දේශීය පුවත්

පොලිස් විශේෂ කාර්යංශයේ නිලධාරීන්ට ලද තොරතුරක් අනුව පොලීසිය හා ගුවන් හමුදා නිලධාරීන් එක්ව කල විශේෂ සෝදිසි මෙහෙයුමකදී අවිආයුධ තොගයක් හා සැකකරුවකු අත්අඩංගුවට ගෙන ඇත.

ඊයේ  (30) දා සවස ජා-ඇල කණුවන ප්‍රෙස්වත්ත ප්‍රදේශයේ  ඔහුගේ නිවස පරීක්ෂා කිරීමේදී මෙම ආයුධ තොගය හමු වී තිබේ.

මෙම ආයූධ අතර බලපත්‍ර රහිත බෝර 12තුවක්කුවක් හා එයට යොදන පතුරම් 72ක් ,වායු රයිෆල්යක් හා එයට යොදන උණ්ඩ 300ක්,තහනම් පිහි 03ක්, ගුවන් යානා නාශක හිස් උණ්ඩ 4ක්,එම්.පි.ඒ.ජී.උණ්ඩ19ක්, පොයින්ට් 22වර්ගයේ උණ්ඩ 07,ක් තිබී ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු ඒකල මැතිව් පාරේ ජමාතුල් ජමාත් මුස්ලිම් පල්ලියේ භාරකරු වු තුවාන් මොහොමඩ් අසාරි (69) නැමති අයෙකි.

විදුලි මෝටර් කාර්මිකයකු හා යන්ත්‍ර උපකරණ අළුත්වැඩියාව කරන්නකු ලෙසද අත්අඩංගුවට ගත් පුද්ගලයා කටයුතු කර තිබේ.

ඔහු ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ සේවය කර ඉන් ඉවත් වු අයකු බවද අනාවරණය වී ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු සම්බන්ධයෙන් ඉදිරි පොලිස් පරීක්ෂණ කටයුතු ජා-ඇල පොලිස් ස්ථානයේ වැඩ බලන ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ධර්මසිරි සෙනෙවිරත්න මහතා ඇතුළු නිලධාරීන් පිරිසක්  විසින් සිදු කරනු ලබයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More