අම්පාර රෝහළේ අධිකාරිවරයාට ස්ථාන මාරුවක් ලබා දීමට එරෙහිව සේවකයන් සහ ප්‍රදේශවාසී සංඝරත්නය විරෝධතාවක්ද පවත්වනු ලැබීය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More