දේශීය පුවත්

අද (29) දින හෝමාගම අධිකරණයට ඉදිරිපත් කරනු ලැබූ පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි යළි බන්ධනාගාරය වෙත රැගෙන යන අවස්ථාවේදී විශේෂ ප්‍රකාශයක් කරන ලදී.

මොකුත් කියන්න ඕනේ නැහැ… වෙසක්, පොසොන්… මේ ප්‍රශ්න ඉවර වෙනකන්, කිසිම උත්සවයක්… කිසිම පිංකමක්… කරන්න දෙන්න එපා ලංකාවේ. පන්සල් පනහකට මරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ල කරන්න නියමිතව තියෙනවා. ඒ තොරතුරු ඕනි නම් ගන්න එන්න බන්ධනාගාරයට.”

අතුරුදහන් වී සිටිනවා යැයි සැලකෙන ප්‍රගීත් එක්නැලිගොඩගේ බිරිඳට බැන තර්ජනය කිරීම සම්බන්ධයෙන් අද (29) දින හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයේදී බොදු බල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමිට විරුද්ධව තිබූ නඩුව කැඳවනු ලැබු අතර මීට ඉහතදී හෝමාගම මහේස්ත්‍රාත්වරයා විසින් ඥාණසාර හිමි වැරදිකරු කරමින් ලබාදුන් තීන්දුවට එරෙහිව ගලගොඩඅත්තේ ඥානසාර හිමි හෝමාගම මහාධිකරණයේදී ඇපෑලක් ඉදිරිපත් කරනු ලැබූ අතර හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණය විසින් ලබාදුන් මාස හයක සිර දඬුවම එහිදී අත්හිටුවනු ලැබීය.

කෙසේ වෙතත් මහේස්ත්‍රාත් අධිකරණය විසින් සන්ධ්‍යා එක්නැලිගොඩට රුපියල් 50,000 ක වන්දි මුදලක් සහ ඥානසාර හිමිට එරෙහි ව තිබුණු චෝදනා දෙකට රුපියල් එක්දහස් පන්සියය බැගින් වූ දඩ මුදල් දෙකක් එනම් රුපියල් 3000 දඩ මුදල ගෙවීමට නියෝග කර තිබුණු අතර අද (29) දින එම මුදල් ගෙවනු ලැබිණි.ඒ අනුව මෙම නඩුව අද දින අවසන් විය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More