දේශීය පුවත්

රටේ පාලකයන්ට නොතේරුණත් අන්තවාදීන් ඔවුන්ට අවශ්‍ය දේ ඒ අයුරින්ම ඉටු කර ගන්නා බව මල්වතු පාර්ශවයේ මහනායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල හිමිපාණන් වහන්සේ පවසති. ඒ අනුව අන්තවාදීන්ගේ සිද්ධස්ථාන පනහක් පමණ මහනුවර දිස්ත්‍රික්කය තුළ ඉදිකර ඇති බව ශ්‍රීලනිප මහලේකම්වරයා කළ ප්‍රකාශයක් තමන්ට මාධ්‍ය මගින් දැන ගැනීමට ලැබුණු බව ද මහා නායක හිමිපාණන් වහන්සේ සඳහන් කළහ.

‘සුරකිමු ශ්‍රී ලංකා ජාතික ව්‍යාපාරය’ විසින් සම්පාදනය කරන ලද ඉස්ලාම් අන්තවාදය සහ ත්‍රස්තවාදය ශ්‍රී ලංකාවෙන් මුලිනුපුටා දැමීම සඳහා වූ ත්‍රස්ත විරෝධී ජාතික ප්‍රතිපත්තිය මල්වතු පාර්ශවයේ මහනායක හිමිපාණන් වහන්සේ වෙත පිළිගැන්වීම එම සංවිධානයේ සභාපති පූජ්‍ය පාහියන්ගල ආනන්ද සාගර හිමියන් විසින්ඊයේ (30) මල්වතු මහා විහාරයේදී සිදු කරන ලදි.

ඉස්ලාම් අන්තවාදී සංවිධාන හඳුනාගෙන වහාම ක්‍රියාත්මක වන පරිදි එවා තහනම් කිරීම, ඔවුන්ගේ සියලූ දේපළ රාජසන්තක කිරීම ඇතුළුව කරුණු දහඅටකින් යුතු යෝජනාවලියක් ‘සුරකිමු ශ්‍රී ලංකා ජාතික ව්‍යාපාරය’ විසින් සකස් කොට තිබේ. එම යෝජනාවලිය කඩිනමින් රජය වෙත ඉදිරිපත් කරන බව ද පූජ්‍ය පාහියන්ගල ආනන්ද සාගර හිමි සඳහන් කළහ.

ශ්‍රී ලංකාව විදේශිකයන්ගේ ජනාවාස කොට එය කොලනියක් බවට පත්කිරීමෙන් පසු නිරන්තරයෙන්ම රට අවදානම් තත්ත්වයකට පත්වන බවත් ඔවුන්ගේ පුහුණුවීම්, ත්‍රස්තවාදී ක්‍රියාවන් ව්‍යාප්ත කිරීමට සුදුසු මධ්‍යස්ථානයක් බවට මෙරට පත් කර ගෙන ඇතැයි කී පූජ්‍ය පාහියන්ගල ආනන්ද සාගර හිමි තවදුරටත් මෙසේ සඳහන් කළහ.

පුපුරණ ද්‍රව්‍ය සමඟ විල්පත්තු වනාන්තරය තුළ පුහුණුවීම් කළ බවට දැනට තොරතුරු අනාවරණය වී තිබෙනවා. බටහිර මුහුදේ සිට පැමිණෙන්නන්ට ආගමන විගමන නීතිරීති වැනි බාධාවකවලින් තොරව මෙම ප්‍රදේශවලට පැමිණිය හැකියි. අන්තවාදීන්ගේ කොළනි බවට පත්ව තිබෙන මෙම ප්‍රදේශ තුළ කිසිදු ගැටළුවක් නොමැතිව අවශ්‍ය පුහුණු පුරුදු වීම් සහ ත්‍රස්තවාදී ක්‍රියාවන් ව්‍යාප්ත කිරීමේ තෝතැන්නක් බවට පත් කර ගත හැකියි.

යුද හමුදාව විල්පත්තු වනාන්තරය තුළ කරන ලද සෝදිසි මෙහෙයුම්වලදී අන්තවාදීන් බෝම්බ ආදියෙන් පුරුදු පුහුණවූ බව අනාවරණය කර ගත හැකිවී තිබෙනවා. හැඳුනුම්පතේ ශ්‍රී ලාංකික යැයි සඳහන් වුවත් සිය අනන්‍යතාවය තහවුරු කරගැනීමට නොහැකි වූ පුද්ගලයන් විශාල ප්‍රමාණයක් එම ප්‍රදේශවල ජීවත් වෙනවා. ඇෆ්ගනිස්ථානය, පාකිස්ථානය වැනි රටවලින් ශ්‍රී ලංකාවට පැමිණෙන්නන් හට වසරකට දෙවතාවක් උප්පැන්න සහතික සහ ජාතික හැඳුනුම්පත් නිකුත් කොට තිබෙනවා. ඔවුන් ශ්‍රී ලාංකික යැයි සදහන් වුවත් ඔවුන්ගේ දෙමාපියන් කවුද? ඥාතීන් කවුද? ආදිය පමණක් නොව ඔවුන්ට කතා කිරීමට හැකි භාෂාවක් ද නොමැති බවයි අනාවරණය වී තිබෙන්නේ.

‘එක් කොටසක් අනාථයන් ලෙස ද තවත් කොටසක් ආක්‍රමණිකයන් ලෙස ද ශ්‍රී ලංකාවට පැමිණ තිබෙනවා. ඔවුන් දෙපාර්ශවයම මේ වන විට ජීවත් වන්නේ විල්පත්තු ප්‍රදේශයේ ඉදිකරන ලද නව නිවාසවලයි. රිෂාඩ් බදුර්දීන් අමාත්‍යවරයාට මන්නාරම් බොක්ක ප්‍රදේශයේ අක්කර දෙදහසක් ද මන්නාරම් දිස්ත්‍රික්කයේ අක්කර තුන්දහසක් ද වශයෙන් අක්කර පන්දහසක පමණ භූමි ප්‍රමාණයක් හිමිව තිබෙනවා. එම ප්‍රදේශ පුරුදු පුහුණු වන මර්මස්ථාන වශයෙන් පවත්වා ගැනීමටයි ඔවුන් කටයුතු කරමින් සිටින්නේ. මේ නිසා ශ්‍රී ලංකාවේ ජාතික ආරක්ෂාව ඉතාමත්ම බරපතල තත්ත්වයකට පත්ව ඇත’යි පුජ්‍ය පාහියන්ගල ආනන්ද සාගර හිමියන් වැඩිදුරටත් සඳහන් කළහ. ත්‍රස්ත විරෝධී ජාතික ප්‍රතිපත්තිය මල්වතු පාර්ශවයේ අනුනායක පූජ්‍ය දිඹුල්කුඹුරේ විමලධම්ම හිමිපාණන් වහන්සේ වෙත අනතුරුව පිළිගැන්විණ.

ජාතික සංඝ සම්මේලනයේ සභාපති පූජ්‍ය ලියන්වල ශාසනරතන හිමි, සුරකිමු ශ්‍රී ලංකා ජාතික ව්‍යාපාරයේ ලේකම් දිනෙත් මල්ලිමාරච්චි මහතා ද මෙම අවස්ථාවට එක්වූහ.

නුවර නදීක දයා බණ්ඩාර



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More