පුනානි ප්‍රදේශයේ ඉදිකිරීම් අවසන් වෙමින් ඇති ශ්‍රී ලංකා මඩකලපු විශ්වවිද්‍යාලය නම් අන්තවාදී හොර උපාධි කඩය ගැන අපගේ හෙළිදරව්වෙන් පසු ඒ ගැන පාර්ශව කිහිපයක් අදහස් දක්වා තිබුණි. මේ අතුරින් අප ඉදිරිපත් කළ කරුණු අවබෝධ කර නොගත් අවස්ථාවාදීන් කිහිප දෙනෙක් ආයතනයේ භයානකකම ගැන වචනයකදු හෝ කතා නොකර ආයතනය ආරම්භ කළේ 2013 වසරේ බවත් පසුගිය රජය මේ සඳහා වග කිව යුතු බවත් පවසමින් පුහු ඝෝෂාවක් නගන්නට විය. වැස්සකට හෝ සරසවියකට නොගිය ඇතැම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු කිහිප දෙනෙක්ද තලු මර මරා එය රස විදින්නට විය. මේ සඳහා ඔවුන් භාවිතා කලේ 2013 වසරේ හිටපු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා සහ හිස්බුල්ලා ගිවිසුමක් අත්සන් කළ ජායාරූපයකි.
සැබවින්ම මේ ජායාරුපය පුනානිහි ආයතනයට හෝ ඉදිකිරීම්වලට අදාල එකක් නොවේ. මේ එවකට වෘත්තීය පුහුණු අමාත්‍යංශය යටතේ පිහිටවනු ලැබූ යුනිවර්සිටි කොලේජ 15 න් එකක ගිවිසුමකි. එම ගිවිසුමට අනුව මෙකී ආයතනය පිහිටුවීමට නියමිතව තිබුනේ කාතන්කුඩි ප්‍රදේශයේය. හරියටම කියනවානම් කාතන්කුඩි හිස්බුල්ලා ක්‍රීඩාංගන පාරේ පර්චස් 47ක ඉඩමකය. පුනානි සිට කාතන්කුඩියට කිලෝමීටර 55 කි. ගිවිසුමට අනුව මේ යුනිවර්සිටි කොලිජියේ ඉගැන්වීමට යෝජනා වුයේ තොරතුරු තාක්ෂනය, ඉදිකිරීම් ශිල්පය සහ මිනුම් කටයුතු ගැන සහතිකපත්‍ර පාඨමාලාවක් සහ ඩිප්ලෝමා පාඨමාලාවකි. ගිවිසුමේ වලංගු කාලය වසර 3කි. හිස්බුල්ලා ගිවිසුම අත්සන් කර කල් මැන මැන සිට 2015 ජනාධිපතිවරනයේ දී මෛත්‍රීපාල සිරිසේන මහතාට සහාය දී ඔහුට සමීප විය. ඒ වනවිටත් ගිවිසුම අත්සන් කල ද ආයතනය ලියාපදිංචි කර තිබුනේ නැත. හිස්බුල්ලාගේ ආයතනය තෘතීය හා වෘත්තීය අධ්‍යාපන කොමිසමේ ලියාපදිංචි කලේ 2015 මාර්තු 2 දින ය. පසුව 2015 අගෝස්තු මහමැතිවරණයෙන් හිස්බුල්ලා පරාජය වුවද ජාතික ලැයිස්තු මන්ත්‍රීධුරයක් ඔහුට හිමි විය. 2016 මැයි 19 දින හිස්බුල්ලා ආයතනයේ නම මඩකලපු විශ්වවිද්‍යාල පෞද්ගලික සමාගම ලෙස වෙනස් කර ආයෝජන මණ්ඩලයේ ලියාපදිංචි කළේය.
මේ වනවිට පුනානිහි දැවැන්ත ඉදිකිරීම් අරඹා තිබුණි. හිස්බුල්ලා සුක්ෂම ලෙස කාතන්කුඩියේ ඇරඹීම සඳහා ගිවිසුම් අත්සන් කළේ පුනානි ආයතනයම බව අගවමින් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමට “ශ්‍රී ලංකා මඩකලපු විශ්ව විද්‍යාලය” නමින් පෞද්ගලික විශ්වවිද්‍යාලයක් ඇරඹීමට අයදුම්පතක් ඉදිරිපත් කළේය. හිස්බුල්ලා තමන්ගේ වැඩේ කර ගැනීමට කෙතරම් සුක්ෂම ලෙස ක්‍රියා කර ඇතිදැයි පැහැදිලිය. අපේ මෝඩ දේශපාලනඥයෝ කෙටි කාලීන වාසි බලාපොරොත්තුවෙන් ජායාරූපයක එල්ලී පුහු ඝෝෂා නගති.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...