ව්‍යාපාරික පුවත්

මෙරට ක්‍රියාත්මක බලපත්‍රලාභී බැංකු හා බැංකු නොවන මුල්‍ය ආයතන විසින් තැන්පත් සඳහා ලබාදෙන පොලී අනුපාත පහත දමන්නැයි ශ්‍රී ලංකා මහබැංකුව ඉල්ලීමක් කරයි.

තැන්පතු සඳහා ලබාදෙන පොලිය අඩුකරන අතර, නව ව්‍යාපාර ආරම්භ කිරීමට පවත්නා ව්‍යාපාර දියුණු කරගැනීමට ද අඩු පොලී අනුපාත යටතේ අරමුදල් සපයන්නැයි ද මහ බැංකුව ඉල්ලා සිටියි.

මෙරට ක්‍රියාත්මක වාණිජ බැංකු හා බැංකු නොවන මුල්‍ය ආයතන සියල්ලටම වැඩි වැඩියෙන් සුළු හා මැදි පරිමාණ ව්‍යවසායන්ට ණය මුදල් ලබාදීමට හැකියාව ලැබෙන පරිදි මහබැංකුව තීරණ ගෙන තිබේ. ඒ නම් බැංකු විසින් මහ බැංකුවේ තැන්පත් කළ යුතු ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය පහත දැමීම මතය.

ඒ පිළිබඳව අදහස් දක්වන ශ්‍රී ලංකා මහ බැංකුව මෙසේද කියා සිටියි.

වෙළඳපොළ ද්‍රවශීලතාව වර්ධනය කිරීම සඳහා ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය පහත හෙළීම සහ එක්දින පොලී අනුපාතික අඩු කිරීම සඳහා ක්‍රියාමාර්ග ලබාගෙන තිබියදී බලපත්‍රලාභී බැංකු හා බැංකු නොවන මූල්‍ය ආයතන මගින් ණය ලබාදීමේදී අධික පොලී අනුපාත අය කිරීම සහ තැන්පතු සඳහා ඉතා ඉහළ පොලී අනුපාත ලබාදීම ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිරීක්ෂණය කර ඇත. විශේෂයෙන්ම, මනා ලෙස පාලනය කරන ලද උද්ධමනයක් හා උද්ධමන අපේක්ෂාවක් පවත්වාගෙන යනු ලබන වටපිටාවක් තුළ, ශ්‍රී ලංකාවේ මූර්ත පොලී අනුපාත කලාපයේ අනෙකුත් ආර්ථිකයන් හා සැසඳීමේදී අධිකව පවතින බව පෙනී යන කරුණකි.

ඒ අනුව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් බලපත්‍රලාභී බැංකු හා බැංකු නොවන මූල්‍ය ආයතන විසින් තැන්පතු සඳහා ලබාදෙනු ලබන පොලී අනුපාත පහත දමන ලෙසට ඉල්ලීමක් කරන ලද අතර එමගින් මූල්‍ය අංශය හරහා මුදල් ප්‍රතිපත්ති සම්ප්‍රේෂණය කඩිනම් කිරීමට සහ ඒ අනුව බලපත්‍රලාභී බැංකු විසින් විශේෂයෙන් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරවලට හා පොදුවේ ණය ලබාදීමේදී අය කරන පොලී අනුපාත පහත හෙළීම මගින් මූර්ත ආර්ථිකය වෙත ණය ප්‍රවාහ ඉහළ නැංවීමට අපේක්ෂා කෙරේ.

බලපත්‍රලාභී බැංකු හා බැංකු නොවන මූල්‍ය ආයතන මගින් ඉතිරි කිරීමේ සහ මාස 3ට අඩු අනෙකුත් තැන්පතු සඳහා ලබාදෙන පොලී අනුපාත නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතය මත පදනම් වන අතර එයට වඩා වැඩි කාලසීමාවකින් යුතු තැන්පතු සඳහා පොලී අනුපාත දින 364 භාණ්ඩාගාර බිල්පත් අනුපාතය මත පදනම් වනු ඇත. වයස අවුරුදු 18 ට අඩු ළමුන් සඳහා වන ඉතිරි කිරීමේ ගිණුම් සහ ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ වසරකට හෝ ඊට වැඩි කාල සීමාවකින් යුතු ස්ථීර තැන්පතු සඳහා පදනම් අංක 50ක් (50 basis points) දක්වා අමතර පොලියක් ලබාදීමට බැංකු හා බැංකු නොවන මූල්‍ය ආයතනවලට හැකියාවක් ඇත. මෙයට අමතරව බැංකු නොවන මූල්‍ය ආයතන විසින් නිකුත් කරනු ලබන ණය උපකරණ සඳහා ද උපරිම පොලී අනුපාත සීමාවන් අදාළ වේ. මෙකී ක්‍රියාමාර්ග ගන්නා අතරතුර තැන්පතුකරුවන් හට සැලකිය යුතු මූර්ත ප්‍රතිලාභයක් ලැබෙන පරිදි තැන්පතු පොලී අනුපාත තරඟකාරීව පවත්වාගෙන යනු ඇතැයි අපේක්ෂා කෙරේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More