දේශීය පුවත්

පාස්කු ඉරිදා සංහාරය මෙහෙය වූ අපරාධ කල්ලියට සහාය දෙන මැති ඇමැතිවරුන් කවුරුන් හෝ සිටී නම් ඔවුන් අත්අඩංගුවට ගෙන නීතිය හමුවට ඉදිරිපත් කළ යුතු යැයි මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමෝ පැවසූහ. සිද්ධිය සම්බන්ධයෙන් සෑහීමට පත්විය හැකි කි‍්‍රයාමාර්ග ආණ්ඩුව නොගන්නේ නම් ජනතාව සමඟ පාරට බැසීමට සිදුවන බව ද උන්වහන්සේ සඳහන් කළහ.

කොළඹ අගරදගුරු මැඳුරේ ඊයේ (29 දා) පැවති මාධ්‍ය හමුවකදී මේ බව ප‍්‍රකාශ කළ කාදිනල්තුමා මෙම අපරාධකරුවන් පිටුපස සිටි ඇතැම් පිරිස් රටින් පැනගොස් ඇති බවට සැකයක් පවතින බව ද කීවේය.

සිද්ධිය සම්බන්ධයෙන් පරීක්‍ෂා කිරීම සඳහා ජනාධිපති කොමිෂන් සභාවක් පත්කර ඇති නමුත් ඉන් සිදු වූ කාර්යය පිළිබඳ මෙතෙක් කිසිදු තොරතුරක් දැනගැනීමට නැතැයි ද එම කොමිසම පිළිබඳව සෑහීමකට පත්විය නොහැකි යැයි ද උන්වහන්සේ කීහ.

එහිදී මාධ්‍යවේදියකු ඇසූ පැනයකට පිළිතුරු දුන් කාදිනල්තුමා මෙම ස්වාධීන කමිටුවට මහා සංඝරත්නය යොදාගත්තාට වරදක් නැතැයි ද සඳහන් කළේය.

මෙම කල්ලියට ආයුධ රැස් කිරීම සඳහා උදව් දෙන පොලිස් හෝ රේගු නිලධාරීන් සිටින්නේ නම් ඔවුන්ව ද අත්අඩංගුවට ගන්නා ලෙස කාදිනල්තුමා ඉල්ලා සිටියේය.

කාදිනල්තුමා මෙසේ ද කීහ,

ඊළඟ ඡුන්දයට මුහුණදෙන ආකාරය ගැන නොසිතා අද රට වැටී ඇති තත්ත්වයෙන් ගොඩ ගැනීමට සියලූම දේශපාලන පක්‍ෂ එකමුතුව ක‍්‍රියා කළ යුතුයි.

ආණ්ඩුව තාමත් ලකුණු දාගන්න උත්සාහ ගන්නවා. වැරදි වහගන්න එක එකාට චෝදනා කරගන්නවා.

අද සිදුවී තිබෙන තත්ත්වය පිළිබඳව අප සෑහීමකට පත්වෙන්නේ නැහැ. ඔත්තු ලැබෙන ආකාරයට පරීක්‍ෂා කරනවා වගේම ගෙයින් ගෙට නිවෙස් පරීක්‍ෂා කිරීමේ වැඩපිළිවෙළක් ක‍්‍රියාත්මක කළ යුතුයි. ඒ අනුව සැඟ වූ ආයුධ සොයාගන්න පුළුවන්.

මෙසේ පරීක්‍ෂා නොකර ඔත්තු ලැබෙන තුරු බලා ඉඳලා කරන වැටලීම්වලින් පමණක් උදාවී තිබෙන තත්ත්වය මැඩලීමට හැකි වෙන්නේ නැහැ.

නිසි ආකාරයෙන් මේ පිළිබඳව ආණ්ඩුව ක‍්‍රියාශීලී විය යුතුයි. ඒ කාර්යය ජනතාවගේ අතින් සිදුවෙන්න කලින් ආණ්ඩුව ක‍්‍රියාශීලී විය යුතුයි.

මේ මොහොතේ රටේ ජනතාව ඉතාමත් සිහිබුද්ධියෙන් ක‍්‍රියා කළ යුතුයි. ඔවුන් කලබල කළේ නැහැ. ඊට අපි ජනතාවට ස්තුතිය පළ කරනවා.

ඉත්තෑපානේ ධම්මාලංකාර හිමියෝ ද මෙම අවස්ථාවේ මාධ්‍ය අමතමින් මෙසේ කියා සිටියහ.

මෙම සිද්ධියෙන් පසු රටේ ජනතාව ඉතා සාමකාමීව සහයෝගය ලබාදුන්නා. ආණ්ඩුවේ ඉහළ උදවිය ජනතාවට තෘප්තියක් ලැබෙන ආකාරයට ක‍්‍රියා කළ යුතුයි.

ගලගොඩඅත්තේ හිමිපාණන් විප්ලවකාරයෙක් නොවේ. උන්වහන්සේ රටේ සිදු වූ මෙවැනි ප‍්‍රශ්නවලට විසඳුම් ඉදිරිපත් කළා. ඒත් උන්වහන්සේ පිළිබඳව සමහරු එක එක විදියට අවබෝධ කරගත්තා.

ආගමික වශයෙන් අප කවුරුත් එකමුතුව රට වෙනුවෙන් මේ මොහොතේ ක‍්‍රියා කළ යුතුයි.

ජනාධිපතිවරයා විසින් මේ පිළිබඳව පත් කළ කොමිසම පිළිබඳව සෑහීමකට පත්විය නොහැකි බව ද උන්වහන්සේ සඳහන් කළහ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More