දේශීය පුවත්

කොළඹ හා මඩකලපුව ප්‍රදේශයන්හි එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයන්ට සම්බන්ධ ත්‍රස්ත සැකකරුවන් උතරේ ස්ථාන කිහිපයක සැගව ඇති බවට ආරක්ෂක අංශ වෙතට බුද්ධි තොරතුරු ලැබීමත් සමග මේ දිනයන්හි පුලුල් සෝදිසි මෙහෙයුම් දියත් කොට ඇත.

මේ අනුව යුද හමුදා සෙබලුන් විසින් වව්නියාවේ මුස්ලිම් ගම්මාන කිහිපයක් හදීසි සෝදිසි පරික්ෂාවකට ලක් කල අතර වව්නියාව නගරයේ මේ දක්වා සිදු කරන ලද සොදිසි මෙහෙයුම් වලදී සැකකටයුතු පුද්ගලයින් 13 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව යුද හමුදාව පවසයි.

එමෙන්ම මන්නාරම් දිස්ත්‍රීක්කයේද සිදු කරන ලද හදීසි සෝදිසි පරික්ෂාවකින් සැකකටුයු පුද්ගලයින් 12 දෙනෙකු යුද හමුදාව විසින් අත්අඩංගුවට ගෙන ඇත.

ත්‍රස්ත ක්‍රියාවන්ට සම්බන්ධ සැකකරුවන් උතුරේ මුස්ලිම් ගම්මානයන්හි සැගව සිටින බවට තොරතුරු ලැබීම හේතුවෙන් එම ගම්මානයන්හි නිවාස තුල ආගමික ස්ථාන ඇතුලු ස්ථානයන් පූර්ණ සෝදිසියකට ලක් කිරීමට උතුරේ ආරක්ෂක අංශ විසින් පියවර ගෙන ඇත.

– වන්නි රොමේෂ් මධුෂංඛ



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More