ජාතික තවුහිත් ජමාත් සංවිධානය සමඟ සමීප සබඳතාවක් පැවැත් වූ බවට රාජිත සේනාරත්න මහතා පැවසු දෙය අසත්‍යයක් බවත් තමාට කළ අපහාසයට වන්දි ඉල්ලා රුපියල් මිලියන 500 ක එන්තරවාසියක් අමාත්‍යවරයාට යැවීමට බලාපොරොත්තු වන බවත් පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි.
අද(01) දින විපක්ෂනායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවේ දී පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් ඔහු මෙම අදහස් පල කළේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වු ගම්මන්පිල මහතා මෙසේ පැවසීය.
එතුමා කියනවා මම ජාතික තවුහිත් ජමාත් සංවිධානය සමඟ සමීප සබඳතාවක් පැවැත්වූ බව. එහි ලේකම් අබ්දුල් රසාක් සමඟ මා සිටින ඡායාරූපය මෙන්න කියා එක් ඡායාරූපයක් පෙන්නුවා. එම පිරිසම මහින්ද රාජපක්ෂ මැතිතුමන් සමඟ ද ඉන්නවා කියලා තවත් ඡායාරූපයක් පෙන්නනවා. මේක පට්ටපල් බොරුවක්. ඉදිරි සතිය ඇතුළත මට කළ අපහාසයට වන්දි ඉල්ලා රුපියල් මිලියන 500ක එන්තරවාසියක් මා ඔහුට යවනවා. ඒ වගේම අපේ ඩලස් අලහප්පෙරුම මන්ත්‍රිතුමාත් ඒ ආකාරයෙන්ම එන්තරවාසියක් යවන්න තීරණය කලා.
2015. 12. 08 මෙම ශ්‍රී ලංකා තවුහිත් ජමාත් සංවිධානයේ ප්‍රධාන ලේකම් අබ්දුල් රසාක්ගේ අත්සනින් යුතුව මා වෙත ලිපියක් එවනවා. රාජිත සේනාරත්න අමාත්‍යවරයා මාධ්‍ය හමුවේ කියපු විදිහට නම් අබ්දුල් රසාක් කියන්නේ මරාගෙන මැරෙන ත්‍රස්ත ප්‍රහාරය එල්ල කරපු ජාතික තවුහිත් ජමාත් සංවිධානයේ මහලේකම්. මට හිතෙන්නෙ මටත් වඩා ලොකු වන්දියක් ඉල්ලා නඩු දාන්න සිදුවෙන්නේ මේ අබ්දුල් රසාක්
ඉහත දිනැති ලිපිය යොමු කරමින් මේ අය මගෙන් වෙලාවක් ඉල්ලා සිටිනවා. එහි මෙහෙම සඳහන් වෙනවා.
“ අප සංවිධානය විසින් පසුගිය දෙසැම්බර් 08 වන දින සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ මුස්ලිම් ජනතාවගේ ප්‍රධානතම ධාර්මික මූලාශ්‍රය වන පරිශුද්ධ වූ අල් කුරාණය එළිදැක්වීම. “ මේ ලිපියේ කියනවා සිංහල ජනතාව අතර කුරාණයේ අන්තර්ගතය පිළිබඳව වැරදි අවබෝධයන් තියෙන නිසා මේවා පැහැදිලි කළ වගන්ති සහිත මේ සිංහල පිටපත ඔබතුමාට ලබාදීම කුරාණය පිළිබඳ සිංහල සමාජයේ ඇති අනවබෝධය නැතිවීමට හේතුවක් වේ යැයි අපි බලාපොරොත්තු වෙනවා කියලා. අපි ඉන්නේ අනවබෝධයෙන් නම් හරි අවබෝධය ලබාගැනීම සඳහා ගෙදරටම ඇවිදින් පිටපතක් ලබා දෙනවා නම් ඇයි අපි බාර නොගෙන ඉන්නේ. ඒ අනුව මම මේ පිටපත භාර ගත්තා.
මමයි මහින්ද රාජපක්ෂ මැතිතුමයි විතරද මේක බාර ගත්තේ. අන්තර්ජාලයෙ ඡායාරූප තියෙනවා මෙම ආණ්ඩුවේ අමාත්‍ය රවීන්ද්‍ර සමරවීර මැතිතුමා අබ්දුල් රසාක් ගෙන් කුරාණයේ පිටපත් බාර ගන්නවා. මේ ආණ්ඩුව බලයට ගෙන ඒමේ සටනේ පුරෝගාමියෙක් වෙච්ච දඹර අමිල ස්වාමීන් වහන්සේට ද පිටපතක් පිළිගන්වනවා.
දේශපාලනය කරන නමුත් පක්ෂ දේශපාලනයට නැති අපේ මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මැතිතුමාත් එම ඡායාරූපවල ඉන්නවා. අවසානයේ අබ්දුල් රසාක් කියන ත්‍රස්තවාදියාව මම ආශ්‍රය කරනවා යැයි කියන රාජිත සේනාරත්න අමාත්‍යතුමා ඒ ත්‍රස්තවාදියා එක්ක තමන්ගේ කාමරයේ වාඩිවෙලා හරබර සංවාදයක යෙදිල ඉන්න ඡායාරූපයත් තියෙනවා.
රාජිත අමාත්‍යවරයා කියන විදිහට අබ්දුල් රසාක් කියන්නේ ත්‍රස්තවාදී සංවිධානයක මහලේකම් නම් ඔහුව ආශ්‍රය කිරීම සම්බන්ධයෙන් අපට චෝදනා නැගීම ට කලින් රාජිත සේනාරත්න අමාත්‍යවරයා ජාතියෙන් සමාව අරන් හමුදාවට බාර විය යුතුයි. රාජිත සේනාරත්න අමාත්‍යතුමනි ඔබ කැපුවේ ඔබේ මිනී වළයි කියන එකයි අපට එතුමාට කියන්නට සිද්ධ වෙන්නේ යනුවෙන් ඔහු සඳහන් කරයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...