දේශීය පුවත්

මුස්ලිම් භක්තිකයින්ගේ රාමසාන් සමය ආරම්භ වීමට පෙර යලිත් වරක් ඉස්ලාමිය අන්තවාදීන්ගේ ප්‍රහාරයක් රට තුල එල්ල වීමේ අවධානමක් ඇති බවට ආරක්ෂක අංශ උපුටා දක්වමින් රොයිටර් පුවත් සේවය වාර්තා කරයි.

මේ අතර ඉකුත් පාස්කු ඉරිදා දින එල්ලවූ මරාගෙන මැරෙන ත්‍රස්ත ප්‍රහාර මාළාව සිදුකළ ඉස්ලාමිය අන්තවාදී කණ්ඩායම ඉදිරියේදී යලිත් වරක් ප්‍රහාරයක් දියත් කිරීමේ හැකියාව පවතින බවට මෙරට අමෙරිකානු තානාපතිවරිය සඳහන් කර සිටියි. රොයිටර් පුවත් සේවය සමග පැවති සම්මුඛ සාකච්ජාවකදී මේ පිළිබදව අදහස් දැක්වූ අමෙරිකානු තානාපතිවරිය සඳහන් කරන්නේ එම අන්තවාදී මුස්ලිම් කණ්ඩායම රට තුල ව්‍යාප්තව සිටින බවය.

” මෙම ක්‍රියාකාරීන් අත්අඩංගුවට ගැනීම සඳහා මේ වන විට දැවැන්ත මෙහෙයුමක් ක්‍රියාත්මකයි, නමුත් මේ කතාවේ අවසානය මෙය කියා මා විශ්වාස කරන්නේ නැහැ. අපි විශ්වාස කරනවා ඔවුන් ඉදිරි ප්‍රහාරයක් සඳහා සැලසුම් සකස් කරමින් සිටින බවට. මෙම සක්‍රිය ප්‍රහාරකයින් සම්පුර්ණයෙන්ම අක්‍රිය වී ඇති බවට අපට විශ්වාස කරන්න හැකියාවක් නැහැ. දැනට FBI නියෝජිතයින් මෙරට සිදුවෙමින් තිබෙන විමර්ශන වලට සක්‍රිය දායකත්වය ලබාදී තිබෙනවා. ඒ කරුණු ගැන වැඩියමක් ප්‍රකාශ කිරීමට මෙය අවස්ථාව නොවෙයි” අමෙරිකානු තානාපති ඇලිනා ටෙප්ලිට්ස් සඳහන් කර සිටිනවා.

විදේශිකයින් 42ක් ඇතුළු පුද්ගලයින් 250කට අධික සංඛ්‍යාවකට මරු කැඳවමින් සිදුවූ මරාගෙන මැරෙන ප්‍රහාරයෙන් පසුව රටේ ජාතික ආරක්ෂාව මේ වන විට තරකර ඇති බවත් අන්තවාදී කණ්ඩායමේ ක්‍රියාකාරීන් සොයා සිදුකරන මෙහෙයුම් දිගින් දිගටම සිදුකරමින් සිටින බව ආරක්ෂක අංශ පවසයි.

රාමසාන් සමය මැයි මස 06 වෙනිදා ආරම්භ වීමට නියමිතය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More