දේශීය පුවත්

පාස්කු ඉරිදා කොළඹ ඇතුළු පළාත් කීපයක මුස්ලිම් අන්තවාදීන් පිරිසක් විසින් සිදු කරණ ලද බෝම්බ පිපිරවීම සාධාරණය කරමින් අන්තර් ජාලයට වීඩියෝවක් නිකුත් කළ වවුනියාවේ මෞලවිවරයා අරාබි රටකින් දේශපාලන රැකවරණය පතා තිබේ.

වවුනියාවේ සෙට්ටිකුලම ප්‍රදේශයේ පදිංචි වවුනියාවේ පට්ටානීචුර් මුස්ලිම් පල්ලියේ බාරකාර මෞලවිවරයා වන එම්.නවුමාන් නැමැත්තා බෝම්බ පිපිරීමේ සිද්ධියට පසුදිනයේදී එය සාධාරණය කරමින් හා ලෝකයම ඉස්ලාමීය දේශයක් බවට පත් කරගැනීම සදහා අයි.එස්.අයි.එස්.අන්තවාදීන් සිදුකළ ප්‍රහාරයට ඔහුගේ ගෞරවය හා ප්‍රණාමයද එම වීඩියෝව හරහා ප්‍රකාශ කළේය.

මේ ප්‍රහාරයෙන් තමන් දැඩි සතුටට හා අමන්දානන්දයට පත්ව සිටින බවත් ලෝකයම ඉස්ලාමීය දේශයක් කරා ගෙන යාමේ සටන ලංකාවේද ආරම්භ වී ඇති බවත්  වවුනියාවේ මෞලවිවරයා සදහන් කොට තිබුණි.

මේ සිද්ධියෙන් කෝපයට පත් උතුරේ දෙමළ සංවිධාන කීපයක්ම මේ සම්බන්ධයෙන් ආරක්ෂක අංශ වලට පැමිණිලි කිරීමෙන් පසුව ඔහුව අත් අඩංගුවට ගැනීමට ආරක්ෂක අංශ පරීක්ෂණ හා මෙහෙයුම් දියත් කළද ඔහු ඒ වන විට මක්කම වන්දනාවේ ගොස් සිටියේය.

ඔහු පැමිණි විගස අත් අඩංගුවට ගැනීම සදහා අධිකරණ නියෝගයක්ද පොලීසිය විසින් ලබාගෙන ඇති අතර ගුවන් තොටුපල ආරක්ෂක අංශ වලටද ඒ බව දැණුම් දී තිබේ.

මේ අත් අඩංගුවට පත්වීමෙන් ගැලවීම සදහා මෞලවිවරයා අරාබි රටකින් දේශපාලන රැකවරණය පතා ඇත.

මේ සදහා වවුනියාවේ මුස්ලිම් දේශපාලනඥයින් තුන් දෙනෙකුගේද සහය මෞලවිවරයාට ලැබී ඇත්තේ එම මෞලවිවරයා වවුනියාවේ සියලුම මුස්ලිම් දේශපාලනඥයින්ගේ ඥාතියෙකු හා ආධාර කරුවකු වී සිටීම නිසාය.

(දිනසේන රතුගමගේ)



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More