ලෝක කම්කරු දිනය අදට (මැයි 01) යෙදී ඇතත් රට තුළ පවතින තත්ත්වය සැලකිල්ලට ගෙන දේශපාලන පක්‍ෂ හා සිවිල් සංවිධාන මැයි දින පෙළපාලි සහ රැුලි නොපවත්වයි.
කෙසේ වෙතත් දේශපාලන පක්ෂ කිහිපයක් සිය පාක්‍ෂිකයන් සහභාගි කර නොගෙන මැයි දින සැමරුම් පැවැත්වීමට නියමිතය.
ඒ අනුව ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් ‘ආරක්‍ෂිත මවුබිමක්, ජවය පිරි වැඩ බිමක් ’ යන තේමාව ඔස්සේ අද පස්වරුවේ කොළඹ පදනම් ආයතනයේදී මැයි දින සැමරුමක් පවත්වනු ලබයි. ශ‍්‍රීලනිප මහජන සහ වෘත්තීය සමිති නියෝජිතයෝ මෙම අවස්ථාවට එක්වෙති. ජනතා විමුක්ති පෙරමුණ ‘ජනතාවාදී පාලනයක් උදෙසා ජන බලය ගොඩනගන මැයි දින සැමරුම’ යන මැයෙන් විශේෂ වැඩසටහනක් බත්තරමුල්ල පැලවත්තේ පිහිටි ජවිපෙ ප‍්‍රධාන කාර්යාලයේදී පවත්වනු ලබයි. මේ සඳහා ජනතා විමුක්ති පෙරමුණේ නායකයෝ සහ වෘත්තීය සමිති නියෝජිතයෝ සහභාගී වෙති.
මෙවර මැයි දිනය නිමිත්තෙන් එක්සත් ජාතික පක්‍ෂය සහ ශ‍්‍රීලංකා පොදු ජන පෙරමුණ (පොහොට්ටුව) මැයි පෙළපාලියක්, රැලියක් හෝ වෙනත් සැමරුම් වැඩසටහන් නොපවත්වයි.
පෙරටුගාමී සමාජවාදී පක්‍ෂයද විශේෂ මැයි දින වැඩසටහනක් පක්‍ෂයේ ඉහළ පෙළේ නියෝජිතයන්ගේ සහභාගිත්වයෙන් මධ්‍යහ්න 12.00ට කොළඹ කොටුවේ දී පැවැත්වීමට තීරණය කර ඇත.
ලංකා සමසමාජ පක්‍ෂයද මැයි දින පෙළපාලියක් සහ රැලියක් නොපවත්වා පෙරවරු 9.30 ට රාජගිරිය ආයුර්වේද මංසන්ධියේ ඇති ආචාර්ය ඇන්.ඇම්. පෙරේරා මහතාගේ ප‍්‍රතිමාවට පුෂ්පෝපහාර පිදීමේ උත්සවයක් පමණක් පවත්වනු ලබයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...