පුරවැසි කොලම

2019 අප්‍රෙල් 21 ඉරිදා දිනයේ සිදු වූ ඛෙදවාචකය අප වටහා ගත යුත්තේ හුදු ආගමික අන්තවාදයට යොමු වූ සමාජ කණ්ඩායමක ත‍්‍රස්තවාදී කි‍්‍රයාවක් ලෙස පමණක් නො වේ. ලෝක ආර්ථික අර්බුදය තුළ, නව ලිබරල් ආර්ථික ක‍්‍රමයේ නියමුවන් වන ඇමරිකාව ප‍්‍රමුඛ අන්තර්ජාතික සමාගම්වලට පීඩිත ජනයාගෙන් එල්ලවන ප‍්‍රතිවිරෝධයට මුහුණ දීම සඳහා ද, ඉන්දීය සාගර කලාපයේ තම මිලිටරි ආධිපතිත්වයට ඉතා වැදගත් සහ තීරණාත්මක භූගොලීය පිහිටීමක ඇති වැදගත් මර්මස්ථානයක් ද වන ශ‍්‍රී ලංකාව, තම ග‍්‍රහණයට හා පාලනයට යටත් කර ගැනීම සඳහා ද කි‍්‍රයා කිරීම අවශ්‍ය වී ඇත. 2015 දී ද තම ගැති පාලනයක් තහවුරු කළත්, කි‍්‍රයාකාරිත්වය තුළදී, පවතින රජයට එරෙහිව මහජන විරෝධය මෝදුවන තත්වයක් තුළ මහජනයා ත‍්‍රස්ත කිරීමේ සහ කම්පනයට පත් කර තම ආධිපතිත්වය තහවුරු කිරීමේ කි‍්‍රයාවලියේ තවත් පියවරක් වශයෙන් මෙම ප‍්‍රහාර එල්ල වී ඇත.

1973 වියට්නාමයේ පරාජයෙන් පසු ඇමරිකාව ප‍්‍රමුඛ අන්තර්ජාතික ධනවාදය මගින් ලෝකයේ විප්ලවවාදී ව්‍යාපාර තම ග‍්‍රහණයට ගැනීමේ මෙහෙයුම් කි‍්‍රයාත්මක විය. ආර්ථික වශයෙන් හා ජාතික වශයෙන් විවිධ පීඩාවන්ට පත්වන ජන කොටස්වලින් මතුවන විප්ලවවාදී ව්‍යාපාර මූල්‍යමය හා ආයුධ සැපයීම ආදී නන් අයුරින් පෝෂණය කිරීමට ආධාර අනුබල දීමට කූඨ ලෙස කි‍්‍රයා කර, ඊනියා පීඩිත විමුක්ති ව්‍යාපාර මුවාවෙන් ඒවාට වාමාංශික මුහුණුවරක් ආරෝපනය කිරීම තුලින් රැුඩිකල් මතධාරින් මගින් ද වාමාංංශික සලූපිලි දවටා ගත් ඔවුන්ගේ ආධාර ලබන රාජ්‍ය නොවන සංවිධාන සහ සමහර ඊනියා වාමාංශික පක්‍ෂ මගින් ද සාධාරනීකරණයක් ද ආරෝපනය කෙරේ. පසුව ඒවා ත‍්‍රස්තවාදී සංවිධාන ලෙසට පරිවර්තනය කර, ත‍්‍රස්තවාදී ව්‍යාපාර තම අනුග‍්‍රහය යටතේ නගා සිටුවීමේ සූක්‍ෂම උපක‍්‍රම කි‍්‍රයාවට දැමීම මගින් තම අරමුණු ඉටුකර ගැනීමට කි‍්‍රයාත්මක වී ඇත. මේ අනුව සිය අරමුණු සඳහා යොදා ගන්නා විවිධ ත‍්‍රස්ථවාදී සංවිධාන ( LTTE වැනි ) මෙන්ම අන්තවාදී ආගමික කල්ලි ( LTTE වැනි) සහ පුද්ගලයන් ද දැන හෝ නො දැන රූකඩයන් ලෙස සේවය කරනුයේ ඉහත දැක් වූ නව ලිබරල්වාදී ව්‍යාපෘතිය (ගෝලීය ධනවාදයේ) මුදුන්පත් කර ගැනීම සඳහා ය.

බටහිර වෛද්‍ය ක‍්‍රමයේ ප‍්‍රතිකාරක ක‍්‍රමයක් ලෙස මිනිස් මොලයට විද්‍යුත් කම්පන ලබා දී මානසික ස්වභාවය වෙනස් කිරීමේ පර්යේෂණ 1960 ගණන්වලදී CIA  සංවිධානයේ අනුග‍්‍රහයෙන්, කැනඩාවේ මොන්ටි‍්‍රයොල්හි McGill විශ්ව විද්‍යාලයේ දී සිදු විය. මෙම පර්යේෂණ ප‍්‍රතිඵල පසුව යොදා ගනු ලැබුයේ යුද්ධ සිරකරුවන්ගෙන් තොරතුරු දැන ගැනීමේ වධ හිංසන ක‍්‍රමයක් ලෙස ය. ඉක්බිතිව පුද්ගලයන්ට සිදු කරන මානසික කම්පනය හා සංකූලතාවය සමස්ථ සමාජයක් කෙරෙහිම යොදා ගැනීමේ ක‍්‍රමවේදය CIA සංවිධානය විසින් නිර්මාණය කරන ලදී. මෙම කුරිරු ක‍්‍රමවේදය Naomi Klain මාධ්‍යවෙදිනිය විසින් රචිත Shock Doctrine  ග‍්‍රන්ථයේ විචිත‍්‍ර ලෙස පෙන්වා දී තිබේ. චිලී රාජ්‍යය, ආරජන්ටිනාව, ඉරාකය, වෙනිසියුලාව, දකුණු අපි‍්‍රකාව, රුසියාව චීනය සහ බි‍්‍රතාන්‍යය යන රටවලදී මෙම කම්පන ප‍්‍රතිකර්මය යොදා ගැනීමත්, රාජ්‍යයන් අස්ථාවර කිරීම, පෙරලා දැමීම, ආර්ථික ක‍්‍රමය නොපිට හැරවීම, සම්පත් මංකොල්ලය සහ බහු ජාතික සමාගම් සඳහා රිසි පරිදි ඉඩකඩ විවරකළ අයුරු මෙම ග‍්‍රන්ථයෙහි පැහැදිලි කරයි. ණය උගුල් ආර්ථිකය, දේශපාතන රාජ්‍ය පෙරලි, ආගමික සහ ජාතීන් අතර ගැටුම් මෙන්ම ස්වාභාවික ව්‍යසනයන් ද (සුනාමිය වැනි) කම්පන උපක‍්‍රමලෙස යොදා ගැනේ.

මෙහිදී දක්නට ලැබෙන පොදු ලක්‍ෂණය වන්නේ අදාල රාජ්‍යයේ ජනතාව කම්පනයට හා නිර්වින්දනයට පත් කිරීම තුලින් සමස්ථ සමාජ මානසිකත්වය වෙනස් කිරීම සහ එය මත පදනම්ව රාජ්‍යයන් වහල් භාවයට නතු කර ගැනීම යි.

hs’ “only a crisis—actual or perceived—produces real change. When that crisis occurs, the actions that are taken depend on the ideas that are lying around. That, I believe, is our basic function: to develop alternatives to existing policies, to keep them alive and available until the politically impossible becomes politically inevitable.”- (Milton Friedman, ‘Capitalism and Freedom’, Preface, 1982, page xiv) (Shock Doctrine – page 140).

1975 සාභාග රජය පෙරලා දැමීමේ සිට 2019 අපේ‍්‍රල් ඛෙදවාචකය දක්වා අප රට මුහුණ දුන් ආර්ථික, දේශපාලන, ත‍්‍රස්ථවාදී ප‍්‍රහාර, ජනවාර්ගික හා ආගමික ගැටුම්, පිටුපසින් පවතින්නේ මෙම හස්ථය යි. එය නව ලිබරල්වාදයේ ආක‍්‍රමණික මෙහෙයුමයි. සුනාම් අවස්ථාවේදී ද, වෙරළබඩ තීරය අහිංසක ධීවර ජනතාවගෙන් කොල්ල කෑමට මෙහෙයවූයේ ද මෙම කම්පන ප‍්‍රතිකාරක ක‍්‍රමවේදය යි. අප්‍රෙල් 21 ඇති කළ කම්පනය තුලින් සමහර විට ඔවුන් බලාපොරොත්තු වූ පරිදි සමාජ කලබැගෑනියක් නො වූ බැවින් ඔවුන්ගේ අවශ්‍යතාව (විදේශ මැදිහත්වීම සඳහා වාතාවරණය) ඉටුවන තෙක් ඉදිරියටත් කුමන සමාජ භීතිකාවන් නිර්මාණය කරාවිද යන්න කිව නො හැක.

මේ මොහොත වන විට රටෙහි සමස්ථ ජනතාව ම මුස්ලිම් ආගමික අන්තවාදය මුලින් උපුටා දැමීම, ත‍්‍රස්ථවාදය මර්ධනය සඳහා ඕනෑම මර්ධන කාර්්‍යයකට අනුමැතිය දීමේ මානසික කම්පන ස්වභාවයකට සහ මානසික සංකූලතාවයකට පත්ව සිටිති. විදේශීය ඔත්තු සේවා, තාක්‍ෂණ හා උපදෙස් විශේෂඥ සේවා පමණක් නොව විදේශ හමුදාවන්ගේ පැමිණීම ද ඉවසීමට තරම් වූ මානසිකත්වයකට සමාජය යොමු වී සිටිති. ජාත්‍යන්තර ත‍්‍රස්තවාදයන් මැඩලීම සඳහා ජාත්‍යන්තර සහාය ලබා ගැනීමේ අවශ්‍යතාව පුන පුනා පවසනු ලැබීමත්, ඒ සඳහා බලවත් ජාතීන්ගේ සූදානමත්, මැනවින් සමපාත වී ඇත. අප මේ පියවර තබන්නේ කොයිබට ද? ශී‍්‍ර ලංකාව තවත් ඉරාකයක්, සිරියාවක්, ලිබියාවක්, ඇෆ්ගනිස්ථානයක්, චිලියක් බවට පත් කර ගැනීමට ද? ඇෆ්ගනිස්ථානයේ හා මැදපෙරදිග අසාර්ථක වූ,ිඉස්ලාම් ත‍්‍රස්ථවාදය’ මුලින් උපුටා දැමීම ක‍්‍රමවේදයන් ලංකාවට අවශ්‍යය ද?

නව ලිබරල්වාදී උගුලට විකල්පය වන්නේ ඊනියා සන්නද්ධ අරගල නොව ආර්ථික ප‍්‍රජාතන්ත‍්‍රවාදය සහ සහයෝගිතා ආර්ථිකයයි. නව ලිබරල්වාදයේ ආක‍්‍රමණයට සහ ශ‍්‍රී ලංකාව බටහිර මිලිටරි කඳවුරක් බවට පත් කර ගැනීමේ ප‍්‍රතිපත්තියට එරෙහිව අපටම අනන්‍ය වූ ක‍්‍රමවෙදයක් නිර්මාණය කර ගැනීමට නො හැකි ද? විවිධ ජාතීන් සහිත විවිධ ආගම් අදහන රටක් වුව ද ශ‍්‍රී ලංකාවේ පවතින්නේ මෙම සියල්ලටම පොදු බෞද්ධ ශිෂ්ඨාචාරයේ පදනම යි. අපගේ ගැටලූ විසඳාගත යුතු වන්නේ නො මග ගිය සහෝදර මුස්ලිම් ජනතාව යහ මගට ගැනීමේ, කරුණාව, මෛති‍්‍රය, අසල්වැසියාට පේ‍්‍රමය, අන්‍යොන්‍ය වටහා ගැනීම, සහයෝගය, සහෝදරත්වය පදනම් වූ අපගේ ශී‍්‍ර ලංකාවට අනන්‍ය වූ ක‍්‍රමවේදයක් තුලිනි. අපගේ සාරධර්ම සහ හැදියාව පදනම් කරගෙන ඒ සඳහා :

1. ආගමික අන්තවාදයට යොමු වූ මුස්ලිම් සමාජයේ සුලූතරය පුනරුත්ථාපනය කිරීමේ පුලූල් ජාතික වැඩසටහනක් නිර්මාණය කළ යුතු ය.

2. මේ සඳහා මධ්‍යස්ථානයන් (කඳවුරු*)පිහිටුවීම ද, ඒවාට භාරවන ලෙස රාජ්‍ය නායකයන් විසින් කාරුණික දැනුම් දීමක් සිදු කළ යුතු ය. මූලික මිනිස් අයිතිවාසිකම් ආරක්‍ෂා වන සහ මෙම පුද්ගලයන්ගේ මානුෂික ගෞරවය සුරැුකෙන පරිදි කටයුතු කිරීම වැදගත් ය. ආරක්‍ෂාව සඳහා මහජන කමිටු පිහිටුවිය යුතු ය.

3. මධ්‍යස්ථ සහ සාම්ප‍්‍රදායික මුස්ලිම් ජනතාව විසින් කරනු ලබන සමාජ තෙරපීමක් තුලින් මෙම අන්තවාදී කොටස් කෙරෙහි බලපෑම ද, ඔවුන් පුනරුත්ථාපනයට යොමු කිරීම ද සිදු කළ යුතු ය.

4. සියලූ ආගම්, දර්ශනයන් සහ මතවාදයන් විචක්‍ෂණශීලීව විමසීම සඳහා තුලනාත්මක දර්ශනවාදය මත පදනම් වූ වැඩසටහන් ද, මානසික වෛද්‍ය ප‍්‍රතිකර්ම ද, සමාජ අනුගත කිරීමේ වැඩසටහන් ද, මෙම මධ්‍යස්ථානයේ පාඨමාලාවට ඇතුලත් කළ යුතු වේ.

5. මෙම පුනරුත්ථාපන මධ්‍යස්ථානය පවත්වාගැනීමේදී සාම්ප‍්‍රදායික මුස්ලිම් ආගමික නායකයින්ගේ ප‍්‍රධාන වගකීමක් ලෙස පැවරිය යුතු අතර, සෙසු ආගමික නායකයන්, වෛද්‍යවරුන්, සහ සමාජවිද්‍යාඥයින්ගේ සහාය ඔවුන්ට ලබා දිය යුතු ය,

6. ආගමික උන්මත්තකභාවයෙන් පෙලෙන සහ ත‍්‍රස්ථවාදී කි‍්‍රයාකාරකම් සඳහා පුහුණුව ලැබූ සහ දැනටමත් පුහුණුව ලබන දැඩි මතධාරී අය සඳහා විශේෂ මධ්‍යස්ථාන සහ මානසික සායන ක‍්‍රම නිර්මාණය අවශ්‍ය වේ. ඒ සඳහා ජාත්‍යන්තර මානසික වෛද්‍ය සහ සමාජ විද්‍යාර්ථීන්ගේ සහාය ලබා ගත යුතු වේ.

7. අන්තවාදී මුස්ලිම් ආගමික දහම් පාසැල් (Madrasas) නීතියෙන් තහනම් කළ යුතු ය. ඒවායේ දහම් පාසැල් ගිය සියලූ දරුවන් පුරුත්ථාපන මධ්‍යස්ථානවලට යොමු කර මානසික සුවයට පත් කළ යුතු ය.

8. සියලූ කිතුනු නිකායන් කිතුනු පූජා මෙහෙයයන් ශ‍්‍රී ලාංකීය සංස්කෘතියට අනුගත කිරීමට ගත් ප‍්‍රශංසනීය කි‍්‍රයාවලිය මුස්ලිම් නායකයන් විසින් හැදෑරීම ද, අනුගමනය කිරීම ද දිරිමත් කළ යුතු ය.

9. අද පවතින මුස්ලිම් අන්තවාදය මුලින් උපුටා දැමිය හැක්කේ එහි පදනම වන අවිද්‍යාව සහ එය තම අරමුණු සඳහා නිර්මාණය කරන සහ පෝෂණය කරන (අන්තර් මහාද්වීපික ධන කුවේර* වත්මන් නව ලිබරල්වාදී ව්‍යාපෘතියේ විසකුරු බව එලිදරවි කිරීම මගිනි. එහිදී නව ලිබරල්වාදී ආර්ථික ක‍්‍රමය තුල ජනතාව එහි වහලූන් බවට පත් කිරීමේ දාර්ශනික පදනම් වන තරගය, අනෙකා පරයා යාමේ අභිලාශය, වෛරය, අධික තෘෂ්ණාව හා තන්හාව, සමාජය පිළිබඳ සැලකිලිමත් වීම සහ මානුෂිකත්වය වෙනුවට පෞද්ගලික නිදහසේ මුවාවෙන් අමානුෂික පුද්ගලයන් නිර්මාණය කිරීම යන සමාජ හර පද්ධතීන්ට එරෙහිව කි‍්‍රයා කළ යුතු ය. තම භාණ්ඩ අලෙවිය සඳහා එම හර පද්ධතීන් වැඩි දියුණු කරන වෙළඳ දැන්වීම් සහ ටෙලි නාට්‍ය සඳහා සමාජ පිළිකුළ නිර්මාණය කළ යුතු ය.

10. ඊට විකල්ප ලෙස, අන්‍යොන්‍ය සහජීවනය, කරුණාව දයාව, අන්‍යොන්‍ය උපකාරය, සාමූහිකත්වය මත පදනම් වූ ආර්ථික ප‍්‍රජාතන්ත‍්‍රවාදය පදනම්ව ආර්ථික සහයෝගිතාව වැනි ආර්ථික ක‍්‍රම නිර්මාණය කර ගැනීම යනාදිය කි‍්‍රයාත්මක කළ යුතු ය. පෞද්ගලික ව්‍යවසායකත්වය සහ රාජ්‍ය ධනවාදයට විකල්පව සහයෝගිතා ආර්ථිකයක අවශ්‍යතාව අද ලොව පුරා පිළිගැනීමට ලක්වෙමින් පවතී.
මිනිසාගේ චර්යාවන් සහ ආකල්ප ගොඩ නැගෙන්නේ ඔහු ජීවත්වන ආර්ථික පදනම අනුවය. ආර්ථික පදනම ප‍්‍රජාතන්ත‍්‍රවාදී වූ විට සහ සහායා්ගිතාව ඇති වූ විට සියලූ අගතිගාමී දර්ශනයන් මිනිසා කෙරෙන් බැහැර වන බව අපගේ විශ්වාසය යි.

11. තව ද විවිධ ආගම් , ජාති, කුළ, ගෝත‍්‍ර මත පදනම්ව ගොඩ නගා ගත් දේශපාලන පක්‍ෂ ද, ඡුන්ද කොට්ඨාශ සහ දිස්ති‍්‍රක්ක, පලාත් සභා ආදිය වෙනස් කිරීමේ මධ්‍ය කාලීන වැඩසටහන් නිර්මාණය කිරීමට සාකච්ඡුාවන් ආරම්භ කළ යුතු ය. දැනට පවතින පලාත් සභා සීමාවන් වෙනුවට ශ‍්‍රී ලංකාවේ ප‍්‍රධාන ගංගා සහ ජලපෝෂක ප‍්‍රදේශ පදනම් වූ භූගෝලීය පාලන ප‍්‍රදේශයන් ද, ඒ තුළ අතු ගංගා, යාය සහ එල්ලංගා පදනම් වූ ග‍්‍රාම රාජ්‍ය නිර්මාණය කිරීම පිළිබඳව ද අවධාරණය කරමු.

12. ලෝකයේ බලවත් ජාතීන්ගෙන් සහ ආයතනවලින් අපට දිය හැකි උපකාරය වන්නේ, අද අප රට පෙලෙන ණය බරින් නිදහස් වීමට උපකාර කිරීමයි. එහිදී ණය ගෙවීම ප‍්‍රතිශෝධනය කිරීමත්, කිසියම් ප‍්‍රමාණයකින් කපා හැරීමත්, වෙළඳ ගිවිසුම් යළි සැකසීමත් ඉල්ලා සිටිය යුතු ය. එවිට ණය ගෙවීමට කරනු ලබන වැය රට ගොඩ නැගීමට යොදා ගත හැක.

13. විදේශීය මිලිටරි සහාය අපට කිසිසේත් අවශ්‍ය නැත. අපගේ ඉල්ලීම සහ අවශ්‍යතාවය අනුව තොරතුරු සැපයීම ප‍්‍රමාණවත් ය.

14. ශී‍්‍ර ලංකාවේ බෞද්ධ සංස්කෘතියට හානිකර නො වූ ආසියානු සංස්කෘතීන් හා චින්තනයන් පෙරදැරි කරගත් රටවල මිත‍්‍රත්වය සහ මානුෂික සහාය වැදගත් වනු ඇත.

 

– බන්දුල නානායක්කාර, බුද්ධි ජයසූරිය, ලෙස්ලි මෙන්ඩිස්



One thought on “මුස්ලිම් අන්තවාදයේ සැබෑ මුහුණුවර එළිදරව් කරමු… විදේශ මැදිහත්වීම්වලට ඉඩ නො දෙමු”

  1. ශී‍්‍ර ලංකාව තවත් ඉරාකයක්, සිරියාවක්, ලිබියාවක්, ඇෆ්ගනිස්ථානයක්, චිලියක් බවට පත් වි පමනක් නොනවතිනු ඇත.
    අනාගතයකදි ඇති වන ඉරානයෙන් පටන් ගෙන ඉන්දියාවෙන් හෝ චිනයෙන් කෙලවර වන 3 වන න්යෂ්ටික ලෝක යුද්ධයක මුලස්ථානයක් බවට තිරිකුණාමලය පත් වනු නොඅනුමානය.

    It’s not about “IF” but “WHEN”. Here’s why.
    3 වන ලෝක යුද්දයක් නුදුරු අනාගතයේදි ඇති වියහැකිය යන්නට කරුනු කාරනා සිදුවෙමින් පවති.

    එරට ත‍්‍රස්ත කි‍්‍රයා සැලසුම් ගැන බංග්ලාදේශ අගමැතිනියගේ ප්‍රකාශයත්, සමහර දකුනු ඉන්දියානු දේසපාලකයන් ඝාතන ප්ලෑනක් ගැන කතාවත්, මඩකලපුවේ ඉදිකෙරෙන බංග්ලාදේශ/ඉන්දියානු මුස්ලිම් සිසුන්ට මුදල් ආධාරද ගෙවා බදවා ගැනිමට යන ශරියා විශ්ව විද්යාලයත්, ජාති/ආගම් බේද නැති කුඩු මාෆියාවක් සැදිමට දකුනු ඉන්දියාවේ සිට කොටි ත‍්‍රස්තවාදියෙකු උපදෙස් දිමත්,
    හම්බන්තොට-තිරිකුණාමලය සැපයුම් මාර්ගයකට පාර කපන ආන්ඩුවේ භයංකර ඉඩම් කොල්ල වියාපෘතියත්, කලින්ම නැගෙනහිර බුද්ධි අංශ අඩපන කර මුස්ලිම් අන්තවාදයක් පැල කිරිම එකම දම්වැලක පුරුක් නම් මෙය මුලු ඉන්දියානු කලාපයම තර්ජනයට ලක් කර අනාගතයට සැලසුම් කරන ලෝක යුද්දයකට පෙර සුදානමක ලකුනු පෙන්නුම් කරයි.
    තවද පසුගියදා ඇමරිකාව රටවල් 10කට (ඉන්දියාව චිනය රුසියාව ඇතුලු) ඉරානයේ තෙල් නොගන්නා ලෙස තදින් බලපෑම් කර ඇත. ඵසේ වුව හොත් තමන් හොමස් සමුද්ර සන්ධිය
    (Strait of Hormuz) වසා ගල්ෆ් කලාපයෙන් පිටත්වන අනෙකුන්ගේ තෙල් නැව් ගමනාගමනය අත්හිටවන බව ඉරානය පවසයි.
    මේ අතර මාස ගනනාවකට පෙර අහම්බෙන් අන්තර්ජාලයෙන් Let’s give India a fake rupee crisis යනුවෙන් සදහන් වු විඩියෝවක්ද ඇස ගැටුන බව මතකයට නැගෙන්නේ ඊයෙ පෙරේදා ලංකාවේද හොර සල්ලි තොගයක් අසුවුන පසුය. සෞදියෙන් ඇති තරම් සල්ලි පොම්ප කරද්දි මේ හොර සල්ලි ආර්ථිකයට පහර ගැසිමට බව පැහැදිලිය. ආර්ථිකයට පහර ගැසිම isis උවමනාවක්ද?

    3 වන ලෝක යුද්දයකට ඇමරිකාව පිඹුරුම් සකස් කරනවා නම් අපට කර්මාන්ත ශාලා වලට වඩා ආහාර සුරක්ෂිතතාව වැදගත් වනු ඇත.
    මංගල සමරවිර මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් හරහා බහු ජාතික සමාගම් සහ ඊට සමගාමිව ක්රියාත්මක වන විදේශිය හමුදා සදහා රටේ ඉඩම් කොල්ලයකට මග තනද්දි චම්පික ලුනු ලේවාය අපවිත‍්‍ර කරන, ඒ අසලට කුනු බැහැර කිරිමේ වියාපෘතියක් දියත් කර ඇත.
    මෙහිදි අපට ඉංගිරිසින් ඉන්දියානුවන්ට “ලුනු බද්ද” පැනවිම සහ ඊට විරුද්දව මහත්මා ගාන්ධිගේ ලුනු සෑදිමේ වියාපාරය සිහිවේ.
    අනාගතයේදි අපට පිටරටින් බදු ගෙවා ලුනු ගෙන්වන්නට සිදුවේද?
    යුද්ධයකදි නැව් ගමන් අවහිර බැවින් අප දැන්ම අත්යාවශ්ය දේ රටතුලම නිපදවිය යුතුය. මහා පරිමාන සුර්ය බල ශක්ති උත්පාදනයකට යා යුතුය.

Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More