දේශීය පුවත්

පාස්කු ඉරිදා දින එල්ලවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය හෙළා දකිමින් විදෙස් ගත ශ්‍රී ලාංකිකයන් විසින් පැරිස් නුවර Place de la République යන ස්ථානයේ පසුගියදා මහා උද්ඝෝෂණයක් පැවැත්විය.

මෙම උද්ඝෝෂණයට ප්‍රංශයේ ප්‍රධාන සංඝ නායක අතිපූජනීය පරවාහැර චන්ද්‍රරතන ස්වාමීන් වහන්සේ, මුස්ලිම් ආගමේ මවුලානා මවුලවිතුමා සහ ද්‍රවිඩ පූජකතුමා ඇතුළු විදෙස්ගත දේශහිතෛෂී ශ්‍රී ලාංකිකයන් විශාල පිරිසක් සහභාගී වූ අතර අයහපත් කාලගුණ තත්වය යටතේ වුවද ඔවුන් තම විරෝධය ආගමික ත්‍රස්තවාදයට සහ පවතින ආණ්ඩුවට එරෙහිව දැඩිව ප්‍රකාශ කළහ.

මෙහි විශේෂත්වය වී ඇත්තේ ප්‍රංශයේ ජීවත් වන සියලුම ජාතීන්ට අයත් ශ්‍රී ලාංකිකයන් එකට අත්වැල් බැඳගෙන හඬ නැගීමය.

උද්ඝෝෂණය දිනයේ දී අත්සන් කළ පෙත්සම ඉදිරි දිනයකදී ශ්‍රී ලංකා තානාපතිවරයාට බාරදීමට නියමිතය.

මහේෂ් පීරිස් ප්‍රංශයේ සිට



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More