ව්‍යාපාරික පුවත්

ශ්‍රී ලංකාවට සංචාරකයන්ගේ පැමිණීම බොහෝ සෙයින් බිද වැටී තිබියදීත්, රුසියානු සංචාරකයන් 52 දෙනෙකුගෙන් සමන්විත පිරිසක් මොස්කව් නුවර සිට අද (1) උදෑසන කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ.

මොවුන් රුසියානු ගුවන් සේවයට අයත් එස්.යූ.6265 දරණ ගුවන් යානයෙන් අද (1) උදෑසන 8.20 ට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ ඇත.

වර්තමාන ශ්‍රී ලංකාවේ තත්වය පිළිබඳව රුසියාවට ද ආරංචි වූ බවත්, එහෙත් තමන් නොබියව සැලසුම් කළ පරිදි මෙම සංචාරය සඳහා ශ්‍රී ලංකාවට පැමිණි බව මෙහිදී අදහස් දැක්වූ සංචාරකයෝ පැවසූහ.

මෙම රුසියානු සංචාරකයන් පිරිස ශ්‍රී ලංකාවේ දින 12 ක් ගත කිරීමට අපේක්ෂා කරන අතර, ඔවුන් වැලිගම, හික්කඩුව, බෙන්තොට ආදී ප්‍රදේශවල නවාතැන් ගැනීමට සැලසුම් කර තිබේ.

ඊට අමතරව සීගිරිය, නුවරඑළිය සහ ඇල්ල ආදී ප්‍රදේශ නැරඹීමට යාමට ද නියමිතය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More