දේශීය පුවත්

‘ෆොනී’ සුළි කුණාටුව ඉදිරි පැය 12 තුලදී ඉතා චණ්ඩ සුළි කුණාටුවක් දක්වා වර්ධනය වේ. වී ඊළඟ පැය 12 තුළ ඉතා චණ්ඩ සුළි කුණාටුවක් වේ යැයි ද මෙම පද්ධතිය තවදුරටත් වර්ධනය වෙමින් උතුරට බරව ඊසාන දෙසින් ඉන්දියාවේ ඹරිස්සා වෙරළ දෙසට ගමන් කරනු ඇතැයි කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව අද දින (30) නිවේදනය කර ඇත.

නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ, ශ්‍රී ලංකාවට ඊසාන දෙසින් පවතින ‘ෆොනී’ සුළි කුණාටුව අද (30) වන විට ත්‍රිකුණාමලයට ඊසාන දෙසින් කි.මී 640 ක් පමණ දුරින් උතුරු අක්ෂාංශ 11º.1′ ත් නැගෙනහිර දේශාංශ 86º.5′ ත් ආසන්නව ස්ථානගතව පවතින බව එම නිවේදනයේ සදහන් වේ.

ශ්‍රී ලංකාවට දකුණු, ගිණිකොණ, නැගෙනහිර, සහ ඊසාන දෙසින් වන ගැඹුරු මුහුදු ප්‍රදේශවල පැයට කි.මි 70-80 දක්වා වන සුළං හැමිය හැකි අතර ඇතැම්විට විටින් විට පැයට කි.මි 100 දක්වා වන3 ප්‍රහාරාත්මක සුළං ඇතිවිය හැකි බවත් එම මුහුදු ප්‍රදේශ ඉතා රළුවිය හැකි බවත් නිවේදනය කර ඇත. පද්ධතියේ කේන්ද්‍රයේ සිට කිලෝමීටර් 300 ක් දක්වා මුහුදු ප්‍රදේශයේ සුළං වේගය පැයට කි.මි 130 ත් 140 ත් දක්වා වැඩිවිය හැකි බැවින් ශ්‍රී ලංකාවට වයඹ, නිරිත, දකුණු, ගිණිකොණ, නැගෙනහිර, ඊසාන සහ උතුරු දෙසින් වන මුහුදු ප්‍රදේශවල ධිවර සහ නාවික කටයුතු වලින් වළකින ලෙස ධීවරයන්ට උපදෙස් දී ඇත.

එසේම නිරිත දිග බෙංගාල බොක්ක ප්‍රදේශයේ උතුරු කොටසේ සිටින ධිවරයින් සහ නාවුකයින් ආරක්ෂිත මුහුදු ප්‍රදේශ වෙත ගමන් කරන මෙන් ද උපදෙස් ලබාදී ඇත.

දිවයිනේ බොහෝ ප්‍රදේශවල තද සුළං සහ තද වැසි තත්වය අද(30) සහ හෙට(01) දිනවලදී පැවතිනු ඇතැයි ද අද දිනයේදී දිවයින හරහා විශේෂයෙන් උතුරු, උතුරුමැද, ඌව සහ දකුණු පළාත්වලත් පුත්තලම, ත්‍රිකුණාමලය සහ අම්පාර දිස්ත්‍රික්කවලත් පැ. කි. මි.60 දක්වා විටින් විට හමන තද සුළං බලාපොරොත්තු වන බවත් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තු විසින් නිවේනදය කර ඇත.

දිවයිනේ බොහෝ ප්‍රදේශවල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. නැගෙනහිර, ඌව, සබරගමුව, මධ්‍යම, දකුණු, බස්නාහිර සහ වයඹ පළාත්වල සහ මන්නාරම දිස්ත්‍රික්කයේ සමහර ස්ථානවලට මි.මී.150 ට වැඩි ඉතා තද වර්ෂාපතනයන්ද සෙසු පළාත්වල මි.මී. 100 ක පමණ තද වර්ෂාපතනයන් ඇති විය හැක.

එසේම කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් මේ සම්බන්ධව නිකුත් කරන ඉදිරි නිවේදන පිළිබඳ අවධානය යොමුකරන ලෙස කලාගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මහජනතාවගෙන් සහ ධීවර හා නාවුක ප්‍රජාවගෙන් ඉල්ලා සිටියි.

ඕනෑම හදිසි තත්වයක දී 117 යන හදිසි ඇමතුම් අංකය අමතන ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය මහජනතාවගෙන් ඉල්ලා සිටී.

– ජනක හදුන්පතිරාජ



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More