ලිට්රෝ සමාගමේ කළමණාකරණ අධක්ෂ ලෙස කටයුත කළ මුදිත පීරිස් එම ධුරයෙන් ඉවත් කර ඒ වෙනුවට මොහොමඩ් ෆාරුක් නැමැති අයෙකු පත්කිරීමට එරෙහිව එම සමාගමේ සේවකයන්ගෙන් විරෝධයක් එල්ල වී තිබෙනවා.
මුදල් අමාත්‍ය මංගල සමරවීරගේ අත්සනින් යුතුව 2019.03.19 දින නිකුත් කළ ලිපියෙන් මොහොමඩ් ෆර්ඩූස් ෆාරුක් යන අය ලිට්රෝ සමාගමේ කළමණාරකණ අධ්‍යක්ෂ ධූරයට පත්කර ඇති අතර ඊට එම සමාගමේ ජාතික සේවක සංගමය මෙන්ම අන්තර් සමාගම් සේවක සංගමයද විරෝධය දක්වා තිබෙනවා.
ලිට්රෝ සමාගමේ සේවකයින්ගේ කාර්‍යක්ෂමතාවය වැඩිදියුණු කර එම ආයතනයේ කැපී පෙනෙන වෙනසක් ඇති කළ මුදිත පීරිස් හට නැවත එම තනතුර ලබා දෙන ලෙස ඉල්ලමින් එම සමාගමේ අන්තර් සමාගම් සේවක සංගමය අග්‍රාමාත්‍යවරයාට හා මුදල් අමාත්‍යවරයාට ලිපියක්ද යොමුකර ඇති අතර ගෑස් සමාගමට ඔහුගේ සේවය අවශ්‍යම මොහොතක ඔහු තනතුරෙන් ඉවත් කිරීම සම්බන්ධයෙන් සියළු සේවකයින් කණගාටුවන බවයි අදාල ලිපියේ වැඩිදුරටත් සඳහන්ව ඇත්තේ.
ශ්‍රී ලංකා රාජ්‍ය සතුව තිබූ ප්‍රමුඛ පෙළේ ලාභ ලබන රාජ්‍ය ආයතනයක් වූ ලිට්රෝ ගෑස් ලංකා සමාගම 1995 වර්ෂයේදී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග රජයේ උපදේශකයෙකු වූද කුප්‍රකට ඩීල් කරුවෙකු වූ මනෝ තිත්තවැල්ල හරහා අතිවිශාල කොමිස් කුට්ටි ලබා ගනිමින් ෂෙල් ගෑස් ලංකා සමාගම වෙත විකුණා දමනු ලැබීය.
නැවතත් 2010 වර්ෂයේ මහින්ද රාජපක්ෂ රජය බලයට පත්වීමෙන් පසු මෙම සමාගම රජයට පවරා ගනු ලැබීය. ලිට්රෝ ගෑස් ලංකා සමාගම නමින් නැවත වරක් ජනතා අයිතියට පත් මෙම ජාතියේ ලිපගිනි සැපයුම එදා සිට අද වන තෙක් ඉතා විශාල ලාභයක් උපයමින් ජාතික මෙහෙවර ඉටු කරන රාජ්‍ය සම්පතක් ලෙස සුරැකිව පැවතිණ.
නැවත වරක් මෙම රාජ්‍ය සම්පතට කණ කොකා හැඬීම ආරම්භ වූයේ මංගල සමරවීර මුදල් අමාත්‍යවරයා වීමෙන් අනතුරුවයි. තවත් වටයකින් මුදල් අමාත්‍යාංශයේ උපදේශක වරයෙකු වන කුප්‍රකට ඩීල්කාර මනෝ තිත්තවැල්ල මංගල සමරවීර සමඟ එක්වී අලුත් හැඩයකින් දෙවන වරටත් මේ ජාතික සම්පත විකුණා දමා අති විශාල කොමිස් ගැහිල්ලකට සැරසෙන බව ලිට්රෝ ගෑස් සේවක සමිති අප වෙත අනාවරණය කරයි.
සේවකයින් පෙන්වා දෙන සුවිශේෂීම කරුණ වන්නේ මෙම විකුණා දැමීමේ ක්‍රියාවලියට තදින්ම විරුද්ධත්වය ප්‍රකාශ කරන වර්තමාන අධ්‍යක්ෂ මණ්ඩලය ඉවත්කොට ඒ වෙනුවට නව අධ්‍යක්ෂකවරයෙකු ලෙස අන්තවාදී ඊබ්‍රාහිම් පන්නයේම පුද්ගලයකු වන මොහොමඩ් ෆාරුක් නැමැත්තෙක් පත් කිරීමට නියමිත බවයි.





ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...