රටේ පවතින් තත්ත්වය අනුව ප්‍රසිද්ධ ස්ථාන වලදී නිඛාබය ඇදීම නතර කරන්නැයි තමන් මුස්ලිම් කාන්තාවන්ට උපදෙස් දුන් බව සමස්ථ ලංකා ජමියතුල් උලමා සභාව පවසයි.
එසේ තිබියදී ජනාධිපතිවරයා මුහුණු ආවරණය කරගෙන යෑම තහනම් කර ඇති බවත්, තම කාන්තාවන් අදින හැටි ගැන ජනාධිපතිවරයාගේ උපදෙස් අවශ්‍ය නැති බවත් ඔවුන් කියා සිටී.
කෙසේ වෙතත් මුහුණු ආවරණය කරන පරිදි වහාබ් අන්තවාදීන්ගේ බලකිරීම මත මුස්ලිම් කාන්තාවන් පලදින නිකාබය හා බුර්ඛාව ජාතික ආරක්ෂාවට හා ජාතික සමගියට බාධාවක් බව පසු ගිය සමයේ විවිධ පාර්ශව විසින් පෙන්වා දෙත්දී අන්තවාදය වෙනුවේන්ම පෙනී සිටි අතීතයක් උලමා සබාවට හිමිය. ත්‍රස්ත ප්‍රහාරය එල්ලවූ අවස්ථාවේ රටතුළ උද්ගතව ඇති තත්ත්වය මත, අඩියක් පස්සට ගනිමින් අවස්ථානුකූලව ‘තාවකාලිකව‘ නිකාබය ඉවත් කරගැනීමට ඔවුන් කටයුතු කළද, ස්ථීර තහනනමකට එකග නොවන බවට, ජනාධිපතිවරයා පැනවූ නීතියට අභියෝග කිරීම තුළින් පෙනී යයි.
පසුගිය දින කිහිපය පුරා මාධ්‍ය ඉදිරියේ හඩා වැටෙමින් අමුතුම සංහිදියාවක් මවා පෑ උලමා සභාවේ සාමාජිකයන් ත්‍රස්ත ප්‍රහාරයේ උනුසුම මැකී යමින් පවතිද්දී සිය සුපුරුදු අන්තවාදී ස්වරූපය පෙන්නුම් කරමින් සිටින බවත්, රට තුල සැබෑ සහජීවනයක් ඇති කිරීමට උවමනාවක් ඇත්නම් ඔවුන් කළ යුතු වන්නේ රට ඉදිරියේ කිඹුල් කදුළු හෙළමින් අනිත් පසින් අන්තවාදය ආරක්ෂා කිරීම නොව, අන්තවාදයට එරෙහිව මුස්ලිම් ජනතාව පෙළගැස්වීම බවද විචාරකයන් පවසති.
මෙම ප්‍රකාශය සිදු කල මවුලවිතුමගේ සම්පුර්ණ ප්‍රකාශයද අප මෙලෙස ඔබට ඉදිරිපත් කරන්නෙමු
ජනාධිපතිතුමා අපිට කියන්න ඕන නෑ අපේ ස්ත්‍රීන් කොහොමද අදින්න ඕන කියලා.මෙම ප්‍රකාශය සිදු කල මවුලවිතුමගේ සම්පුර්ණ ප්‍රකාශයද අප මෙලෙස ඔබට ඉදිරිපත් කරන්නෙමු
Gepostet von Ada Derana 24×7 am Dienstag, 30. April 2019
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...