දේශීය පුවත්

පාස්කු ඉරිදා ශ්‍රී ලංකාවේ එල්ල කරන ලද ප්‍රහාරයන් සිය අවසන් බල කඳවුර වූ බගූස් බිඳ වැටීමේ පළිගැනීමක් බව ISIS නායක අබු බකර් අල්-බග්දාදි පවසයි.

සිරියාව සහ ඉරාකයේ කොටසක් එකතු කරමින් නිර්මාණය කළ ඉස්ලාම් රාජ්‍යයේ මොසුල් නගරයේ සිට තම සිහින රාජ්‍ය වෙනුවෙන් මුල් පියවර තැබූ බග්දාදි, 2014 වසරින් පසුව යළිත් ප්‍රථම වරට ප්‍රසිද්ධියේ පෙනී සිටීමද විශේෂත්වයකි.

එහිදී, ඔහු පවසන්නේ ඉස්ලාම් රාජ්‍ය බිඳ වැටීමේ පළිය ගැනීම තම අරමුණ බව යැයි රොයිටර් පුවත් සේවය පවසයි.

මෙම වීඩියෝවෙන් පසුව ඔහුගේ රුව නොමැතිව හඬ පටයක් පමණක් පවතින අතර, එහිදීද ඔහු ශ්‍රී ලංකා ප්‍රහාරය සම්බන්ධයෙන් කතා කරයි.

අවාද් ඊබ්‍රාහීම් අල්-බද්‍රි ඔහුගේ සැබෑ නම වන අතර, පසුගිය වසරේ අගෝස්තු මාසයේදී ඔහුගේ හඬ පටයක් අවසන් වරට නිකුත් විය.

එමෙන්ම, ඔහු ප්‍රහාරයන්ගෙන් මියගිය බව කිහිප වරක්ම ඇමෙරිකාව පවසා සිටියත්, ඔහු වරින් වර හඬ තුළින් පමණක් මතුව තමා තවදුරටත් ජීවත්ව සිටින බව සනාථ කළේය.

කෙසේ වෙතත්, මෙම වීඩියෝව කවර දිනක පටිගත කරන ලද්දක් දැයි පැහැදිලි කර නැතත්, එය අප්‍රේල් මාසයේදී නිකුත් කෙරුණු එකක් බවත් එය වඩාත් තහවුරු කරගැනීමට ඇමෙරිකානු බුද්ධි අංශ ක්‍රියාකරමින් සිටින බවත් සී.එන්.එන්. පුවත් සේවය පවසයි.

මෙම වීඩියෝ පටය එම ත්‍රස්ත සංවිධානයේ අල්-ෆුර්ඛාන් මාධ්‍ය ජාලය හරහා නිකුත් කර ඇති බවද විදෙස් වාර්තා වැඩිදුරටත් පෙන්වා දෙයි.

මේ ගැන විදේශ මාධ්‍ය විසින් නිකුත් කල සජීවී විඩීයෝ පටය මෙතනින්..



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More